තුරු අතරින් තරු ගනින්න
ගස් සෙවණැලි යට ඉඳගෙන
මම ආසම රෑ කළුවර
කතා කරයි මට හෙමිහිට
හිස හොවාන යස උරහිස
හීන හොයන හැම රෑකම
මම ආසයි මගේ මැණික
නුඹට කතන්දර කියන්න
සඳ නොකියම පිටගම් ගිය
රෑ මැදියම තරුත් නිදන
අහසක් දෝ ජීවිතයම
නුඹ 'අ' යන්න කියලා දෙන
එල්ලෙන්නද ඇඟිලි තුඩක
පාර දිගේ ඇවිදින්නට
හිතුණොත් මඟ නවතින්නට
නොවැරදීම කියලා යන්න
I සංජු