2025 ජනවාරි 24 වන සිකුරාදා

සුදු මහත්තයලට අලුත් ඇඳුම් ලෝකයක්

 2025 ජනවාරි 24 වන සිකුරාදා, ප.ව. 02:00 58

මචෝ අද අපි කියන්න යන්නෙ අලු‍ත්ම Fashion Trend එකක් ගැන. සමහර විට සුදාලා තාමත් අහලා නැති මේ ආතල් සීන් කෝන් එක සිරාම Y Trend එකක්. එහෙනම් කතාව මෙහෙමයි. අපි කතා කරන්නෙ Virtual Fashion හෙවත් ඩිජිටල් ඇඳුම් ගැන. තවත් තේරෙන විදිහට කිව්වොත් මාතෘකාව Virtual Fashion and Digital Clothing.

සුදාලට එකපාරටම ඒක තේරෙන්නෙ නැති, ටිකක් පුදුම හිතෙන දෙයක් වෙන්න පුළුවන්. ඒත් දැන් ලෝකයේ මේ සීන් එක ජනප්‍රිය වෙමින් තියෙන දෙයක්. Virtual Fashion කියන්නෙ මොකක්ද? අපි මුලින්ම තේරෙන විදියට ගලපගන්න උත්සහ කරමු සුදු මහත්තයෝ. ඔයාට සරල විදිහට කියනවා නම්, මේ කතා කරන්නෙ පරිගණකයේ, දුරකථනයේ හෝ ටැබ් එකේ විතරක් පළඳින්න පුළුවන් ඇඳුම් ගැන. ඈ මොන අන්ඩර දෙමළයක් ද ඒ කියලා හිතුණා නේද? චුට්ටක් ඉවසලා ඉන්නකෝ.

මේවා ඇත්ත ඇඳුම් නෙවෙයි. ඒවා තියෙන්නෙ ඩිජිටල් ලෝකයේ විතරයි. දැන් සුදු නෝනලට පුළුවන් ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් මේ ඇඳුම් මිලදී ගන්න. හැබැයි සුදු මහත්තයලා බිල ගෙවන්න බලාගෙන ඉන්න ඕනෑ. මේ ඇඳුම් සල්ලිවලට ගත්තට පස්සෙ ඔයාලගෙ ඡායාරූපයට මේ ඇඳුම් අන්දවන්න පුළුවන්. ඩිජිටල් ලෝකය ගැන ටිකක් හරි දන්න සුදාලා දන්නවා, මේක හරියටම වැඩ කරන්නෙ ‘ස්නැප්චැට් ටික් ටොක්’ වගේ ඇප්වල තියෙන  filters වගේ.

ඇත්තටම ලංකාවේ ගොඩක් සුදාලට මේ ගැන ලොකු වග විභාගයක් නෑ. අපි තමා මේ සීන් කෝන් එක පළවෙනි වතාවට ලංකාවේ කතා කරන්නෙ. හැබැයි වස්තු ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් මේ වසරේ ඉදිරි කාලය සහ ලබන වසර ඇතුළත මේ සීන් එක ලංකාවෙත් ලොකුවටම ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. අපි නිකමට බැලු‍වොත් දැනට මේ සීන් එක ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නෙ ඇයි කියලා අපි කියන සීන් කෝන් එක ඔයාලට තේරෙයි.

පළවෙනි දේ තමා පරිසරයට හානි නැහැ. මචෝ ඇත්ත ඇඳුම් හදන්න රෙදි, කම්හල්, ප්‍රවාහනය ඕනෑ වෙනවා. ඒත් මේවට එහෙම දෙයක් නැහැ හරි සිම්පල් සීන් කෝන් එකක් තියෙන්නෙ. ඊළඟ හේතුව තමයි මේ ඩිජිටල් ඇඳුම්වල මිල අඩුයි. ඇත්තටම මචෝ සාමාන්‍ය ඇඳුම්වලට වඩා මේවා ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්. ඒකට හේතුව ඉතින් ඇත්තටම මේවා හදන්න සාමාන්‍ය ඇඳුම්වලට වගේ ලොකු වියදමක් යන්නෙ නැති එක.

ඊළඟට වැදගත්ම දේ තමා Social Media වලට මේක මරුවට ගැලපෙනවා. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්වලට ෆොටෝ දාන අයට මේක හරි පහසුවක්. සුදාලා ඔයාලා හොඳටම දන්නවා, දැන් ලෝකයේ ජීවත් වෙන හැමෝටම වගේ සයිබර් ජීවිතයක් තියෙනවා. ඉතින් ඒක ඇතුළෙදි Social Media වල ගොඩක් දෙනා States දැමීම කරගෙන යනවා. එතකොට මේ ජාතියෙ ඇඳුම් කොච්චර අනාගතයේදී වැදගත් වෙයිද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ දෙයක් නෙවෙයි මචෝ.

දැනට මේ සීන් එක හොඳටම පාවිච්චි වෙන තැනක් තමයි Gaming Industry එක. සුදාලා Game සීන් කෝන් එක ගැන ටිකක් හරි දන්නවා නම්, උදාහරණ සෑහෙන්න මතක් වෙයි. ‘ෆෝට්නයිට්’ වගේ Games වල ඉන්න චරිතවලට මේ වගේ ඇඳුම් අන්දන්න පුළුවන්. ‘ෆෝට්නයිට්’ ඔස්සේ මේ ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ල වුණා. ඇත්තටම ලෝකය පුරා මේ සීන් එක ජනප්‍රිය වෙන්න මේ ගේම් එක ප්‍රධානම හේතුවක් කියලත් කියන්න පුළුවන්. Gaming ගැන දන්න අය දන්නවා මේ ගේම් ලෝකයට කොච්චර ලොකු බලපෑමක් කළාද කියන එක.

හැබැයි මචෝ අපි මේ කියන Virtual Fashion and Digital Clothing කියන සීන් එක ගේම්වල වගේ නෙවෙයි සැබෑ ලෝකයට ආවම. ඒක නිකන් තවත් Online ආතල් එකක් විදිහට ගණන් ගන්න බෑ. මේක මිනිසුන්ගේ ජීවිතවලට ඇත්තටම සම්බන්ධ බරපතළ කොටසක් බවට පත් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ ගොඩක් දෙනා අල්මාරියේ තියෙන ඇඳුම් ගැන කොච්චර හිතනවද කියලා. Shopping යන එක ගැන කොච්චර හිතනවද කියලා. එහෙම එකේ මේ සීන් එක ලෝකයේ ව්‍යාප්ත වුණාම, මේකටත් ඒ බරම ලැබෙන්න පුළුවන්.

දැනටමත් මේවා අලෙවි කරන ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ සමාගම් තියෙනවා. සුදාලා කැමති නම් ටිකක් හොයලා බලන්න පුළුවන්. DressX කියන්නෙ මේකට ප්‍රසිද්ධ වෙබ් සයිට් එකක්. ඒ වගේම Gucci, Louis Vuitton වගේ ප්‍රසිද්ධ සමාගමුත් දැන් මේ Virtual ඇඳුම් හදනවා. එතකොට මේ සීන් එකට ලෝකය වටේ ප්‍රසිද්ධ චරිතත් එකතු වෙමින් ඉන්නවා. අපි කවුරුත් දන්න අරියානා ග්‍රෑන්ඩේ - ෆෝට්නයිට් ගේම් එකේ තමන්ගේම Virtual ඇඳුම් එකතුවක් නිර්මාණය කළා. ඒ විතරක් නෙවෙයි ඇය Virtual ප්‍රසංගයකදි මේවා පැළඳලා සංදර්ශනය ඉදිරිපත් කළා. එතකොට මචෝ ට්‍රැවිස් ස්කොට් ෆෝට්නයිට් එක්ක එකතු වෙලා තමන්ගේම ඩිජිටල් ඇඳුම් ලයින් එකක් හැදුවා. දැනට තියෙන වාර්තා අනුව මචෝ මිලියන 20 කට වැඩි පිරිසක් මේවා මිලදී අරගෙනත් තියෙනවා.

කොහොම වුණත් සුදාලට කියන්න මේ සීන් එක තියෙන්නෙ තාමත් ආරම්භක අවදියේ. කෘත්‍රිම බුද්ධියත් මේ වෙද්දී මේ සීන් කෝන් එක වෙනුවෙන් ලොකුවට පාවිච්චි වෙනවා. 3D තාක්ෂණය වගේම තවත් අලු‍ත්ම තාක්ෂණික උපක්‍රම මේ සඳහා භාවිත කරන්න සමාගම් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම මචෝ මේක තව තවත් දියුණු වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම ‘මෙටාවර්ස් ’කියන Virtual ලෝකය එක්ක මේක තව ජනප්‍රිය වෙයි. ‘මෙටාවර්ස්’ එක ඇතුළෙත් ඇඳුම් නැතුව ඉන්න බැහැනෙ. අපිට ඇඳුම් අඳින්නම වෙයි. අපි ඒ Consept එක ගැනත් වෙන දවසක ලොකුවට කතා කරන්න ඕනෑ මචෝ.

කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඉදිරියේදී ඔබටත් මේ වගේ Virtual ඇඳුමක් අඳින්න ලැබෙයි. ඔයාගේ සුදු නෝනා ඩිජිටල් ඇඳුම් අඳියි. ඔයාගේ සුදු මහත්තයට ඩිජිටල් ඇඳුම් තෑගි දෙන්න වෙයි. බලාපොරොත්තුවෙන් ඉන්න. මේක සිරාම ආතල් පිස්සු සීන් කෝන් එකක්. ඒ වගේම අපිට නොපෙනෙන ලෝකයේ ලොකු Y Trend එකක්. ඒ වගේම විශ්වාසයෙන් කියන්න පුළුවන් අනාගත ලෝකයේ සාමාන්‍ය දෙයක්.

• චමිඳු නිසල්