ඇට ඉවත් කරගත් වරකා මදුළු ග්‍රෑම් 800
හකුරු ග්‍රෑම් 100
පිටි ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 250
බටර් හෝ මාගරින් ග්‍රෑම් 250
බිත්තර 04
බේකින් පවුඩර් තේ හැඳි 01
පළමුව කේක් පිළිස්සීමට ගන්නා රවුම් හැඩැති බඳුනක් ගෙන එහි අඩියට කෙසෙල් කොළයක් හෝ තෙල් කඩදාසියක් දමා සකසා ගන්න.
වරකා මදුළු ලොකු තීරුවලට කපා ඉතා ලස්සනට සකස් කරගත් බඳුන පිරෙන්නට තබන්න.
ඒ මතට හකුරු සූරා දමන්න.
සීනි සහ බටර් හොඳින් කලවම් කර බිත්තරය බැගින් දමා හොඳින් ගසාගන්න. මෙම සීනි හොඳින් දියකරගන්න.
එයටම බේකින් පවුඩර් සමඟ හලාගත් පිටි මිශ්‍රකොට වරකා මදුළු බඳුනට දමා සෙමින් කලවම් කරන්න. පසුව මෙය අංශක 750c – 150c රස්නයට විනාඩි 30ක් පමණ අවන් එකේ පුළුස්සා ගන්න.
අවශ්‍ය දේවල්
මහ ජම්බුමල් රේණු ග්‍රෑම් 200
ලූණු ග්‍රෑම් 50
උම්බලකඩ කුඩු මේස හැඳි 01
තෙල් මේස හැඳි 2
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30
රම්පෙ, කරපිංචා, අමුමිරිස්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
මල් රේණු සෝදා දිය බේරෙන්නට තබන්න.
තාච්චියක් ළිප තබා එයට තෙල් එක්කර එය රත් වූ පසු කපාගත් ලූණු, කුරුඳු පොතු, රම්පෙ, කරපිංචා දමා බැදගන්න.
එය බැදීගෙන එන විට උම්බලකඩ, අමුමිරිස්, රස අනුව ලුණු ද දමා මල් රේණු දමා කලවම් කර ළිපෙන් බාගන්න.
ගොටුකොළ ග්‍රෑම් 250
සුදු හාල් ග්‍රෑම් 40
අර්තාපල් ග්‍රෑම් 40
සුදු ලූණු ග්‍රෑම් 40
රතු ලූණු ග්‍රෑම් 20
සැල්දිරි ග්‍රෑම් 20
ලීක්ස් ග්‍රෑම් 20
කල්කිරි මිලි ලීටර් 50
වතුර ලීටර් 3
ලුණු අවශ්‍ය තරමට
ගම්මිරිස් ස්වල්පයක්
ගොටුකොළ වංගෙඩියේ දමා කොටා වතුර ස්වල්පයක් මිශ්‍රකර යුෂ මිරිකාගන්න.
භාජනයකට මාගරින් දමා එය රත් වූ පසු කපාගත් ලූණු, සැල්දිරි, ලීක්ස් දමා බැදෙන්නට දෙන්න.
එයට කුඩාවට කපාගත් අල, සුදුහාල්, වතුර, ගොටුකොළ සහ සියල්ල එක්කොට පැයක් පමණ මදගින්නේ තම්බාගන්න.
පසුව බ්ලෙන්ඩරයකින් හෝ කොටා තරමක් ලොකු පෙනේරයකින් පෙරාගන්න. අවශ්‍ය පමණට ලුණු එක් කරන්න.
ඇට ඉවත්කරගත් කටු අනෝදා ග්‍රෑම් 500
ෆ්‍රෙෂ් ක්‍රීම් මිලි ලීටර් 300
කිරි මිලි ලීටර් 500
සීනි ග්‍රෑම් 150
ජෙලටීන් ග්‍රෑම් 25
බිත්තර 04
අනෝදා හොඳින් පොඩිකරගන්න. නැත්නම් බිලෙන්ඩර් කරන්න.
සීනි ග්‍රෑම් 150 සහ කිරි මිශ්‍රකොට ළිප මත තබා උතුරවා ගන්න.
පසුව ගසාගත් බිත්තර කහමදවලට උතුරන කිරි ස්වල්පයක් දමා (අඬුකෝප්ප ¼) හොඳින් කලවම් කරන්න.
එය උතුරන කිරි මිශ්‍රනයට දමා කලවම් කර ගින්දර නිවන්න.
එයට දියකරගත් ජෙලටීන් මිශ්‍රකර හොඳින් නිවෙන්නට හැර පෙරාගන්න.
ෆ්‍රෙෂ් ක්‍රීම් ශීතකරණයේ දමා ශීත වූ පසුව අයිස් මත තබාගෙන තරමක් ඝනවන තෙක් බීට් කරන්න.
දැන් කලින් සාදාගත් මිශ්‍රනයට ෆ්‍රෙෂ් ක්‍රීම් දමා හොඳින් කලවම් කරන්න.
අනතුරැව කටු අනෝදා මිශ්‍රනයද එක්කොට ශීතකරණයේ තබන්න.
කොස් වහලු කිලෝග්‍රෑම් 01
තම්බා පොඩිකරගත් අල ග්‍රෑම් 200
සිහින්ව කපාගත් අමුමිරිස් ග්‍රෑම් 100
සිහින්ව කපාගත් ලූණු ග්‍රෑම් 100
මිරිස් කුඩු තේ හැඳි 02
ගම්මිරිස් කුඩු තේ හැඳි 01
කරපිංචා කිනිති 02
දෙහි ගෙඩි දෙකක යුෂ
ගොරකා කැබලි 02
ලුණු අවශ්‍ය තරමට
පේස්ට්‍රිය සඳහා
තෙල් බෝතල් 01
පිටි ග්‍රෑම් 100
පාන්කුඩු ග්‍රෑම් 200
බිත්තර 02
ගොරකා දමා කොස් වහලු හොඳින් තම්බා ගන්න.
දැන් වතුර පෙරා නිවෙන්න තබන්න
එය කුඩා කෑලිකපා සෝදා මිරිකා ගන්න.
භාජනයක් ළිප තබා තෙල් හැඳි 02 දමා ලූණු, කරපිංචා දමා බැදෙන්න හරින්න.
එය රන්වන් පාට වූ පසු අමුමිරිස්, සෝදාගත් කූණි, මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු දමා තරමක් බැදගන්න.
එයට කොස්වහලු එක්කොට මඳගින්නේ තරමක් තැම්බෙන්න හරින්න.
එයට අල, දෙහි, ලුණු එක්කොට බෝල සාදාගන්න.
එයට සාදාගත් පිටි, මිශ්‍රණය දවටා පාන්කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
Text - Dishani