2023 ජනවාරි 22 වන ඉරිදා

මඤ්ඤං නොවී විඳිමුද ඈ...

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 93


ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ කණ්ඩායම් සංගීතය සම්බන්ධ Y Trend එකක්. මොකක්ද මේ ලංකාවට හැදුණු Acoustic Music පිස්සුව. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ ලංකාවේ Acoustic Bands පට්ට විදිහට Trend වුණා. ඇත්තටම එක ලොකු රැල්ලක්. ඉතින් සුදාලා එක්ක අපි මේ ගැන කතා කරන්න හිතුවා.

හැබැයි ඉතින් සීන් එකට Enter වෙනකොට මෙහෙ දෙයක් කියන්න ඕනෑ. මේක Trend එක ගැන Technically කතා කරනවා නම් වැඩේට බහටහිර සංගීත සම්බන්ධ ප්‍රවීණයන් ඕනෑ. ඒ නිසා අපි මෙතනදී ගලපන්නේ Acoustic Music රැල්ල ගැන බොහොම සරල කාරණා ටිකක්.

අපි මුලින්ම මේ Western Music වල කතාකරන  Acoustic Music ගැන චුට්ටක් පැහැදිලි කරගමු. Acoustic Music වලට සිංහලෙන් නම් කියන්නෙ ධ්වනි සංගීතය. ධ්වනි සංගීතය කියලා කියන්නෙ ධ්වනි මාධ්‍ය හරහා ශබ්දය නිපදවන උපකරණ තනිකරම හෝ මූලික වශයෙන් භාවිත කරන සංගීත ක්‍රමයකට. හෝව් හෝව් මෙහෙම කිව්වම නිකම් මඤ්ඤං වගේ නේද වස්තු?

Acoustic Music Instrument වලින් play කරන සංගීතයට තමා Acoustic Music කියලා කියන්නෙ මචෝ. සරලයි සුන්දරයි. ධ්වනි සංගීතය කියන එක ලොකුවට පැහැදිලි කරන්න ගියොත් මේ වැඩේ අල වෙනවා. තවදුරටත් දැනගන්න ඕනෑ අය ඉන්නවනම් දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. නැත්නම් ගූගල් දෙයියන්ට කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

Electric Music යුගයේ එන්න කලින් Acoustic Music කියලා වෙනම සීන් කෝන් එකක් ලෝකේ තිබුණෙ නැහැ. ඒ කියන්නේ සුන්දරා, ඔක්කොම Acoustic වගේ. ඒත් මචෝ විද්‍යුත් සංගීතය කියන එක ලෝකෙ ආක්‍රමණය කරාට පස්සේ Acoustic Music කියල වෙනම සංගීත උප සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ සීන් එක කාලාන්තරයක් තිස්සේ වෙනම රසක් අරගෙන සීමිත පිරිසක් ඇතුළේ ගමනක් ගියා.

ඔය අසූ ගණන්වල මුල Electric Music ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගන්න කලින් Acoustic වගේ සීන් එකක් තමා මෙහෙත් තිබ්බේ. ඒ කාලේ මචෝ, Music Bands Play කලේ Acoustic Guitars, හම්වලින් හදපු රත් කර කර ගහන Drum Set වගේ Instrument. ඒත් තාක්ෂණය් එක්ක ලෝකය සම්පූර්ණයෙන්ම වගේ Electric Music වලට Convert වුණා. ඒ Convert එක ගැන පතපොත පවා ලියවිලා තියෙනව ඕනෑ නම් හොයලා බලන්න.

Electric Drams සහ Electric Guitars එක්ක වෙන්ම සංගීත සංස්කෘතියක් ලෝකෙම බිහිවුනේ හරිම වේගයෙන්. එතොකොට වස්තු, විදුලි ඕගනය, ඔක්ටර් පෑඩය මේ අලුත් යුගය තවත් හැඩ කළා. ලංකාවේ අපි Sunflower යුගය කියල කියන සංගීත යුගය නිර්මාණය වෙන්නේ මේ එක්කමයි. අපේ අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ යුගය ගැන. අදටත් ලංකාවේ ප්‍රධානම කණ්ඩායම් සංගීත ධාරාව තියෙන්නෙ Electric Music. ඒක අපි පිළිගන්න ඕනෑ වස්තු.

එතකොට මේ මොකක්ද පහුගිය කාලේ සිද්ධ වුණා කියලා කියන වෙනස. සුදාලාට දැන් ප්‍රශ්නයක් ඇති. Electric Bands කරපු Music වලට හැමෝම කැමැති වුණේ නෑ. සමහරු මේකට කිව්වේ "ඝෝෂාකාරී සංගීතය" කියලා. ලංකාවෙ නම් මුලින්ම මෙතැනදී ඇති වුණේ පෙරදිග සහ බටහිර සංගීතය අතර ගැටුමක්. විශාරදවරු පඬිවරු වගේ ලොකු ලොකු චරිත Electric Music තිබුණු වේදිකාවට ගොඩවෙන්න මුලදි කැමති වුණේ නෑ. ඒත් එතනට Market එක හැදෙනකොට සමහරු වෙනස් වුණා.
Electric Bands ලංකාවම ආක්‍රමණය කරලා තිබුණු 90 දශකය සහ ඊට ආසන්න කාල සීමාවල ඇත්තටම ලංකාවෙ Acoustic Bands එච්චර තිබුණෙ නැහැ. ඒත් හෝටල් කර්මාන්තය සහ ගෘහස්ථ ප්‍රසංග කලාව ඇතුළේ පුංචි ඉඩක් Acoustic Bands වලට වෙන්වෙලා තිබුණ. ඒ නිසාම මේ කලාව කරගෙන ජීවත්වුණු සීමිත කණ්ඩායමක් ඒ කාලවලත් ලංකාවේ හිටිය. මේ කාලෙ තව පැත්තකින් DJ, Hip-hop, Rap වගේ Music ලංකාවේ Hit වුණා මචෝ. ඒකටත් පිරිසක් කැමති වුණේ නැහැ.මෙතනදී පොඩි රික්තකයක් හැදුණ. කර්මාන්තය  ඇතුළේ සිද්ධ වෙච්ච විශාල වෙනස්කම් පරිවර්තන අතරේ පිරිසක් හිමිට Acoustic පැත්තට ලව් පටන් ගත්ත. හැබැයි ඒක දඩිං බිඩිං ඩෝං ගාලා සිද්ධ වෙච්ච එකක් නෙවෙයි සුදෝ.

අහන් ඉන්න, රසවිඳින්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්න නම් Acoustic Bands තමා සෙට් වෙන්නෙ වගේ අදහසක් අපේ අය අතර ඇතිවුණේ විශාල බලපෑම් සමුදායක් එක්ක. මේ වැඩේ නැගලා යන්න බලපාපු තවත් ක්ෂේත්‍රය, පුද්ගලයෝ, ආයතන විශාල ප්‍රමාණයක නම් ගම් අපිට සදහන් කරන්න පුළුවන්.

ඒ කොහොම වුණත්, අපි ලංකාව ගැන කතා කරාට මේ දේවල් සිද්ධ වුණේ ලංකාවේ විතරක් නෙවෙයි මචෝ. ගොඩක් වෙලාවකට අපිට අවුරුදු කිහිපයකට කලින් මේ වෙනස් කම් ලෝකයේ සිද්ධ වෙන්න පටන් අරගෙන තිබුණා. Acoustic Music වලට වෙනම තැනක් ලෝකේ හැදිලා තිබුණෙ. ලංකාවේ ඇතුළේ කණ්ඩායම් සංගීතය ආයෙත් Turn එකක් ගන්නෙ මෙන්න මේ සීන් ඒකේ බලපෑමත් එක්ක. මේ දේවල් දීර්ඝව පැහැදිලි කරන්න නම් අපිට ඉඩකඩ මදි සුන්දරා. ලංකාවේ කණ්ඩායම් සංගීතය විකාශනය ගැන හොඳ අධ්‍යයනයක් කරලා පොතක් ලියන්න ඔන්න අවස්ථාවක් තියෙනවා.

ලංකාවේ මේ පරිවර්තනයට &මේරියන්ස්* වගේ සංගීත කණ්ඩායම් වලින් ලැබුණු තල්ලුව අමතක කරන්න බෑ. එතැනදී Unplug තියන තවත් Music Culture එකක් නිර්මාණය වුණා. මේක Acoustic වල Pio පාට් එකක්.

ඔන්න සමහරක් Electric Bands ටිකක් වෙනස් විදියට හිතන්න පටන් ගත්තා. සමහරු වේදිකාවට Acoustic Dram එකක් අරගෙන ආව. කාලයක් ඒකත් රැල්ලක් වුණා. මේ අතර තවත් සමහරක් Electric Bands එහෙම් පිටින්ම Acoustic වුණා. ශිල්පීන්ගේ පරිවර්තන සිද්ධ වුණා. තවත් කණ්ඩායමක් Semi Acoustic කියල වෙනම සීන් එකකුත් පිරිසක් හදාගත්ත.

කොහොම වුණත් මචෝ මේක වෛවර්ණ සුන්දර වැඩක්. ලස්සන Turn එකක්. ඕනෑම රුල්ලක් නිර්මාණය වෙනකොට ඒක පිටිපස්සට ඇවිල්ලා Media හිටගන්නවා. ඉතින් මචෝ ලංකාවෙත් ඒකම වුණා. Acoustic රැල්ල නැගලා යන්න දායකත්වය සපයපු රූපවාහිනී වැඩසටහන් විශාල සංඛ්‍යාවක තියෙනවා. ලංකාවේ ජනප්‍රිය හැම රූපවාහිනී නාලිකාවක්ම පහුගිය අවුරුදු 10ක 15ක් කාලය තුළ අනිවාර්යෙන්ම Acoustic Music එක්ක Programs දෙකතුනක්වත් අවම කරලා තියනවා.
අද වෙනකොට  YouTube පැත්තට ගිහිල්ලා බැලුවොත් Acoustic Music වලට ලංකාවේ කොයි වගේ තැනක්ද තියෙන්නෙ කියල ඔයාලටම බලාගන්න පුළුවන්. Acoustic Play කරපු Songs වලට මාරම තැනක් දැන් නිර්මාණය වෙලා. තරුණ පරම්පරාව ගොඩක් දෙනා මේ Music වලට කැමතියි. එතන වෙනම රසයක් තියෙනව කියලා තරුණ රසිකයො විශ්වාස කරනවා මචෝ.

දැන් ලංකාවේ අතිශය ජනප්‍රිය Acoustic Bands ගොඩක් තියෙනවා. නම් ලයිස්තුව කියන්න බෑ දිගයි. හතු පිපෙන්න වගේ තවත් Bands නිර්මාණය වෙනවා. එළිමහන් ප්‍රසංගවලට එදා තිබුණ වගේම තැනක් දැන් තියෙනවා ගෘහස්ථ ප්‍රසංග වලටත්. මෙතන Create වෙන Economical පැත්තත් මේ වැඩේ නැගල යන්න එක හේතුවක්. පහුගිය කොරෝනා වසංගතයත් Acoustic Bands කාලව කෙරෙහි සංගීත ශිල්පීන් නැඹුරු වෙන්න එක හේතුවක් වුණ බව කියන්න ඕනෑ.

කොහොම වුණත් අවසානයේදී අරකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි වගේ මෝඩ අදහසක් නම්, අපි ඉදිරිපත් කරන්නේ නැහැ සුන්දරා. අපි හැමදාම කියනවා වගේ ලෝකය වෛවර්ණ වෙන තරමට ලස්සනයි. එහෙනම් ඉතින් ලබන සතියේ තවත් වෛවර්ණ සුන්දර Y Trend එකකින් හමුවෙමු.

I නිසල්