ඔන්න මචෝ! අදY Trend එකෙන් අරන් ආවා සුපිරිම Trend එකක් ගැන කතාවක්! ඒ තමයි සමාජ මාධ්‍ය පුරා දැන් හොල්මන් කරන AI වීඩියෝ සීන් කෝන් එක. මේ සීන් එක දවසින් දෙකෙන් නැගලා ආපු එකක් නෙවෙයි. මේක පස්සෙ ඉතිහාසයක් තියෙනවා. නමුත් මෑත අවුරුදු දෙක තුනේ සහ මේ මාස කිහිපයේ තමා මෙච්චරම සීන් එක නැගලා යන්නෙ.
දැන් Tik Tok, Instagram, YouTube වගේ තැන්වල හැමතැනම දකින්න ලැබෙන "cute" කාටූන් වීඩියෝ තියෙනවනේ! ඒවා බොහොමයක් දැන් AI වලින් නිර්මාණය කරපු ඒවා. අර පූසෙක්ට වෙන අකරතැබ්බ ගැන තියෙන වීඩියෝ සීන් එක සෑහෙන ප්‍රසිද්ධයි. ගොඩක් වෙලාවකට Reels සහ Stories වල මේ සීන් එක දැකගන්න පුළුවන්. ඇත්තටම එක අතකට මුදල් හොයන්න පාවිච්චි කරන, ආකර්ෂණීය වීඩියෝ වර්ගයක් විදිහට මේ AI Video හඳුන්වන්න පුළුවන්.
Animation Software පාවිච්චි කරලා වීඩියෝ එකක් හදනවා කියලා කියන්නේ, මීට කාලෙකට කලින් ලොකු පුහුණුවක්, ලොකු දැනුමක් එක්ක කරන්න ඕනෑ වැඩක්. ඒ නිසාම ලොකු කර්මාන්තයක් මේ සීන් එක පිටිපස්සෙ තිබුණා. මුලදි ඔය කාටූන් වගේ වැඩ මිනිස්සු භෞතිකව මහන්සිවෙලා තමා නිර්මාණය කළේ. පස්සේ මේකට තාක්ෂණය කලවම් වුණා. පරිගණක යුගය ආවට පස්සේ පරිගණක වැඩසටහන් ඇතුළේ මේ දේවල් කරන්න අවස්ථාව සැලසුණා. ඇත්තටම මචෝ චලන රූපයක් නැත්තම් වීඩියෝ එකක් නිර්මාණය කරනවා කියලා කියන්නේ ගොඩක් සංකීර්ණ වැඩක් විදිහටයි සැලකුණේ.
AI මොළයකට text prompt එකක් දුන්නම මිනිත්තු කිහිපයකින් කාටූන් නැත්නම් යථාර්ථයට ගොඩක් සමාන වීඩියෝවක් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සුදෝ හිතලා බලන්න, "blue cartoon cat dancing on a rainbow" කියලා type කළාම, ලස්සන පාටවලින් ඒ සීන් එක AI එකෙන් හදලා දෙනවා! මේක ලෝකයේ Creative field එකම වෙනස් කරන Game Changer සීන් එකක් මචෝ. Photo වලටත් පණ දීලා AI Video බවට පරිවර්තනය කරන්න පුළුවන්. සුදාලත් අන්තර්ජාලයේ සැරිසරනවානම් මේ ජාතියේ වීඩියෝ ඕනෑතරම් දැකලා ඇති.
ඇයි මේ Trend එක මේ කාලේ මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? මචෝ ඕකට උත්තරය ලේසියි. පරණ කාලේ වීඩියෝ එකක් හදන්න Graphics දන්න, ඒවාට පහසුකම් තිබුණු කට්ටියට විතරයි පුළුවන් වුණේ. දැන් කිසිම skills නැති කෙනෙක්ට පවා පුළුවන්. ලස්සන AI වීඩියෝ එකක් හදාගන්න කියන එක ඇතුළේ වෙනම ආතල් එකක් දැනෙනවා. සාමාන්‍යයෙන් නිර්මාණකරුවා ලොකු මහන්සියක් වෙලා නිර්මාණය කරන නිර්මාණයක් අවසානයේදී දැනෙන සතුට චුට්ටක් හරි දැනෙනවා. මේ නිසා Tik Tok, Reels, මේ සියලු platforms වල මේ Trend එක වේගයෙන් popular වෙමින් යනවා.
ඇත්තටම මේ සීන් එක ගැන කිව්වම, කොහොමද මේ වැඩේ කරන්නේ, මොකක්ද ඒ වැඩේ තියෙන category කියලත් ඔයාලට ටිකක් පැහැදිලි කරන්න ඕනෑ. නැත්නම් ආත භූත වෙලා යන්න ඉඩ තියෙනවා. සීන් එක මෙහෙමයි. ප්‍රධාන වැඩ තුනක් මේ සීන් එක ඇතුළේ කරන්න පුළුවන්.
* Text-to-Video Technology - වචන ටිකක් type කරලා සම්පූර්ණ වීඩියෝ එකක් ගන්න පුළුවන්.
* AI Animation - තියෙන රූප ටික animate කරන්න පුළුවන්.
* Personalized AI Memes - ඔයාගේ ඡායාරූපත් එක්ක මිමී නිර්මාණය කරන්න පුළුවන්.
මොන apps වලින්ද සාමාන්‍ය අයට මේ වගේ වැඩක් කරගන්න පුළුවන් වෙන්නෙ. ඔය ගැන නොකියා හිටියොත් ඒකත් ලොකු අවුලක් තමා. ඔය Tik Tok, Instagram scrolling කරද්දි දකින AI වීඩියෝ හදන්න සුපිරි apps කිහිපයක් තියෙනවා මචෝ! සමහර ඒවායේ නොමිලේ වැඩ ටික කරගන්න පුළුවන්. කොන්දේසි එහෙමම තියෙනවා. සමහර ඒවාටනම් ලියාපදිංචි වෙන්න ඕනෑ. ඒ වගේම මුදල් ගෙවන්නත් ඕනෑ.
අපි ටිකක් හොයලා බැලුවා Runway ML, Synthesia, Lumen5, Midjourney වගේ platforms දැන් ටිකක් වැඩිපුර popular වෙලා තියෙනවා. මේ apps වල cool factor එක තමයි, coding එහෙම දන්නේ නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් එක. Text prompt එකක් දාලා, ඔබ්බලා, wait කරලා - boom, ලස්සන කාටූන් වීඩියෝ එකක් ඔයාට හදාගන්න පුළුවන්. මේ වෙනකොටත් මේ වීඩියෝ හැදීමම විනෝදාංශයක් සහ ආදායම් මාර්ගයක් කරගත්ත අය ලෝකයේ ඉන්නවා. ඒ කියන්නේ මචෝ සමාජ මාධ්‍යවල, මේවා විතරක් පළ කරන Accounts හදාගෙන මේ වීඩියෝ පළ කරන අය ඉන්නවා. දැන් ලෝකයේ වීඩියෝ කියලා කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. මොකද වීඩියෝ නැරඹීම සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම දැන් රූපවාහිනියෙන් සමාජ මාධ්‍යවලට මාරුවෙලා තියෙන්නෙ. ඒ නිසාම මේ වගේ වීඩියෝ හදලත් ලොකු ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙන බව බොහොම පැහැදිලියි.
අනාගතයේ මේ Y Trend කොයි වගේ තැනකට ගමන් කරයිද? මේකත් බොහොම බරපතළව හිතලා බලන්න ඕනෑ ප්‍රශ්නයක්. ඇත්තම කතාව කිව්වොත් සුදෝ, මේක තාම baby steps එකේ තියෙන්නෙ! අපි මේ වෙනකොට රසවිඳින්නේ අලුත් දෙයක් සොයා ගැනීමේ සතුට. මේ දේවල්වල දියුණුවෙන අවස්ථා සහ කර්මාන්තයේ සිද්ධවෙන වෙනස්කම් තාමත් අපි අත්දැකලා නැහැ. අපි නිකම් සරලව බලමු මොනවගේ දේවල් ඉස්සරහට වෙන්න පුළුවන්ද කියලා.
අනාගතයේදී ඔයාට character මොන විදිහට චලනය කරන්නද, මොනවගේ expressions ද, කියලා වැඩියෙන් detail දෙන්න පුළුවන් වෙයි. දැනටමත් මේක ටිකක් කෙරෙනවා. ඒත් තාමත් සීයට සීයක් සාර්ථකයි කියලා කියන්න බෑ. දිගු වීඩියෝ නිර්මාණය වීම වැඩි වෙන්න පුළුවන්. දැනට තියෙන්නේ second කිහිපයක clips විතරයි. ඉස්සරහට minute, hour දක්වා AI වීඩියෝ එන්න පුළුවන්. මේ වැඩේට අධික බලශක්තියක් සහ විශාල වියදමක් යනවා කියන එක පැහැදිලියි. ඒ නිසයි දැනට චූටි චූටි වැඩ කරගන්න විතරක් අවස්ථාව සලසලා දීලා තියෙන්නෙ.
වීඩියෝ එක සමඟ interact කරන්න පුළුවන් වෙන system ඉස්සරහට එනවා කියලා කතාවකුත් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාමාන්‍ය Steam දැනටත් තියෙනවා. AI තාක්ෂණයත් එක්ක ඒ දේවල් සම්බන්ධ වුණාට පස්සේ ඇත්තටම පිස්සුවක් බවට පත්වේවි. අනික් සීන් එක තමා මචෝ Real ගතිය ගොඩක් වැඩි වේවි. දැනට cartoon-ish ගතියක් මේ වීඩියෝවල දැකගන්න පුළුවන්. ඒත් ඉස්සරහට මිනිස්සු real ද, fake ද කියලා වෙනස් කරගන්න බැරි තරමට AI වීඩියෝ develop වෙයි. එහෙම වුණොතින් ආතල් එක වැඩි වේවි. තවත් ඉතින් ප්‍රශ්නත් මතු වේවි.
මචෝ මම කියන්නේ මේ Trend එක අත්හරින්න එපා. හොඳට ඇහැ ගහගෙන බලාගෙන ඉන්න. මේක Big Deal එකක්! ඔයා මේ සීන් එකට සෙට් වුණොතින්, පස්සේ හොඳ ආදායමක් හොයාගන්නත් බැරිකමක් නෑ. මේ AI animated content revolution එක ඔයත් miss කරගන්න එපා. මොකද ඔයා නොදන්නවා වුණත් ඔයත් දැනටම මේකෙ කොටස්කාරයෙක් වෙලා ඉවරයි.
දැනට තියෙන AI video apps වල free trials හොයාගන්න. ගොඩක් platforms වල දවස් 7-14 අතර free trials තියෙනවා. ඒවායින් පටන් අරන් බලන්න. වැඩේ ආතල්නම් ටිකක් සෙට්වෙලා කරන්න. මොන දේ නිර්මාණය කරන්න ගියත් ඔයාගේ නිර්මාණාත්මක ගති ලක්ෂණ, අදහස් ගොඩක් වැදගත් වේවි. තව ටිකක් කල් යද්දි, මේ මුළු තාක්ෂණයම තව ලේසි වෙයි. ලේසි වෙන තාක්ෂණයක් එක්ක නිර්මාණශීලී මිනිස් බුද්ධිය එකතු කළාම, සුපිරි නිර්මාණ අනාගතයේ බිහිවෙන්න ඉඩ තියෙනවා.
ඕනෑම දේක හොඳ විතරක් නෙවෙයි, නරකත් තියෙනවා. මේ වගේ කර්මාන්ත ඇතුළේ ඉන්න නිර්මාණශීලීත්වය අඩු අයගේ රැකියා පවා අවදානමට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කතාව එච්චරම සුන්දරත් නැහැ. මේ වීඩියෝ දැනටත් විවිධ වැරදි අරමුණු වෙනුවෙන් භාවිත කරන අවස්ථා දැකගන්න පුළුවන්. පෞද්ගලිකත්වයට හානි කරන්න, අසභ්‍ය වීඩියෝ සඳහා භාවිත කරන්න ආරම්භයේදීම සමහරු AI තාක්ෂණය භාවිත කරලා තියෙනවා. හැබැයි මචෝ ඒක තාක්ෂණයේ වරදක් නෙවෙයි. මිනිස්සුන්ගේ වරදක්. ලෝකයේ ඕනෑම තාක්ෂණයක් සොයා ගැනීමක් තමන්ගේ සටකපට කූට අරමුණු වෙනුවෙන් භාවිත කරන්න මිනිස් සංහතිය ඉතිහාසයේ ඉඳලම උත්සාහ කරලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි.
ඉතින් කොහොම වුණත් මචෝ ඔයාලත් උත්සාහ කරලා බලන්න. අවධානය යොමු කරලා බලන්න. තවත් විස්තර හොයලා බලන්න. මේක සිරා ආතල් එකක් සහ ලෝකයේ සිද්ධවෙන විශාල පරිවර්තනයක්.
• චමිඳු නිසල්