2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අසීමාන්තය

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

සොයා ඉසියුම්
හදේ තැන් තැන්
නිබඳ රිදවන
නුඹේ ප්‍රේමය
සියුම් ඉඳිකටු
තුඩක් සේමැයි...

මොන තරම් මනරම්ද
බිඳුවක්
ස්නේහයෙන් දිදුලද්දි
රුහිරය
වැටුණු හුස්මක්
නැගුණු සුසුමක්
පුරා තිබුණේ
කවරක්ද වෙන
ප්‍රේමයම මිස...

කළතලා සිත
පෙරා වත්කර
සිඹිමි පපුවම
ආදරෙන් මම
රිදුණු තැනකත්
තිබුණෙ ප්‍රේමය
හැර ගියත්
හැර නොයන අරුමය

I සංජු