2023 මාර්තු 05 වන ඉරිදා

හිත නැවතුණ තැන්

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 76

සංසාර හිරිකඩක් ඇවිදින්
දැනෙනවා මට සීතලක්
නුඹ ළඟින් නැති වගක් දැනුණම
ඒ වැස්ස හරි සීතලක්

සොඳුරු සඳ රෑ නොවැඩි අහසක 
මගෙ හිතම හරි කළුවරක්
නුඹෙන් පෙරදා වින්ඳ සඳ දිය
අදත් දිලිසෙන මතකයක්

හැර ගියත් හැර නොයන්නේ ඇයි
ආදරය හරි පුදුමයක් 
මගෙ මැණික නුඹ දන්නවා නම්
අදත් නුඹ මට ප්‍රේමයක්