2017 මැයි 27 වන සෙනසුරාදා

රුපියල් 25ක් හම්බවුණාම මට ලාෙතරැයියක් අැදුණා වගේ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

My Parth විෙශ්ෂාංගය තුළින්  අපි යන්නේ ඔහුෙග් හා්ෙ අැයගේ අතීතයට.අද අතීතය කියන අැය ඔබට හඳුන්වා දෙන්න අටුවා ටීකා කුමටද? අැය ඒ තරම්ම ඔබට සමීපයි. අෑ දීපානි සිල්වා. 

කලාව කියන දේ මුලින්ම හිතට දැනුණේ කොහොමද?
කලාව කියන දේ හිතට දැනුණේ කලාවට ආවට පස්සේ කිව්වොත් තමා හරි. මොකද මම පාසල් යන කාලෙදි නාට්‍ය චිත්‍රපට එහෙම බලන්න, ඒවා විඳින්න එහෙම ආසා කළා. නමුත් ලොකු අදහසක් අවබෝධයක් තිබ්බෙ නැහැ.

මුලින්ම බලපු චිත්‍රපටය මතකද? 
අපෝ ඔව්. මට අද වගේ මතකයි,  60 දශකයේ දී  ආච්චි එක්ක ගිහින් පොඩි හෝල් එකක තමා මුලින්ම බැලුවේ සිංහල දෙබස් කවපු හින්දි චිත්‍රපටයක් වන අංගුලිමාල. එත් සිනමාවට වඩා අපි සමීපවෙලා හිටියේ ගුවන් විදුලි නාට්‍ය අහන්න. ඒ කාලේ අපි හවස් වෙද්දි ගුවන් විදුලිය දාගන්නේ නාට්‍ය අහන්න. 

මුලින්ම ආදරය කළ නළු නිළියන් කවුද?
මුලින්ම ආදරය කළේ ගුවන් විදුලි නළු නිළියන්ට. මොකද ඒ කාලේ මුවන්පැලැස්ස එහෙම ගොඩාක් ජනප්‍රියයි. ඒවායේ ඉන්න වරකාගොඩ, කුසුම් පීරිස්ට එහෙම අපි ගොඩක් ආදරය කළා. මොකද අපිට ඒ චරිත මවලා පෙන්නුවනේ. ඉතින් අපි හරි ආසයි මේ නළුවන් දකින්න. ඊට සෑහෙන කාලෙකට පස්සේ තමා සිනමා නළුවන් ගැන හිතුවේ.

සිනමාවෙන් කැමතිම නළුවා සහ නිළිය කවුද ඒ කාලේ?
මම කැමතිම ටෝනි රණසිංහට. නිළිය විදියටනම් අනුලා කරුණාතිලකට. ඒ වගේම ජෝ අබේවික්‍රම රඟපාන ඒවා බලන්නත් හරි ආසයි. තව සන්ධ්‍යා කුමාරි, පුණ්‍යා හීන්දෙණිය, මේ අයටත් කැමතියි. එක්කෙනෙක් හඳුන්වනවානම් මගේ ඔළුවට එන එකම නළුවා තමා ටෝනි රණසිංහ.

හරි අපි දැන් කියමුකෝ දීපානි රංගන ශිල්පිනියක් වුණේ කොහොමද?
පාසල් කාලේ ඉවරවෙලා කළුතර අපේ ගමේ ගෙදරට වෙලා ඉන්න අතරේ මගේ නෑදෑයෝ වෙන මගේ වයසේ අය එක්ක ඉන්න කොට ඒ අය දැකලා තිබ්බා ලයනල් වෙන්ට්ඩ්හි රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය පාඨමාලාව ගැන, ඔවුන්ට ඕනේ වුණා මේකේ නාට්‍ය පාඨමාලාව හදාරන්න. ඊට පස්සේ ඔවුන් ඒකට අයදුම් කළා, මම අයදුම්පතක්වත් දැම්මේ නැහැ. හැබැයි ඒ අය කවුරුවත් දන්නේ නෑ ලයනල් වෙන්ට්ඩ් එකට යන්න. මම කොළඹ ඉගෙන ගත්ත නිසා මම දන්නවා බම්බලපිටියට ඇවිත් එතැනට යන්න. ඒ නිසා තමා මම ගියේ.

කොහොමද ලයනල් වෙන්ට්ඩ් හි රංග ශිල්ප ශාලිකාවේ ඉගෙන ගත්ත කාලය?
බොහොම සුන්දරයි. අපි පස්දෙනා එක්ක කෝච්චියේ ආවේ ගියේ. ගෙදරින් සල්ලි දෙන්නේ නැහැ. අපි කරන්නේ පස් දෙනෙක්ගේ සීසන් ඉල්ලගෙන අපි එනවා. මොකද මේවා අමතර වැඩ නිසා ගෙදරින් සල්ලි දෙන්නෙත් නැහැ. සල්ලි නැතිමදාට අයියගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන, කන්න රොටියක් වගේ දෙයක් හදාගෙන එනවා, හරිම සුන්දර කාලයක්. ධම්ම ජාගොඩ, ගාමිණී හත්තෙට්ටුවේගම, මිරැන්ඩා හේමලතා, සංගීතය උගන්වන්න ජී.ඩබ්ලිව්. ජයන්ත, ඒ වගේම අයිරාංගනී සේරසිංහ මහත්මිය, මේ වගේ ගොඩක් අය ඇවිත් අපිට විවිධ දේ කියලා දෙනවා. හැබැයි අන්තිමට මාස 6ම පාඨමාලාව සම්පුර්ණ කළේ මම විතරයි. අනිත් අය විශ්වවිද්‍යාලයට තේරීම සහ රැකියාවන් ලැබීම මත ඉවත් වුණා.

එතකොට වීදි නාට්‍යවලට සම්බන්ධ වුණේ කොහොමද?
ඒක ලැබෙන්නෙත් මේ පාඨමාලාව නිසා තමා. මොකද ඒ කාලේ තමා ගාමිණී හත්තෙට්ටුවේගම මහතා වීදි නාට්‍ය කණ්ඩායම පටන් අරන් තිබ්බේ. මට කතා කරලා කිව්වා, මගේ රංගනය හරි නිදහස්. කැමති නැද්ද වීදි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කියලා. මම හරියට මොකක්ද කියලා දන්නෙත් නෑ. ඒත් මම හා කිව්වා. එහෙනම් නම ගිහින් දෙන්න කිව්වා. මමත් දුවලා ගියා එතැනට. ගියාම ඉන්නවා එච්.ඒ. පෙරේරා සහ පරාක්‍රම නිරිඇල්ල. මම ඒ අයව දැක්කම පොඩි බයකුත් ආවා. මොකද, හරි දැවැන්ත පුද්ගලයන්. ඒ වගේම තමා කතාවත් හරි ගාම්භීරයි. කොහොම හරි මම නම දීලා ගියා.

අමතක නොවන අත්දැකීම් ඇති?
ඔව්, මට අමතක වෙන්නේ නෑ වීදී නාට්‍ය කණ්ඩායමට අවුරුද්දක් පිරෙන්න දින ළංවෙද්දී දඹුල්ලේ යන්න ලෑස්ති වුණා. මගෙනුත් ඇහුවා එනවද කියලා. මම ගෙදරින්වත් අහන්නේ නැතුව හා කියලා ගෙදරටත් නොකියා ගියා දඹුල්ලේ. ගෙදරට කිව්වේ නාට්‍ය වැඩවලට කොළඹ ඉන්න වෙනවා කියලා. මොකද, මට මේක ගිහින් බලන්න ඕනේ කියලා හිතුණා. මේක මට ලොකු අත්දැකීමක්. අපි නාට්‍ය දැකලා තිබ්බේ වේදිකාවලනේ. හැබැයි මේ වීදි නාට්‍ය කරන්නේ එළිමහනේ. මිනිස්සු වටවෙලා බලන් ඉන්න කොට තමා රඟපාන්න ඕනේ. ඉතින් දඹුල්ලේ ගිහින් ලබපු ඒ අත්දැකීම නම් අමතක වෙන්නේ නැහැ. අපි බස් එකේ ගිහින් දඹුල්ලෙන් බැහැලා කඩයක් ළඟින් තේ එකක් බීලා බෙරයක් එහෙම ගහලා අපි කිව්වා දඹුල්ලේ ගල ළඟ නාට්‍යයක් පෙන්වනවා කියලා. සෙනඟට එන්න කිව්වා. එතැනදී කුමාරි මොරවකට සහ තව කෙනෙක්ට එන්න බැරි වුණා. මේ දෙන්නම ප්‍රධාන චරිත කළේ. ඊටපස්සේ මට සිද්ධ වුණා කුමාරි කළ කොටස මට කරන්න. මට දැන් හරි බයයි. කළින් දවසේ රෑ වෙනකම් මම පුරුදු වුණා. මේක පෙන්නන්නේ මහ ගිනි දවල් මිනිස්සු මැද්දේ. ඉතින් මම මේ ලබපු අත්දැකීමනම් කවදාවත් අමතක වෙන්නේ නෑ.

වීදි නාට්‍යයෙන් පස්සේ වේදිකාවට ආවේ කොහොමද? 
මේ දෙකටත් අවස්ථාව ලැබුණේ රංග ශිල්ප ශාලිකාවෙන්. ඒ 74 කණ්ඩායමේ හිටපු සරත් කුමාර එදිරිසූරිය කරපු ඉඳි කළය කියන ළමා නාට්‍යයට. දෙවනුව මම කළේ සෝමරත්න දිසානායක මහතා කරපු වෙඩික්කාරයෝ කියන වේදිකා නාට්‍ය. ඒක තමා මටම කියලා ලැබුණු මුල්ම වේදිකා නාට්‍ය. හැබැයි ඊට ඉස්සෙල්ලා මට අවස්ථාව ලැබුණා ධම්ම ජාගොඩ මහතා කළ වෙස්මුහුණු නාට්‍යයේ. ඒ අවස්ථාව ලැබුණේ එකේ හිටිය කෙනෙක්ට හදිසියේ එන්න බැරිවීම නිසා. මට එන්න කියලා නාට්‍ය බලලා තියෙනවාද ඇහුවා. මම ඇත්තටම ඒ නාට්‍ය බලලා තිබ්බා. මම ඉතින් ඔව් කිව්වම ඇහුවා මේ චරිතය කරන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා. මොකද, මට මේ ලොතරැයියක් ඇදුනා වගේ. මම ටිකක් බයෙන් ඒක කළේ. මට මතකයි ගම්පහ හෝලික්‍රොස් එකේ පෙන්නුවේ. මට එදා රුපියල් 25ක් ලැබුණා. මට ඉතින් හරි සතුටුයි. මම ඒ සල්ලිවලින් හුඟාක් දේවල් කළා. ගෙදර හැමෝටම ඒකෙන් තෑගි ගත්තා. එදා ඒ සල්ලි දාලා දුන්න ලියුම් කවරය පවා මේ මෑතක් වෙනකම් මගේ ළඟ තිබ්බා.

එතකොට පුංචි තිරයට?
ටෙලිනාට්‍යවලට එන්නේ ඊට ගොඩක් කාලෙකට පස්සේ. මොකද, රූපවාහිනිය ආවේ ඊට කාලෙකට පස්සෙනේ. මුල්ම ටෙලිනාට්‍ය පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ඇබැද්දිය කියන ඒකාංගික නාට්‍ය. ඊටපස්සේ රූපවාහිනී සංස්ථාවේ ළමා අංශයෙන් කළ නාට්‍ය ගොඩකට මට දායක වෙන්න ලැබුණා. දිගු නාට්‍යක් විදියට මුලින්ම රඟපෑවේ ලූෂන් බුලත්සිංහලගේ තාරා දේවි නාට්‍යයේ. එතැන ඉඳන් අද දක්වාම මම ඉතින් රඟපානවා. සිනමාව ගත්තම මුලින්ම 87දී මම කළේ අයි.එම්. හේවාවසම් මහතාගේ මීහරකා චිත්‍රපටය. හැබැයි මම චිත්‍රපට ගොඩක රඟපෑවේ නෑ.‍

Text- Anusha Rnasinghe / Pic — Internet