2017 මැයි 27 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

මහෝඝයක් වී ඒ එන්නේ
මගේ හදවතේ ඉපදී මියයන 
අනන්ත ස්නේහයේ
හැඬුම්බර
එක් සුසුමක් පමණයි

තාරකාවන් ඇස් අරින රෑ
දෙනෙත් දල්වා මා බලා හිඳි
මගේ අන්තිම සිහිනයත්
නුඹ ඇවිත්
අරගෙන ගිහින්

කාත් කවුරුත් නැතුව ඉකිලන
ජීවිතේ තනි නොතනියට නුඹ
මා ළඟින් හිඳ ලියූ කවිපද
මටත් රහසින්
මාත් හඬවන

හුදෙකලා වීදියක තනි වී
සංසාරෙ දුර පාර අසනා
ගැහැනියයි මා
ප්‍රේමයේ නටඹුන්
ස්නේහයෙන් සිපගත්

ගිම් නිවන්නට ජීවිතේ
නුඹේ උරහිස ඉඩක් ඉල්ලන
ගැහැනියයි මා
ප්‍රේමයේ නටඹුන්
ස්නේහයෙන් සිපගත්

I SAARA