2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

වැල්... වැල්... වැලන්ටයින්

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

Valentine පහුවුණාට අනා... ඒත් Full romance සීන් එකේ ඉන්න සුදු අම්මියලා සුදු තාත්තිලා වෙනුවෙන් Valentine Special එකක් අරගෙන ඉන්න අපි හිතුවා. මොකද මචෝ Valentine කියන්නෙ ලෝකෙ හිරිවට්ටපු පට්ට Y Trend එකක්. ඒ නිසා අපිට මේ සීන් එක මඟහැරලා යන්න බෑ හරිය.

පෙම්වතුන්ගේ දිනය... February 14 සමහර විට සුදාලත් සමරන්න ඇති. සැමරුවා නැතා කියලා නෑ සුදාලටත් දරුණුවටම ඒ දවස Click වෙන්න ඇති. කොහොම වුණත් කියන්න ඕනෑ Valentine වලට කැමති අය වගේම එච්චර කැමති නැති අයත් ඉන්නවා. "අපි ආදරෙයිනේ හැමදාමත්. ඒ නිසා අමුතුවෙන් මොකට අපිට දිනයක්" ඒ අය කියන්නේ ඔන්න ඔහොම කතාවක්.

අනික් අතට සුදු තාත්තිලා කියන විදිහට Valentine කියන්නේ සුදු අම්මියලගෙ හිතේ සතුට වෙනුවෙන් එයාලගේ අත හිඳෙන ලෝක ලෙඩක්. මේක අපේ කොල්ලො කියන කතාවක්. ඒ වුණාට මෙහෙම දෙයකුත් කට්ටියක් කියනවා. ආදරේ කරන අය වෙනුවෙන් විශේෂ දිනයක් තිබුණම මොකද වෙන්නේ, ඔය හැම එකටම දිනයක් තියෙන්නේ. 

Valentine නම් රෝස මල් තමා. රතු රෝස මල ආදරයේ සංකේතයනේ. ඒකනෙ Valentine කාලෙට රතු රෝස මල් විකිණෙන්නේ. ආදරවන්තයන් ආදරවන්තියට රතු රෝස මල් ගිහින් දෙන එක Valentine දවසේ Special සීන් එකක්. ඔන්න මේ පාර දුන්න අය, හම්බවුණු අය අත උස්සන්න බලන්න. ලැජ්ජා වෙන්න එපා සුදෝ. 

අපි ළඟදි රතු රෝස ගැන හරිම විස්තරය සුදාලට කිව්වා. ඔය රතු රෝස මල් සීන් එක එන්නේ වික්ටෝරියාගේ කාලේ ඉඳලලු. ආදරයේ දෙවඟන වන වීනස් දෙවඟනගේ ප්‍රියතම මල රෝස මලලු. රතු රෝස සීන් එක Love සීන් එකට set කළේ වීනස්. Valentine දවසේ සංකේතය රතු රෝස කියලත් ඔන්න අපිට කියන්න පුළුවන්. හැබැයි ඉතින් Valentine එක්ක බැඳිලා තියෙන හැම කතාවක්ම සුන්දර නෑ.

“රෝස මලේ නටුවෙ කටූ වන බඹරෝ ඔහොම හිටූ" ලංකාවේ රතු රෝස මල් දීලා Valentine දවසේ ගොඩක් නරක දේවල් සිද්ධ වෙනවා. මීට අවුරුදු ගාණකට කලින් කරපු Research එකකදී එළියට දාපු Data වගේම ඒ ගැන මෙහෙම කතාවක් තිබුණා. Valentine දවසේ ලංකාවේ ගෑනු ළමෝ නවදාහකගේ වගේ කන්‍යාභාවය නැතිවෙනවලු. අහපු ගමන් අම්බෝ කියවුණා නේද?

කන්‍යාභාවය අහස පොළොවට කඩාගෙන වැටෙනවා තරම් මා බරපතළ දෙයක් නෙවෙයි. අපේ සංස්කෘතියට සදාචාරයට අනුව එතැන ප්‍රශ්නයක් තියෙන බව නම් ඇත්ත. ඒත් සුදෝ මේක පිටුපස තියෙන්නෙ වෙන කතාවක්. මේ දවසට අතිශය බහුතරයක් නව යෞවන යෞවනියන් අනවබෝධයෙන් තමා මේ දේවල් කරන්නේ. 

ඒ වගේම බහුතරයක් තරුණියෝ මේ දවසේ රුවටෙනවා. හෝටල් කාමර ඇතුළේ අතවරයට දූෂණයට ලක්වෙනවා. ආදරයේ නාමයෙන් සිද්ධවෙන මේ දේවල් එයාලගේ ජීවිතවලටත් විශාල විදිහට බලපානවා. මේක තමයි මචෝ ලංකාවේ Valentine පිටිපස්සේ තියෙන දුක හිතෙන කතා. සුදාලා දන්නවද? අපි දැක්ක එක වාර්තාවකට අනුව ලංකාවේ උපත් පාලනයට ගන්න දේවල් වැඩියෙම අලෙවි වෙන්නේ මේ දවසට‍ලු. ඒවා භාවිතය නම් වරදක් නෙවෙයි. භාවිත වන අරමුණ තමා ප්‍රශ්නය සුදෝ.
Valentine දවසේ ආරම්භය පිළිබඳ කතාවත් එච්චරම සුන්දර නෑ. සුදාලා ගොඩක් දෙනෙක් මේ කතාව දන්නවා. ඔන්න තුන්වැනි ශතවර්ෂයේ වගේ හිටපු ශාන්ත වැලන්ටයින් පූජකයාගේ කතාව මේ සීන් එකට පාදක වෙන්නෙ. සීන් කෝන් එක මේකයි. ඒ කාලේ රෝමයේ අධිරාජ්‍යයා වුණේ දෙවැනි ක්ලෝඩියස්. මෙයා විශ්වාස කළා සොල්දාදුවෝ marry කරන්න හොඳ නෑ.. එතකොට ශක්තිය අඩුවෙනවා කියලා. ඉතින් සෙබළුන්ට විවාහ වෙන්න තහනම් කළා.

Saint Valentine එක එක උප්පරවැට්ටි දාලා ආදරය කරපු සොල්දාදුවන්ට එයාලගේ ආදරවන්තියෝ විවාහ කරලා දුන්නා. කේස් එක අධිරාජ්‍යයාට මාට්ටු වුණා. වැලන්ටයින්ව අල්ලා මරන්න නියම කළා. මෙයා මරන්න නියම වෙලා හිරේ ඉන්නකොට හිරගෙදර මුලාදෑනියගේ අන්ධ දුව එක්ක ආදරයක පැටළුණා. එයාට ඇස් පෙනීම ලබාදෙන්නත් හාස්කමකින් වගේ වැලන්ටයින් පූජකයට හැකිවුණා. හැබැයි අන්තිමට වැලන්ටයින්ව මරා දැම්මා.

මෙයා අවසාන වශයෙන් තමන්ගේ ආදරවන්තියට මෙහෙම ලිව්වා... From Your Valentine කියලා. ඒකනේ අදත් Valentine එකට එහෙම කියන්නේ. මේ කතාව දිගයි. තවත් අතුරු කතා ගොඩක් තියෙනවා. සුදාලා කැමති නම් පොඩ්ඩක් හොයලා බලන්න.

දැන් අපි ආයෙත් නූතන Valentine Trend පැත්තට එමු. Valentine දවසේ Wedding ගන්න එකත් දැන් ලොකු Trend එකක් වෙලා තියෙනවා ලෝකෙ පුරාම. ලංකාවේ නම් ඒක එච්චර නෑ. මොකද අපේ මඟුල් නැකැතටනෙ ගන්නෙ මචෝ. කොහොම වුණත් ලෝකේ Valentine  Wedding  සීන් එක ලොකුවට ව්‍යාප්ත වුණේ 90 දශකයේ. 

ආ තව Valentine දවසේ ලොකුම Trend එකක්නේ චොක්ලට් කියන්නේ. තමන් ආදරය කරන සූකිරි බෝලෙට චොකෝ අරන් දෙන එක Valentine දවසේ අනිවාර්ය අංගයක්. මේක නම් එක්දහස් අටසිය ගණන්වල ඉඳලාම තිබිලා තියෙනවා. ආදරයයි චොක්ලටුයි කියලා කියන්නේ හරිම Sweet දේවල් දෙකක්නෙ මචෝ. මේ නිසාම චොක්ලට් සමාගම් Valentine ඉලක්ක කරගෙන තමන්ගේ නිෂ්පාදන සිද්ධ කරනවා.

සුදාලා පොඩ්ඩක් බැලුවොත් මේ දවස්වල Heart එකේ හැඩයට චොක්ලට් ගොඩක් තැන්වල තියෙනවා. Special චොක්ලට් පෙට්ටි තියෙනවා සුපිරි වෙළෙඳසල්වල. ගාණ නම් සැරයි. හැබැයි මේ හැම චොක්ලට් එකක්ම හොඳට Display කරන්න මේ කාලෙට ඔය සුපර් මාකට් කටයුතු කරනවා. හොඳට සුදාලා හොයලා බැලුවොත් තේරෙයි මේ දවස්වලට ටීවී එකේ යන චොක්ලට් Ad එහෙමත් ටිකක් විතර වැඩි වෙනවා.

චොක්ලට් විතරක් නෙවෙයි.. මේ දවස්වල තෑගි විදියට විකිරණ ටෙඩි බෙයාස්ලා ඇතුළු කාලෙන් කාලෙට Trend වෙන Gifts එහෙමත් වෙළෙඳපොළේ හැමතැනම දැකගන්න පුළුවන්. මේ කාලෙට ඒවාටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මචෝ ඉතිහාස කතාව මොකක් වුණත්, ආදරය ගැන හැඟීම මොන වගේ වුණත්, නූතන වාණිජ ලෝකෙ හොඳටම ආදරේ විකිණෙන දවස තමා Valentine කියලා කියන්නෙ.

සුදාලා දන්නවා රට වටේම එක එක Events තිබුණා. දහස් ගණන්වලට ටිකට් අලෙවි වුණා. හෝටල්වල, රෙස්ටුරන්ට්වල, නයිට් ක්ලබ්වල පවා සීන් එක දරුණුවට ගියා. ඒවායේ මාර ආතල් සීන් තිබුණු බව බුකිය පැත්තේ තියෙන Photo වලින් පේනවා.. TV නාලිකා, Radio නාලිකා පට්ට Marketing පාරක් Valentine එකට මුවා වෙලා දාගත්තා. එක එක ජනප්‍රිය සමාගම් එහෙමත් Events සංවිධානය කරලා තෑගි එහෙමත් දීලා තිබුණා. 

අවසානයේ ඉතින් මේ ඔක්කොම දේවල් වැරදියි.. මේ කිසි දෙයක් කරන්න එපා කියලා නම් අපි කියන්නේ නෑ. මේ දේවල්වලත් ආතල් එකක් නැත්තෙම නෑ. ආදරේ කියලා කියන්නේ හරිම සුන්දරයි. ඉතින් ආදරය වෙනුවෙන් දවසක් තියෙන එක වරදක් වෙන්න විදිහකුත් නෑ. ඒත් මතක තියාගන්න කොහොම වුණත් ආදරය කියන්නේ පූජනීය දෙයක්.

ශාන්ත වැලන්ටයින් තමන්ගේ ජීවිත කතාවෙන් කිව්වේ ආදරය පූජනීයයි කියලා. ඔහු පෙන්නුවේ ආදරයට තියෙන වටිනාකම සහ ආදරය වෙනුවෙන් මිනිස්සු කරන කැපකිරීම්. මේ දවසේ ඔයාලා උත්සාහ කරන්න ඕනෑ ආදරයේ සැබෑ වටිනාකම හඳුනා ගන්න. ආදරය නමින් විකිණෙන්නවත් ආදරය නාමයෙන් රුවටෙන්නවත් නෙවෙයි Valentine Day එක තියෙන්නෙ සුදෝ.

I චමිඳු නිසල්