2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අසීමාන්තය

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 01:59 24

ජීවිතයේ පාර දිග සුන්දරම අහම්බය
එක්තරා දවසකදී ඒ සොඳුරු හමුවීම 
ළඟ නැතත් ළඟ වගේ දැනෙද්දි නුඹ තාම 
තවරාන හුරු සුවඳ ගුලි ගැසෙමි සිහිනයක

උරහිසේ හිස හොවා සුව වින්ද පෙරදාක
හිස තියා පපුව මැද නිදි වැරෑ රාත්‍රිය 
නිල් පාට සළකුණක් ඉතිරි කර නික්ම ගිය 
රිදුම්  හරි සුන්දරයි ආදරය ඉතුරු කළ 

නිය තුඩින් රටා ඇදි පපුව මැද සිත්තමක
ඉසියුම්ම රේඛාව ඇන්දෙ හරි හෙමින් මම 
දිය බිඳක් ඇති මැණික නොඉල්ලමි සාගරය 
අනන්තය දුටු එකම තැන තමයි ආදරය

වෙන්ව යන දිනක් ඇත දරාගමි නොහඬාම
රිදුම් නැති ප්‍රේමයක් හමුවුණේ නෑ තාම
නුඹ සුවඳ ඉතිරි කළ ඇඟ රුඳුණු කමිසයක 
මට දැනුණේ ජීවිතය හදගැස්ම සිපගත්ත

ආදරය කරන්න ට ඉඩදෙන්න ඉතින් මට....

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00