2017 ජුනි 10 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

වැස්සකට අඬගසන නුඹේ කවි හිත එක්ක 
කතා අහුරක් අරන් රහසේම මා ඇවිත් 
නුඹේ උරහිස දෙන්න මහන්සියි හොඳටෝම 
ජීවිතේ හුඟක් දුර මම ඇවිත් තනියෙන්ම 

සඳේ මුදු රැස් විඳින එකෝමත් එක දාක 
හීන රෑනක් ඇවිත් ඇස් පියන් අගිස්සට 
ස්නේහයේ මල් පිපුණු මල් යාය කෙළවරක 
හිටියෙ අපි විතරමයි සීත සුළඟත් එක්ක 

තරු සිනාසෙන රැයක ආදරෙන් අහස යට 
අනුරාග හාදුවක් තබා ළය කෙළවරක 
ආදරය වෑස්සෙන බැල්මකින් වෙළීගෙන 
පපුතුරේ නිදි වැරූ රාත්‍රිය හරි දිගය 

ලියූ පෙරවදන් නැත ජීවිතය උදෙසාම 
අත්හැරුණේ ආදරය නොවේ මට ජීවිතය 
ගිරිහිසක මුදුන හිඳ ළපලල්ට පෙම් බඳින 
වනස්පති සිහිනයක සිත තවම තනිකඩය 

Saara