ඔන්න මචෝ ඔයාලට ආතල් සුපිරි Y Trend එකක් ගෙනාවා. මේක වස්තු අපිට මඟහැරුණු සුපිරි සීන් කෝන් එකක්. මේ දවස්වල අලුත්ම Y Trend එකක් තමයි දත් විලාසිතා. කවුරුත් සාමාන්‍යයෙන් කතා නොකරන, හැබැයි ලංකාවෙත් Young Generation එක අතර ක්‍රමයෙන් පැතිරෙන සුපිරි Fashion එකක් තමයි මේ දත් විලාසිතා කියන්නෙ. මේ ගැන කතා කරද්දි ඔයාලට පට්ට ආතල් දෙයක් තේරෙන්න ඕනෑ. මේ කියන්නෙ ජනප්‍රිය Celebrity ලා පවා දැන් කරන, ලංකාවෙත් එහෙන් මෙහෙන් වෛරල් වෙන Trend එකක්!
දත් මැණික් (Tooth Gems)... දන්න අය දන්නවා, නොදන්නා අයගේ ඔළුවත් කරකවලා යනවා. මේක තමයි බ්‍රෝ දැන් උණුසුම්ම Trend එක. ලංකාවෙත් එහෙන් මෙහෙන් බුකියේ චරිත දෙක තුනක් මේ වැඩ කිඩ දාලා තිබුණා. ඔයාලට කට ඇරෙද්දි බ්ලිං ගාලා දිලිසෙන දත් දකින්න ඕනෑනම්, මේක තමයි ඉතින් කරන්න ඕනෑ. රියානා, බෙයොන්සේ වගේ ජනප්‍රිය චරිත සීන් එකේ ඉන්නෙ. හැබැයි මේක දැන් කොල්ලොත් කරනවා.
මොකක්ද මේ කරන්නෙ කියලා කිව්වොත් ටිකක් බය හිතෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න දෙයක් නෑ මචෝ. මේක හරිම සරලයි. මුලින්ම දත පිරිසිදු කරනවා. ඊට පස්සෙ ටිකක් ‘එසිඩ්’ වගේ එකක් ගානවා. ඊට පස්සෙ දත මැද හරියේ විශේෂ සිමෙන්ති දාලා ‘ක්‍රිස්ටල්’ එක්ක හෝ දියමන්ති එක්ක සවි කරනවා. ඊට පස්සෙ UV ලයිට් එකකින් තද කරනවා. ඔන්න ඉවරයි. තත්ත්පර 30 යි යන්නෙ. පට්ට ලේසියි!
ඇයි මේක පට්ට කියලා කියන්න වෙන හේතු ටිකක් තියෙනවා. කට විතරයි පෙන්නන්න ඕනෑ. කන් හෝල් හදන්න ඕනෑ නෑ, නහය විදින්න ඕනෑ නෑ, ඒ වගේම කට හරියට මැදීම කළොත් මේක මාස 1-2 ක් පවතිනවා. ඕනෑනම් ඉවත් කරගන්නත් පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍යවල මේක දාන්න පුළුවන් ‘රීල්ස්’ වගේ ඒවායෙ. දැනට ඉන්ස්ටා, ටික්ටොක්වල Hot ම Trend එකක් මේක.
කවුද සීන් එකේ රඟන්නේ? අපි දැන් බලන්න යන්නේ ඒ ගැන. US, කැනඩාව වගේම කොරියාව, ජපානය, K-pop, J-pop Celebrity ලා. ලංකාවෙත් දැන් හෙමින් හෙමින් Trend එක එනවා. මේක ගොතික් වගේම, ඒකේ ලාවට ආතල් එකක් ගන්න පුළුවන් සීන් එකක් තමයි පෙන්නුම් කරන්නෙ. ඒ නිසා ගොතික්වලට ආසා, ඒ වගේ ආතල් ගන්න බය අය මේ සීන් එකට සෙට් වෙනවා.
දත් කවච (Grillz) - රැපර්ස්ලගෙ Trend විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකත් මේ සීන් එකට අදාළ ආතල් එකක්. මේක හිප්-හොප් සංස්කෘතියේ ඉඳලා ආපු ආතල් එකක්! රන්, රිදී, ප්ලැටිනම්වලින් හදපු මේ දත් කවච අඳින්නෙ හරිම Style එකට. ඇත්තටම කිව්වොත් ලංකාවෙ තාම මේක මෙගා Trend එකක් නෙවෙයි - ඒත් ඉතින් ඉස්සරහට අනිවා එනවා මචං. (Grillz) එකේ රැපර්ස්ලා, NBA ක්‍රීඩකයෝ, සංගීතකාරයෝ අතර නම් මේක Mega hot trend එකක්.
මේක හරිම Serious case එකක්. පළමුව දත්වල ආකෘතියක් (impression) ගන්නවා. ඊට පස්සෙ ඒකට ගැලපෙන්න කවච එක හදනවා. සමහරු ඉවත් කළ හැකි ඒවා දානවා, සමහරු ස්ථිර ඒවත් දානවා. මේකට රන්, රිදී, ප්ලැටිනම් ඕනෑ වෙන නිසා මිල ගණන් නම් ටිකක් ඉහළයි. ලක්ෂ ගාණක් වියදම් වෙනවා. මේක දැම්මම කාටත් පේනවා ඔයා වෙනස් කියලා. සරලවම කිව්වොත් මේකෙන් ඔයාට ලොකු අවධානයක් ලැබෙනවා. ‘ස්ටේටස් සිම්බල්’ එකක් වගේ. සමහරු මැණික් ගල් පවා භාවිත කරලා තියෙනවා. ඒ වගේම රැපර්ස්ලා විදිහට පෙනුමක් දෙන්නත් පුළුවන්. මොකද රැප් කරන අය ගොඩක් වෙලාවට කටින් වැඩ දාන හින්දා ඒගොල්ලන්ට මේ විලාසිතා වැදගත්. හිප්-හොප් කරන අය, ගායකයෝ, NBA ක්‍රීඩකයෝ. ලංකාවේ නම් තාම එච්චර ජනප්‍රිය නැති වුණත්, රැප් සංගීතයට කැමති අයට මේක පට්ට ආතල් එකක්.
LED දත් (LED Teeth) - පාටි LEDදත් කියන්නෙත් එහෙන්පිටින්ම පිස්සුවක් මචෝ. මේක තමා බ්‍රෝ මෙගා Futuristic Trend එක. Dynamic විදිහට එළිය ඵන දත්. ඕනෑ වර්ණයක් දාගන්න පුළුවන්. Red, Blue, Green, Multi-colour - ඕනෑ විදිහට. දුරස්ථ පාලකයකින් හෝ Smart phone App එකකින් පවා පාලනය කරන්න පුළුවන්. ඇත්තටම මේ ලිපිය බලන ඔයාලට මේක අලුත්ම සීන් එක වෙන්න පුළුවන්. මොකද මේක ලංකාවේ වගේ රටවල්වල තාමත් එච්චර අවධානය දිනාගත්ත සීන් එකක් නෙවෙයි.
මෙතැනදි වැඩේ කරන්නේ මෙන්න මේ විදිහට. කුඩා එල්ඊඩී උපකරණයක් දත් මත සවි කරනවා. බැටරි හෝ USB මගින් චාජ් කරන්න පුළුවන්. පාටි එකට, Festival එකට හොඳටම ආතල් ගන්න පුළුවන්. හැබැයි මේක තාවකාලිකයි. මේක නිතර දාගෙන ඉන්න එකක් නෙවෙයි. අදාළ අවස්ථාවට ගැලපෙන විදිහට දාගන්න එකක්.
සැලෝන්වලට, කෙල්ලො කොල්ලො එකට යන තැන්වලට, පාටිවලට, Festival වලට පාටි දත් කියන්නෙ මෙගා ආතල් එකක්. සමාජ මාධ්‍යවල ‘රීල්ස් ගහන්න’, ‘ස්නැප්ස් ගන්න’ පට්ට සීන් එකක්. ඔයාට ඕනෑ විදිහට පාට මාරු කරන්න පුළුවන්. බැලූ බැල්මට මේ ‘Futuristic Trend' එක ජපානය, කොරියාව, චීනය වගේ රටවල ජනප්‍රියයි. ඒ වගේම EDM, ‘රේව් පාටි’ යන අය, ඉලෙක්ට්‍රොනික් Music festival වලදි, Halloween costumes වලට, අපේ ලංකාවෙත් Beech පාටිවලදී, ‘කොස්ප්ලේ’වලදී ඉස්සරහට මේක Tend වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල ලංකාවේත් පාටි පිස්සුව උපරිමයෙන්ම තියෙනවා. ඒ නිසා ලංකාවේ කෙල්ලෝ කොල්ලොත් හෙට අනිද්දාට පාටිවලට පාටි දත් දාගෙන බහින්න පුළුවන්.
වර්ණ දත් (Teeth Staining) - Colourful දත් Trend එක අර තරම්ම නැතත්, යම් ආතල් එකක් තියෙන ජනප්‍රිය සීන් කෝන් එකක්. හැමෝම සුදු දත්වලට කැමති වුණාට, දැන් Trend එක වෙලා තියෙන්නෙ colour දත්. මේක තාවකාලික, අර්ධ ස්ථිර හෝ ස්ථිර විදිහට කරගන්න පුළුවන්. මේක අලුත් විලාසිතාවක් නෙවෙයි. සමහර රටවල සංස්කෘතික දෙයක්. ඒත් දැන් නැවතත් ඇවිත් තියෙන්නෙ ලෝක Fashion Trend එකක් විදිහට.
තාවකාලික නම්, විශේෂ දන්ත වර්ණක පෙන්සිල්, ජෙල් හෝ දිය කළ හැකි පටි (strips) භාවිත කරනවා. මේවා පැය කිහිපයක් විතරයි පවතින්නෙ. අර්ධ ස්ථිර විදිහට ක්‍රම තියෙනවා සති කිහිපයක් පවතින. ස්ථිර කරන්න නම් වර්ණවත් ‘වෙනීර්ස්’ සවි කරන්න වෙනවා. ඇත්තම කිව්වොත් මේක කරන්නෙ Fashion වල ප්‍රකාශනයක් විදිහට. ඔයාව වෙනස් කරන දෙයක්. ගොතික් look එකට, ‘අල්ටර්නටිව් style’ වලට මේක ගැලපෙනවා. සමහර සංස්කෘතීන්හි (විශේෂයෙන් ජපානය) කළු දත් ඉතා අලංකාර ලක්ෂණයක් විදිහට සලකනවා.
ජපානයේ තියෙනවා මචෝ සම්ප්‍රදායක්, කේවා සම්ප්‍රදාය කියලා. ඉදිරිපස දත් කළු කිරීම තමා මේ සීන් කෝන් එකේදී සිද්ධ වෙන්නෙ. ඒක බොහොම ජනප්‍රිය වගේම ගොඩක් දෙනෙක් ඉඳලා හිටලා හරි දැකලා තියෙන සීන් කෝන් එකක්. මේකෙන් ආභාෂය ගත්ත ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවල්වලත් පාට දත් ජනප්‍රියයි. බටහිර රටවල ගොතික්, ඉමෝ, පංක් සංස්කෘතියේ අය, විකල්ප සංස්කෘතික කණ්ඩායම් අතරත් මේ සීන් එක ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර විට චිත්‍රපටවල එහෙමත් ඔයාලා මේක දැකලා ඇති.
දත් ගැන තවත් එක එක ජාතියේ විලාසිතා තියෙනවා. අපි ඉදිරි දවසකදි ඒ ගැනත් කතා කරමු. මචෝ මතක තියාගන්න, දත් විලාසිතා හැබැයි මුල් සෞඛ්‍යයට ගැලපෙන විදිහට කරන්න ඕනෑ. දත් මදින එක වගේ සාමාන්‍ය දත් නඩත්තුව මේවායේ තිබුණත් ඒක අමතක කරන්න එපා. නැත්නම් නරක විදිහට ගන්නත් පුළුවන්.
දැනට නම් මේ Y Trend සීන් එක එන්නෙ අපේ ලංකාවට හෙමිහිට. ඒත් ඉතින් ඔයාලට පුළුවන් පළමුවැනියා වෙන්න! Real Trend setter කෙනෙක් වෙන්න! ඒ වගේම මේකේ තියෙන අති භයානක පැත්ත අමතක කරන්න එපා. ආතල් එකක් විදියට පෙනුණත්, ආතල් කුඩු වෙන්න පුළුවන් භයානක සෞඛ්‍ය අවදානමක් මේක පිටුපස්සේ තියෙනවා කියලත් දැනටමත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවලා තියෙනවා. ඒ ගැනත් තොරතුරු ඕනෑනම් අන්තර්ජාලයේ හොයලා බලන්න පුළුවන්.
Next Y Trend එකෙනුත් මුණගැහෙමු බ්‍රෝස්!
• චමිඳු නිසල්