ඔබේ පස්වන ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය සඳාත්මය...?
ඔව්... මීට කලින් මම ඒක පුද්ගල ප්‍රදර්ශන හතරක් පවත්වලා තියෙනවා. 1992දී සොබා රූ, 1997 දී මංගල උත්සව ඡායාරූප, 2010 වසරේදී පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනයත්, 2014 වසරේදී අලෝක පින්තාරු විදුලි පන්දම් එළියෙන් කළ ලොව ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනයත් මම පැවැත්වුවා.
මෙවර පවත්වන ඡායාරූප ප්‍රදර්ශනයත් සුවිශේෂි ඡායාරූප ප්‍රදර්ශනයක්?
ඔව්... සඳාත්මය ඡායාරූප ප්‍රදර්ශයේදී කළේ සඳ එළියෙන් පමණක් ආලෝකමත් කළ ලංකාවේ සුන්දරත්වය හා ඓතිහාසික ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගෙන ඡායාරෑප ගැනීමයි. හඳ එළියෙන් වඩාත්ම හොඳ ඡායාරූප ගන්නට පුළුවන් වෙන්නේ පසළොස්වක පෝයටයි. ඊට දින දෙකක් පෙර සහ පෝයට පසු දිනයේ විතරයි. ඒත් සමහර පෝය දවසට වැසි වහිනවා. මීදුමෙන් හෝ වලාකුළුවලින් වැසී යනවා. මේ නිසා මේක හරිම දුෂ්කර කටයුත්තක්.
සඳාත්මය ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප කීයක් තියෙනවද?
මේ සඳහා අවුරුද්දක් පමණ කාලයක් මහන්සි වුණා. පෝය දවස්වල විතරක් ඡායාරූප ගන්න නිසා ඒක අමාරු කාර්යයක්. ඡායාරෑප 30ක් පමණ නිර්මාණය කළත් ප්‍රදර්ශනය සඳහා තෝරාගන්න් ඡායාරෑප 24ක් විතරයි.
මේ ඡායාරූප ඡායාරූප ගත කළේ කොයි කොයි ප්රදේශවලද?
ඉතා දුෂ්කර නමුත් සුන්දර පැති මම මේ සඳහා යොදා ගත්තා. බදුල්ලේ ආරුක්කු නවයේ පාලම රූගත කරන්න හතර පාරක් එහේ ගියා. ඒ වාර හතරේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එක පාරක් එහේදී ඡායාරූප ගන්න ගිහින් මාව වැටිලා හොඳටෝම තුවාල වුණා.
ලක්ෂපාන දියඇල්ලේ ඡායාරූප ගනිද්දීත් දුෂ්කර කටයුත්තක් නේද?
ඔව්... දිය ඇල්ල ළඟට ගියේ කොන්ක්‍රීට් පඩි 724ක් බැහැලා. මහ රෑ දිය ඇල්ල බැහැලා ෆොටෝ අරගෙන ආයේ ඉහළට නගිනවා කියන්නේ ලොකු අවදානමක්. අපි එදා රාත්‍රියේ ගත කරලා තියෙන්නේ වෙනස් තැන්වල ඉන්න දිවියන් අල්ලා ගෙනවිත් අතහරින තැනයි. ඒක අපි දැනගත්තේ පහුවදා උදේ.
සඳාත්මය ඡායාරූප ප්‍රදර්ශනය තියෙන්නේ කවදාද... කොහේද?
මෙම සඳාත්මය ඡායාරූප ප්‍රදර්ශනය 2017 ජුනි මස 09 වැනිදා සවස 4.30 සිට ජුනි මස 12 වැනි දින සවස 7.00 දක්වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසෙ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙනවා.