2023 මැයි 28 වන ඉරිදා

උඩ කෑල්ල සම්ප්‍රදායේ යට කෑල්ල නවරැල්ලේ...

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 262

ඔන්න කාලෙන් කාලෙට අපිට රාජකීය ආතල් සෙට් වෙනවා. පහුගිය දවස්වල Traditional wedding dresses එකයි Modern ඩෙනිමකුයි ගහපු නංගි බබෙක්ගෙ ෆොටෝ එකක් බුකිය ගිනි තිබ්බා. Y Trend වල අපි නිතරම passion ගැන කතා කරනවනෙ මචෝ, ඒ නිසාම මේ ටොපික් එක මිස් කරලා යන්න බැරි වුණා. මේ කතාව Traditional සහ Model Fashions එකිනෙක Mix කරන Y Trend එක ගැන.

මෙතනදි කියන්න ඕන පළවෙනිම දේ තමයි මචෝ Fashion කියලා කියන්නේ තවදුරටත් දේශ සීමාවලින් මුහුදු වලින් වෙන්කරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. අනෙක් අතට අපි දැනගන්න ඕන ඇඳුම කියලා කියන්නේ ලෝක Culture එකට ලොකු පාර්ට් එකක්. විශේෂයෙන්ම Cultural identity එක තියෙන්නෙ Dress එකේ. ඒ නිසාම මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන එක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් මචෝ.

Anyway පහුගිය දවස්වල පතුරු සීන්කෝන් එකට අදාළ ෆොටෝ එක සුදාලට බලාගන්න අපි දානවා. අපිට දැක්ක ගමන්ම, අපිටනං ආවෙ Wow එකක්. ඒත් තවත් කට්ටියකට ''අඩේ මූ මේකත් කෑවනේ'' කියල තමා හිතිලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මෙතන Creative කෑල්ලක් තියෙනවා. ඔසරියෙ උඩ කොටසට, කළු පාට Denim Trouser එකක් අන්දලා, මාල හත දාලා, නළල් තැල්ල බැඳලා මේ Designer කරල තියෙන්නෙ වෙනම වැඩක්.

ඒත් මෙතැනදි මතුවෙන තර්කය තමයි Traditional wedding dress එකට මේක කරලා තියෙන්නේ අපහාසයක් කියන එක. Specially මෙතන තියෙන්නේ වම් පැත්තට ඇඳන් ඔසරියක ගති ලක්ෂණ ඇඳුමක්. ඒ නිසා දේශීය ඔව් Identity එක ගැන හිතන ගොඩක් අය හරි කලබල වුණා. ඒ කලබලය කොච්චර දුරදිග ගියාද කියනවා නම් මචෝ, මේ සම්බන්ධව Legal action ගන්න ඕන කියන එකත් සමහරු කතා කරලා තිබ්බා.

නැගලා ගිය අනිත් සීන්කෝන් එක තමා Fashion show එකක වෙස් කට්ටයට බාගෙට ඇඳගෙන කරපු සීන් එක. ඒකට නං සෑහෙන්න බරපතළ විරෝධයක් ආවා. වෙස් ඇඳුමට ලොකු ඉතිහාසයක් වගේම ලොකු meaning එකකුත් තියෙනවා. නිසා තත්ත්වය බරපතළ වුණා. සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් කණ්ඩායම් විදිහට එකතු වෙලා මේ ගැන කතා කළා. කොහොමහරි ඒ සීන්කෝන් එකක් ටික දවසකින් යටගියා මචෝ.

ඔසරිය, වෙස් කට්ටලය විතරක් නෙවෙයි මේ සීන්කෝන් එකේදී විකෘති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම උඩරට මුල් ඇඳුම, ඒ කියන්නේ මචෝ නිලමේ ඇඳුමේ සම්බන්ධ Big Problem එකක් තියෙනවා. ඉස්සර උඩරට ගොඩක් දෙනා කැමති නෑ මේක පහතරට කට්ටිය අඳිනවට. දැන් ඒ සම්ප්‍රදාය නම් සෙත්ත පෝච්චි වෙලා තියෙන්නෙ. එහෙම තමයි සුදෝ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

But දැන් ප්‍රශ්නෙ තමයි මේ මුල් ඇඳුම ඇඳගෙන කන්න බොන්න නටන පිස්සු කෙලින වීඩියෝ viral වෙන එක. සුදාලාට කියන්න අපි දැකලා තියෙනවා වෙඩින්වල දෙවැනි මනමාලයා එහෙම නන්දිකඩාල් වෙන්න ගහල ඉන්නවා මුල් ඇඳුම ඇඳගෙන. සම්ප්‍රදාය විදිහට මේ ඇඳුම අඳිනකොට මස් මාළුවත් කන්න හොඳ නෑ. එහෙම එකේ අරම බොන එකේ සහ පිස්සු කෙළින එකේ නම් සිරාවට අවුලක් තියෙනවා.

පහුගිය දවසක ජාතික සංවිධානයක අයියලා මහනාහිමිවරු පවා බැහැ දැකලා මේ සීන්කෝන් එක ගැන පැමිණිලි කරලා තිබුණා. එයාලාගේ භාෂාවෙන්ම කියනවනම්, අපේ සංස්කෘතික උරුමයකට අයිතිවාසිකම් කියන උඩරට මුල් ඇඳුම හෙවත් නිලමෙ ඇඳුම  හා උඩරට ඔසරිය, ලෝකයේ වැඩිම අංග උපාංගවලින් සමන්විත අභිමානවත් රාජකීය ඇඳුම්ක්. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සහ කලාකරුවන් යැයි කියාගන්නා පිරිසක් විසින් එම ඇඳුම්වලට කරන ලද නිගාවන්ට එරෙහිව අපි නැගී සිටිය යුතුයි.

ඒත් ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නෙ මේ සීන් එක කරන්නේ කොහොමද කියන එක. Modern fashion industry ලෝක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් දන්නවා ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. Seriously මචෝ මේක පට්ට ප්‍රශ්නයක්. ඇඳුමක් සම්බන්ධව නීතියක් අරගෙන එන එක එච්චර partial නෑ. ඕනනම් ඔය ඇඳුම් සංස්කෘතික උරුමයන් විදිහට නම් කරන්න පුළුවන් මචෝ. ඒත් ඒවා ඒ විදියට නම් කළොත්. අනාගතයේ මේ වලට තියෙන පැවැත්මත් ගැටලුකාරී වෙන්න පුළුවන්.
කොහොම වුණත් සුදු මේ වගේ ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙන රටවල ඇඳුම් සම්බන්ධව මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. Fashion designers ලා ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. සමහර ඒවා අතිශය බරපතලා වෙලා තියෙනවා. කොහොම වුණත් අගතිගාමි වීමේ ප්‍රතිඵලය නම් ටිකක් විතර භායානකයි.

අවසාන සුදෝ අපිට කියන්න තියෙන්නේ, දෙපැත්තේම අය කාරණා කිහිපයක් තේරුම්ගන්න ඕන කියලා. පළවෙනි දෙය අපහාසයක් වෙන විදිහට සාම්ප්‍රදායික ඇඳුම් වලට හානි කිරීම නොකළ යුතුයි කියලා ස්වයං විනයක් පවත්වා ගන්න පුලුවන්නම් හොඳයි. අනිත් අතට සම්ප්‍රදාය ගැන ලොකුවට කැක්කුමක් තියෙන අයියලා කල්පනා කරන්න ඕන, ලෝකේ ඕනෑම සම්ප්‍රදායක් යම් කාලයක වැදිලා යනවා කියන එක.

නූතනත්වයත් එක්ක මුහු නොවුණොත් ඩයිනෝසිරස්ට වෙච්ච දේ තමයි අපේ ඇඳුම්වලටත් වෙන්නේ. අද ඉන්න තරුණ පරම්පරාව සාම්ප්‍රදායික අඳින්න ලොකු කැමැත්තක් නෑ. ඒත් එයාලා තමන්ගේ අනන්‍යතාව පේන්න දේවල් චුට්ටක් හරි කරන්න කැමැති. ඒ නිසා ඒ කැමැත්තට පොල්ලෙන් ගහන්නෙ නැතුව, කරන දෙයක් ෂේප් එකේ සරලව කරන.

I නිසල්