2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

අසීමාන්තය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 102

අත අත නෑර ආ වගක්
සැතපුම් සුවහසක්
මතක නෑ හරියටම
සංසාරෙ ආ දුරක්...

ජීවිතයේ මල් වියන්
වර්ණ ගල්වා ප්‍රේමයෙන්
සිපගන්න මල් සුවඳ
සුරඟනක නොවෙයි මා...

දෙවුර දුක් පිරිපතක
වේදනා අසමාන
දනවනා සංකේත
කඳුළු අස බොහෝ ඇත...

ඔබ කොහිද මා කොහිද
නොදන්නා අනන්තෙක
පපුව මැද ගුලි ගැහුණ
මතක විතරයි සොඳුර...

කාලයේ මාවතක
ඇවිද යන ප්‍රේමයක
සුවඳ වුව සෑහේවි
සැනහෙනා පිණිස මට

I සංජු