2023 මාර්තු 26 වන ඉරිදා

Case No 447 හෙට දවසේ රිදී තිරය සරසන්නට සැරසුණු වගයි...

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:01 121

සිංහල සිනමාවේ අනාගත ගමන් මඟ උදෙසා සුබ ලකුණු දනවන චිත්‍රපට නිර්මාණය වෙනවනම්.. ඔව් අනේ එහෙම චිත්‍රපට නිර්මාණය වෙනවනම් සිනමාවට හදවතින්ම පෙම් කරන සිනමාවේදීන්ට වගේම සිනමා ලෝලීන්ටත් ඒක ආදරණීය සුබ ආරංචියක් කියලා මම විශ්වාස කරනවා...

අහන්න ඉතින්...

Case No 447 - එසේ වූ බලාපොරොත්තුවක ලස්සනම සේයාවක් වේවි නිසැකවම කියන හිතුවිල්ල අපට තිළිණ කරමින් ඔන්න Case No – 447 වෙනුවෙන් පොල්තෙල් පහනක පහන් සිළු ගණනාවක් දැල්වුණා... ඒ දැල්වූ පහන් සිලක් සිලක් ගාණේ සාර්ථකත්වය වෙනුවෙන්, විශිෂ්ටත්වය වෙනුවෙන් සහ ලාංකික සිනමාවට වෙනස්ම නිර්මාණශීලී චිත්‍රපටයක් හෙට දවසකදි එකතු කිරීම වෙනුවෙන් ආදරයත්, ආශිර්වාදයත්, සුබාශිංසනත් ලැබේවා! ඒ %හදසර^ හදගැස්මේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.

ප්‍රවීණ රංගවේදී රොෂාන් පිලපිටිය, සිනමාවට අවශ්‍යම සිනමාරෑපී පෞරුෂත්වයක් සහ නර්තනය, රංගනය, ගායනය ඇතුළු කලා කුසලතාවයන් උපරිමයෙන් දායාද කරගත් විශිෂ්ටතම තරුණ රංගවේදියෙක් ලෙස මගේ විග්‍රහය තුළ මම දකින කැළුම් ආර්යන්, එසේම නිසඟ ප්‍රතිභාවන් තම රංගනය තුළින් ඔප්පු කරමින් සිටින සචින් චතුරංග මෙන්ඩිස් වගේම රාජා ගනේෂන්, උපේක්ෂා ස්වර්ණමාලි, ටීනා ෂනෙල්, ඩිස්නි රාජපක්ෂ, පවිත්‍රා වික්‍රමසිංහ, තුෂාණි දිනුෂිකා, සිනෙති අකිලා ඇතුළු හැකියාවෙන් පූර්ණ නළු නිළි පිරිසක් Case No 447 රංගනයෙන් සරසනවා.

♦ Directed by – Jeganadan Chandrahasan
♦ Produced by – Nishantha Jude, Malisha Ann, Melan Jeson, Melani Christina
Crew – 
♦ Assistant director – Suren
♦ Camera – Radiyan Ganaprakasham
♦ Music – Honey Nayagara
♦ Art – Sumudu Kodithuwakku

ඒ තමයි තිරය පිටුපස වෙහෙසෙන්නන්...

JJ films ඉදිරිපත් කිරීමක් ලෙස රිදී තිරයට පැමිණෙන Case No 447 මුහුරත් උළෙල පැවැත්වුණේ MPi cinama premises හිදී..

සේයාරූ : චේතිය ළහිරු
(මාධ්‍ය සම්බන්ධීකරණය : උපුල් නිශාන්ත)