2023 මාර්තු 12 වන ඉරිදා

පාට පාට මල් වැස්සක් හෝලි...

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 49

කාලෙන් කාලෙට එක එක Y Trends නිර්මාණය වෙන එක Normal  දෙයක්නේ මචෝ. කොහොමත් Trends එක එක විදිහට තමා උපදින්නෙ. සමහර Trend හැදෙන්නෙ cultures Mix වෙලා. අද අපි සුදාලාට අරගෙන ඇවිල්ල තියෙන්නේ, එහෙම create වුණු Y Trend එකක්. අද කතාව ලංකාවේ මේ දවස්වල පිස්සුවෙන් වගේ සමරන, ඉන්දියාවේ Holi Festival එක ගැන.

මේ කියන්නෙ මචෝ අර පාට පාට කුඩු ඇඟපුරා ගාගෙන නටන උත්සවය ගැන හරිය. පහුගිය මාර්තු 8 වැනිදා හෝලි උත්සවය ඉන්දියාවේ සහ ලෝකෙ ගොඩක් ස්ථානවල සැමරුවා. මේ මාසේ පුරාම සැමරෙනවා. සමහරක් විට අපේ සුදාලා දකින්නත් ඇති ලංකාවේ විවිධ තැන්වල අපේ පැංචො පැංචියෝ, හෝලි සමරලා තිබුණා. දැන් අවුරුදු කිහිපයකින් හෝලි සමරන සීන් එක ලංකාවේ සැරට සිද්ධවෙනවා. Specially Hotels , Private University ආශ්‍රිතව.

මීට අවුරුදු ගණනකට කලින් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හෝලි ගැන දැනගත්තේ පොත පතෙන් හරි Indian Movies වනින්. ඒත් වස්තු, දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. පහුගිය සතියේ ෆේස් බුකියේ සැරිසැරුවා නම් වස්තුලා Holi 2023 festival of colours ගැන Posts. දැන් මේ සීන්කෝන් එක ලෝකෙ වටේම viral.

ලංකාවේ සීන් Trend  වුණත් ඇත්තටම Holi Festival එක  ගැන පැහැදිලි අදහසක් අපේ සුදාලට නෑ. ඒ නිසා සීන් එකට එන්ටර් වෙද්දිම Holi ගැන පුළුවන් තරම් කෙටියෙන් පැහැදිලි කරන්න අපි Try එකක් දෙනවා. මේ උත්සවයේ ආරම්භය පිළිබඳව එක එක ජනප්‍රවාද සහ ආගමික විශ්වාස ගොඩක් ඉන්දියාවේ තියෙනවා මචෝ. සරලවම කිව්වොත් නම් වසන්ත සැණකෙළිය ආරම්භය හෝලී වර්ණෝත්සය කියල අපිට කියන්න පුළුවන්.

මුල් කාලයේ මේ Festival එකට කිව්වේ හොලිකා කියලා හරිය. දැන් මුළු ලෝකයම මේකට කියන්නෙ ‘හෝලි’ කියලා. Don’t worry මචෝ. ඉන්දියාවේ එක එක ප්‍රදේශවල ලත්මාර් හෝලි, බසන්ට් උට්සව්, ශිම්ගෝ, දුලන්දි හෝලි, දොල් පුර්නිමා, කමන් පන්දිගායි, රන්ග්පන්චමි වගේ නම් මේ උත්සවයට කියවා.

සාමාන්‍යයෙන් Holi Festival එක ආරම්භ වෙන්නෙ එළිමහනෙහි ගහන විශාල ගිනිමැලයකට හෝලිකා කියන යක්ෂණියකගෙ අනුරුවක් දාලා පුලුස්සා දැමීමේ චාරිත‍්‍රයක් එක්ක. මේ ඉතිහාස කතාව සෑහෙන්න දිගයි මචෝ. නොකියත් බෑ වැඩේට අදාළයිනෙ.

ඉතිහාස කතාවකට අනුව හිරන්‍යකාශිපු කියලා දරුණු රජ කෙනෙක් රජකම් කරලා තියෙනවා කාලෙක. මෙයා අමරණීය වෙන්න හිතාගෙන හිටපු දෙවියන්ටත් වඩා පොරක් කියලා හිතපු කෙනෙක්. හැබැයි මේ රජාගෙ පුතා විෂ්ණු දේව භක්තිකයෙක්. නම ප්‍රහ්ලාද්. රජ්ජුරුවෝ අමරණීය වෙන්න යන සීන්වලට මෙයා විරුද්ධ වෙලා තියෙනවා.

‘මම ශ්‍රේෂ්ඨ. නැත්නම් දෙවියන්ද?’ කියලා රජ්ජුරු පුතාගෙන් අහලා. පුත්‍රයා කියලා තියෙන්නෙ ''ඔබ නිකම් රජ කෙනෙක් පමණයි, දෙවියන් ශ්‍රේෂ්ඨයි'' කියලා. අඩේ ඊට පස්සෙ, රජ්ජුරුවොන්ට කේන්ති ගිහිල්ලා පුතා මරන්න හදලා. මේ වැඩේ හෝලිකා කියල රජාගේ සහෝදරියට බාරදීලා තියෙන්නෙ.

හෝලිකා විශාල ගින්නක් අවුලවලා ප්‍රහ්ලාද්ව පුච්චල මරන්න උත්සාහ කරලා තියෙනවා. ප්‍රහ්ලාද්ව ඒකෙන් ගැලවිලා, හොලිකාම ගින්නට හසුවෙලා. දන්නැද්ද ඉතින් මචෝ දේව කතාවල සීන්කෝ ඉතින්, මේ ආශ්චර්යය තමයි හෝලී කියලා ඉන්දියන් සහෝලා ඔය සමරන්නෙ. කැමතිනම් සීරියස් මේ ගැන හොයලා බලන්න.

රාධා ක්‍රිෂ්ණා ප්‍රේමපුරාණයත්  සමහරු හෝලි එක්ක සමරනවා. රාධා ක්‍රිෂ්ණන් අතර තිබුණු වර්ණ වෙනස නිසා ඒ පෙම් පළහිලව්ව මුලදී සිද්ද වෙච්ච කතාවක් තියනවා. රාධව වර්ණගැන්නුවලු ක්‍රිෂ්ණගෙ පාටට. ඒ නිසාලු හෝලිවලදී වර්ණවලට සහ ආදරයට ලොකු තැනක් ලැබෙන්නෙ. අපේ තව කතා තියෙනවා. මේ ඇති දැනට. හෝලි ආරම්භය ආර්යයන්ගේ පැමිණි කාලේ දක්වා දිව යන ඉතිහාසයක් කතාවක්.

මෙච්චර කාලෙකට හෝලී ගැන දැකලා අහලා තිබ්බට අපේ සුදාලා මේ විස්තරේ දැනගෙන හිටියෙ නෑ නේද? එළ කිරි අවුලක් නෑ. ඔන්න අපි ලාවට කිව්ව. තව විස්තර හොයලා බලන්න. Indian culture එක ලෝකෙට විවෘත වෙන්න පටන්ගත්ත දවස්වල ඉඳලම මේ Holi Festivals එකට ලෝකේ ගොඩක් දෙනෙක් ආසවුණා. සතුට විනෝදය සාමය අරුත් ගන්වන නිසා කොහොමත් මේ Festivals එකට වටිනාකමක් තිබ්බා මචෝ.

ඉතින් මේ වෙනකොට සමහරක් රටවල් හෝලි තමන්ගෙම උත්සවයක් කරගෙන ඉවරයි. ජාති ආගම් භේදයක් නැතිව නේපාලය, පකිස්ථානය, මලයාසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, ගයනාව වගේ ඉන්දියාව සංස්කෘතික ආභාෂය ලබපු රටවල් හෝලි සැමරෙනවා. සුදෝ, අපිට මේක ළඟදී ටච් වුණත්, ඒ කාලේ ඉඳන්ම ලෝකෙ සමහර තැන්වල හෝලී සැමරෙනවා. කොහොම වුණත් මේ උත්සවයේ අද වනකොට හොඳටම වාණිජකරණය වෙලා තියෙන්නේ.

මේක සුදෝ ඉන්දියාවටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉස්සර මේ උත්සවය වෙනුවෙන් භාවිත කළේ මල්, කොළ, ශාක ආශ්‍රිත ස්වභාවික වර්ණ නිෂ්පාදන. ඒවා සමට හිතකරයි. දැන් ඒකේ අනිත් පැත්ත කෘත්‍රිම දේවල් නිසා හානි වැඩිවෙලා. අනිත් සීන් එක ගිනිමැල. එක දවසේ පත්තුවෙන ගිනිමැල ලක්ෂ ගණනක් නිසා සිදුවන පරිසර හානිය ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක්. ඊළඟට ඝෝෂාකාරී ශබ්ද දූෂණය. දැන් මේවා ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් පවා සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේ Holi Festivals එකට ටිකක් පොෂ් සීන් එකේ ඉන්න Young Generation එක තමා සෙට් වෙන්නෙ. Holi Events වල ටිකට් පාර රුපියල් 2,000 -15,000 වගේ Range එකක යනව අපි දැක්කා. පාට පාට කුඩු ඇඟ පුරා ගහගෙන ඩී.ජේ. මියුසික් එකට නටාගෙන වෙනම ආතල් එකක් ගන්න දමා මේ Event සංවිධානය වෙන්නෙ මචෝ. පොඩි Indian වයිබ් එකක් එක්ක මෙහෙම ආතල් එකක් ගන්න සමහරු සිරාවටම කැමතියි. සමහරු නම් බොරු මරාගත්තේ ප්‍රදර්ශනකාමී සීන් එකේ තමා මේවට යන්නේ.

කොහොම වුණත් මචෝ සංස්කෘතික අංගයක් කියලා කියන්නේ වටින දෙයක්. ඒක අපි හිතනවට වඩා අර්ථයක් තියෙනවා එතැන. අවසානයේ උදාහරණයක් කියන්නම්. ඔය ගහගන්න පාට කුඩුවලටත් තේරුමක් තියෙනවා වස්තු. රතු පැහැය සාරවත් බව, නිල් පාටින් ක්‍රිෂ්ණා, කහ පාටින් පිරිසුදුකාරකයක් සහ පූජනීය විදිහට ඉන්දියානු සලකන අමු කහ, කොළ පාටින් වසන්තයේ ආරම්භය සංකේතවත් වෙනවා.

කොහොම වුණත් හෝලි කියන්නේ අපූරු උත්සවයක් සුදෝ. මේ වගේ පොදු සංස්කෘතික උත්සව ලෝකෙටම තියෙන කිහිපයයිනෙ. එහෙනම්...

හැපී හෝලී...!

I නිසල්