2023 අප්‍රේල් 30 වන ඉරිදා

සිදාදියේ සමනලියෝ ඉගිලුණු රෑ

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 249


ළඟදීම විකාශනය වීමට නියමිත ප්‍රවීණ රංගවේදී ධනංජය සිරිවර්ධනගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ලෙස කලඑළි දකින සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍ය මාධ්‍යයට හඳුන්වාදීම ඉකුත් දිනක නාවල Grand Solis රෙස්ටුරන්ට්හිදී පැවැත්වුණා. අරුණ ජයවර්ධනගේ තිර පිටපතක් වන සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍ය නිෂ්පාදනය පණ්ඩුක වීරසේකරයි. යශෝධා විමලධර්ම, අකිල ධනුද්දර, මේනක රාජපක්ෂ, මිෂෙල් දිල්හාරා, සජිනි රෝයි, තරින්දි ප්‍රනාන්දු, මනෝජා ප්‍රනාන්දු, වොෂිකා පෙරේරා, සිඩ්නි පෙරේරා, හංසමාලා ජානකී, විශ්වජිත් ගුණසේකර, අංජන ප්‍රේමරත්න, අශේන් සිරිවර්ධන, සංජීව සෙනෙවිරත්න, හේෂාන් මාලිංග, අනිල් කේ. විජේසිංහ, සමීර කැකුලන්දර යන නළු නිළි පිරිසකගේ රංගනයෙන් වර්ණවත් වන සිදාදියේ සමනලියෝ කලඑළි දුටු දවසේ රාත්‍රියයි මේ.