2023 මැයි 28 වන ඉරිදා

ආදරණීය විජය

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 250

ශ්‍රී ලාංකික සිනමාවේ සිහින කුමරා වූ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග නම් මානව හිතවාදියා අප අතරින් සමුගෙන මේ වනවිට වසර 35ක් ගතවී තිබේ.

1945 ඔක්තෝබර් 9 දින උපත ලද විජය 1988 පෙබරවාරි 16 වැනි දින ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 42කි. චිත්‍රපට 114 රඟපෑ විජය කුමාරණතුංගගේ රංගාවතරණය සිදුවූයේ 'හන්තානේ කතාව' චිත්‍රපටයෙනි. ඔහු අවසන් වරට රඟපෑවේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේය. 1983 සිට 1988 දක්වා නොකඩවා ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ විජය නිෂ්පාදනය කළ එකම චිත්‍රපයට වූයේ වරදට දඬුවම් සිනමා පටයයි. එය තිරගත වූයේ ඔහුගේ මරණින් පසුය.

බෙදී වෙන්ව සිටි සිංහල හා දෙමළ ජනතාව අතර සාමය හා සංහිඳියාව ඇති කරලීම සඳහා දේශපාලනඥයකු ලෙස ඔහු කැපවී සිටියේය. යුද ගිනි ඇවිලී ගිය උතුරට ගිය ඔහු දෙමළ ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ පසු වූ සිංහල සිරකරුවන් නිදහස් කර ගැනීමටද කටයුතු කළේය.

මේ ආදරණීය සිනමාවේදියා හා දේශපාලනඥයා අද සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 78 කි. සිංහල සිනමාවේ සදාතනික පෙම්වතා වූ ඔහු රඟපෑ භූමිකා රසික හදවත් තුළ සදාතනිකව තැන්පත්ව තිබේ.

සේයාරූ : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා