නොවැසි වැසි අවැසි යැයි හිතුණාට හදවතට
ඉඩෝරය දැන් හුරුය මල් කුමට පොළොවකට
හීන දළුලා වැඩෙන අවසාන තත්ත්පරය
මඟහැරුණු කළුවරක නාඬන්න ජීවිතය
නළල මත තබා ගිය ප්‍රේමයේ මුද්‍රාව
කොයි තරම් උණුහුම්ද තවම මගෙ හිත ගාව
ප්‍රාණසම ප්‍රේමයෙන් බැඳුණෙ මං විතරක්ද
කඳුළ හරි සීතලයි මහා වැස්සට වැඩිය
හමුවෙච්ච දා ඉඳන් මං මගේ විතරක්ද
ළය ලෙයට කැලතිච්ච හුස්මකත් නුඹ තාම
සිය දහස් දස දහස් වාරයක් රිදෙව්වට
මම තවම ආදරෙයි නුඹ දන්නෙ නෑ තවම
කවියකට අකුරු කර හදවතේ ගින්දරම
ඇස් වසා සැනසෙන්න ඉසිඹුවක් සොයමි මම
කියා දෙනවද හෙමින් ආදරය කියන්නෙම
තැවෙන තැන් රිදෙන තැන් දරාගත් පොළොවක්ද?
• සංජු