2023 මාර්තු 26 වන ඉරිදා

ඒක අමුතු රහක් හලෝ!

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 27

අද අපි කතා කරන්නෙ මචෝ, Sports පැත්තට බර Y Trend එකක් ගැන. සුදාලා දැකලා තියෙනවා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ Celebrate කරන විදිහ. ඔය සැමරිලි සීන් එක අද වෙනකොට ලෝකෙ  පට්ට Y Trend එකක් හරිය. ඉතින් අපේ පැංචෝ දැකලා ඇති දැන් එක එක ක්‍රීඩකයන්ට එක එක විදිහෙ සැමරුම් ක්‍රම තියෙනවා. මේක  බැලූ බැල්මට ආතල් පුංචි සීන් කෝන් එකක් වගේ. ඒත් වස්තු මෙතන සිරා කතාවක් තියෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන්ගේ ජයග්‍රහණය සමරන සීන් එක අදක ඊයෙක පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි මචෝ. ඒත් ක්‍රීඩාව කියන දේ Popular Culture එකේ ලොකු මාකට් එකක්, Economy එකක් වෙනකොට මේ වගේ සීන් Hit වුණා. අපි දන්නවා බ්‍රෝ, ඕනෑම කෙනෙක් තමන්ගේ ජයග්‍රහණයක් ස්වභාවයෙන්ම සමරන විදිහක් තියෙනවා. It’s Normal. ඒත් ඒ කෙනා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණොත් තත්ත්වය වෙනස් වෙනවා ආහ්...

Thousands of people බලාගෙන ඉඳිද්දි ක්‍රීඩකයෙක් ලබන ඕනෑම ආකාරයේ ජයග්‍රහණයක් වීර ක්‍රියාවක්. ඉතින් එතකොට ඒ ක්‍රීඩකයා කරන කියන හැමදෙයක්ම විශේෂ අවධානයකට ලක්වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඉබේම වගේ Famous Celebration නිර්මාණය සීන් කෝන් එක ප්‍රචාරණය වුණා සුදෝ.

විශේෂයෙන්ම Football, Hockey වගේ ක්‍රීඩා නිසා තමා අපි මේ කතා කරන Sports Celebration Y Trend නිර්මාණය වුණේ. ලකුණු අඩු මේ ක්‍රීඩාවල එක ලකුණක් වාර්තා කිරීම ඇත්තටම සමරන්න තරම් හේතුවක් මචෝ. මොකද ඒ ඒ ලකුණෙන්, නැත්නම් ගෝලයෙන් සමස්ත තරගය ජයග්‍රහණය තීරණය වෙන්න පුළුවන්. 

සුදාලා දන්නවා ලෝකේ මුලින්ම Global වෙච්ච sport එක Football. ඉතින් Football වල ගෝලයක් සමරනවා කියලා කියන්නෙ Sport Event එකේම කොටසක්. දැන් ගෝල් එකක් සමරන්න Music පවා දානවා. අපි දන්නවා ලෝකයේ එක එක කාලෙට අති ජනප්‍රිය දක්ෂ පාපන්දු තරු බිහි වුණා. ඉතින් මචෝ ඒ Stars ලගේ Celebrations  කැපිල්ල පෙනුණා. ඒ නිසාම තමයි මේ සැමරුම් ක්‍රමවලට විශාල Market Value එකක් හැදෙන්න පටන් ගත්තෙ. 

කොහොම හරි Sports stars ලත් ජනප්‍රියත්වය නඩත්තු කරනකොට තමන්ගෙ Celebration එක ගැන තවත් වැඩිපුර හිතන්න එළඹුණු බව පේනවා. ඒ නිසාම මචී, අතිශය ජනප්‍රිය Sports Stars ලා තමන්ටම කියලා අනන්‍ය Celebration හදාගත්තා. පස්සේ මේක මෙයාලගේ Fans ලා Copy කරන්න ගත්තා. Football, Hockey ක්‍රීඩා වන තිබුණු මේ සීන් එක ලෝකෙ පුරා අනිත් ක්‍රීඩාවලටත් Set වුණා සට සට ගාලා මචෝ. 

ඉතින් FIFA World Cup එකේ වගේම Olympics වගේ Event වලත් අමුතු Celebration ක්‍රීඩකයෝ තුළින් එළියට ආවා. ඇත්තටම සමහර ක්‍රීඩකයෝ ජනප්‍රියත්වයට ආසා කරනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. මිනිස්සුගේ ස්වභාවයක්. ඒ වගේම ජයග්‍රහණයකදී සතුටක් දැනීමත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ Celebration Style කියන්නෙ මැජික් එකක් නම් නෙවෙයි.  

අද වෙනකොට ලෝකයේ හැම ක්‍රීඩාවක වගේම මේ Celebration තියෙනවා. Athletic, Basketball, American Football වගේම අපිට ගොඩක් සමීප Cricket වගේ ක්‍රීඩා මේ අතරින් ප්‍රධානයි මචෝ. අපි ආදරය කරන, කරපු Cricketers ලා සෑහෙන්න පිරිසක් මේ සීන් එකේ ඉන්නවා. සුදාලා සමහරක් සෙල්ලම් කරනකොට ඒවා අනුගමනය කරලත් ඇති.

පොඩි කාලේ සෙල්ලම් කරද්දි කාගේ celebration ස්ටයිල් එකටද පිස්සු හැදිලා හිටියේ කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. ඒක අපිට විතරක් අදාළ දෙයක් නෙවෙයි, සමහරක් වෙලාවට Celebration රුල්ලක් වගේ ව්‍යාප්ත වෙලා යනවා. ගොඩක් ක්‍රීඩකයෝ ඒකම කරන්න පටන් ගන්නවා. 

මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියතම celebration තියෙන්නෙ Football Stars ලා අතේ. Cristiano, Neymar, Messi කියන සුපිරි ක්‍රීඩකයෝ තුන්දෙනාගේ සැමරුම් අතිශය ජනප්‍රියයි. මේ සැමරුම් කොච්චර ජනප්‍රියද කියලා කියන්නෙ මචෝ, මේවාට වාණිජ වටිනාකමක් පවා එකතු වුණු අවස්ථා තියෙනවා. ඒ ගණන් කියවෙන්නෙ ඩොලර් මිලියන ගණන්වලින් සුදෝ. ඉතින් මේක සිරාවටම පිස්සුවක්.

අපි දන්න ක්‍රිකට්වල ඉතාම ජනප්‍රිය Celebration කිහිපයක් තියෙනවා. අපි ආදරේ කරපු සමහර ක්‍රීඩකයෝ විකට් එකක් ගත්තම හැසිරුණු විදිහ අපිට තාමත් මතකයි. චමින්ද වාස් පියාඹන හැටි, මුරලි සමරපු හැටි අමතක වෙන්නෙ නෑ. ඒ වගේම ලෝකෙ පැත්තෙන් ගත්තම ඩේල් ස්ටේන්, බ්‍රෙට් ලී, ඉම්රාන් තාහීර්, ක්‍රිස් ගේල් වගේ ක්‍රීඩකයන්ව අපට මතක් වෙනවා.

අද වෙනකොට අපේ වනිඳු හසරංගගෙ Celebration ලෝකෙම ජනප්‍රියයි. ඒත් ඒකේ ඔරිජිනල් එක පාපන්දු ක්‍රීඩක නේමාර්ගෙ. ඒ වුණත් ඒක ක්‍රිකට්වල දැන් ප්‍රසිද්ධ වනිඳුගෙ Celebration එක විදිහට. දැන් ලෝකෙ පුරා cricket  ක්‍රීඩකයෝ වනිඳු අනුගමනය කරනවා. පහුගිය දවස්වල UAE ක්‍රීඩකයෙක් සහ Woman IPL ක්‍රීඩිකාවක් වනිඳු Fallow කරනවා අපි දැක්කා මචෝ.

ඊළඟට ජනප්‍රියම අපේ මහීෂ් තීක්ෂණගේ දුනු විඳින්නගේ සැමරුම. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ වගේම commentators ගෙත් ලොකු අවධානයක් මේ සැමරුමට තියෙනවා. යොමු වෙනවා. කොහොම වුණත් ඉස්සර නම් ක්‍රීඩකයෝ ඕවා හිතලා මතලා නෙවෙයි කළේ. ඒත් මේ Celebration හිතලාම කරන තත්ත්වයකට ක්‍රීඩකයෝ අද පත්වෙලා ඉන්නවා. මේකේ හොඳ නරක අපි විචාරය කරන්න යන්නෙ නෑ. මේක තමා දැන් Sports Y Trend එක.

ඉතින් මචෝ ඔහොම තමා කතාව. තව ටිකක් හොයලා බැලුවොත් එක එක විදිහේ Celebration ගැන දැනගන්න පුළුවන්. සමහර ක්‍රීඩාවල Celebration වලට පවා නීති දාලා තියෙනවා. සුදාලට තේරෙනවා ඇති ඒ නිසා දැන් මේ සීන් එකේ තත්ත්වය. 

I නිසල්