2022 ජුලි 24 වන ඉරිදා

නැති දෙයක් නැති කොක්ටේල්

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 91

ඔන්න මචෝ අද අපි කතා කරන්නේ Videos  සම්බන්ධ Y Trend  එකක් ගැන. මීට කලිනුත් අපි මේ වගේ Trend  ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් මචෝ, ගොඩක් වෙලාවට YouTube එක Base කරගෙන තමයි අපි Video Creating සම්බන්ධ Trends ගැන කතා කළේ. ඒත් මෙදා සැරේ ෆේස්බුකියට තමා අපි හැරෙන්නේ.

මේ Videos Trend එක නිර්මාණය වෙලා තියෙන්නේ Facebook එකේ. මේක ලෝක මට්ටමෙන් හොඳටම Promote වෙලා තියෙන්නේ. සීන් කෝන් එකක් ගැන දැනටම යම් ප්‍රමාණයකට අපේ පැංචෝ පැංචියෝ දන්නවා. මොකද දැන් ගොඩක් දෙනෙක් YouTube එකේ Videos බලන විදිහටම Facebook එකේ Videos බලන්න හුරුවෙලානේ. උපරිමව වීඩියෝ එකක දිග උපරිමය විනාඩි තුනක් හතරක් අතර වගේ. ඒ නිසා මේවා බලනවට වඩා අපිට බැලෙනවා.

කොහොම හරි මුලින්ම කියන්න ඕන අපේ පැංචන්ට පැංචියන්ට YouTube එකෙන් වගේම Facebook එකෙනුත් Videos Upload කරලා දැන් සල්ලි හොයන්න පුළුවන්. ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට මේ වගේ Trend එකක් නිර්මාණය වෙන්නෙ ඒ හේතුව නිසා. Facebook සල්ලි හොයන සීන් එක ගැන දැනගෙන අපි මේ කතාවට enter වුණොත් අපහසුයි වස්තුලාට.

සුදාලා දන්නවා YouTube Monetization ගැන. Watch Time පැය 4000 ක් Subscribers 1000 ක් ඕන YouTube Monetization on කර ගන්න. මේක දැන් රටේ ගොඩක් දෙනෙක් දන්න කතාවක්. මේ වැඩේ කර ගත්තට පස්සේ තමයි YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. අපේ YouTube Video ඇතුළෙ Advertisement Play වෙනවා. ඒ නිසා යූටියුබ් සමාගම අපිට සල්ලි ගෙවනවා.

දැන් මචෝ මෙන්න මෙහෙම සීන් කෝන් එකක් Facebook එකත් හඳුන්වා දීලා තියෙනවා. Facebook Page එකක් Monetization පුළුවන්. Page එකට Followers ලා 1000 ක් ඉන්න ඕනෑ. Upload කරන Videos දින 60 ක් ඇතුළත Watch time පැය 3000 ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. තව එක එක කොන්දේසි තියෙනවා. ඒ ගැන වැඩි විස්තර ඕන නම් Google දෙයියන්ගෙන් අහලා දැනගන්න පුළුවන් සුදාලට. කොහොම වුණත් මේක හිතන තරම් සරල වැඩක් නම් නෙවෙයි.

හැබැයි මචෝ අපි කතා කරන Facebook Videos පිස්සුව නිර්මාණය වෙලා තියෙන්නේ මේ සීන් කෝන් එක නිසා. අපේ සුදාලා දැන් Facebook පාවිච්චි කරනවා නම් දැකලා ඇති වෙනම Icon එකක් පවා තියෙනවා Videos වලට. ඒක මේ සීන් කෝන් එක ප්‍රවර්ධනය කරන්න ෆේස්බුක් සමාගම කරපු උපක්‍රමයක්. 

ඔයාලා Facebook videos බලලා තියෙනවා නම් සමහර වීඩියෝවල මැද Advertisement Play වෙනවා දැකලා ඇති. අන්න ඒ වීඩියෝවලින් තමයි ෆේස්බුකීකරුවෝ සල්ලි හොයන්නේ. සරලවම කිව්වොත් Advertisement Play වෙන Page තමා Monetize වෙලා තියෙන්නේ. ලංකාවෙ නම් තාම සීන් කෝන් එක එච්චර සරුවට කෙරෙන්නේ නෑ. මුලදී මේ පහසුකම අපිට දුන්නෙත් නෑ. හැබැයි ජාත්‍යන්තර මට්ටමින් මේක පට්ට Trend එකක් වෙලා තියෙන්නේ අද වෙනකොට.

මේ වීඩියෝ සම්බන්ධ %එක්ස්පර්ට්ලා^ ඉන්නවා. මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සලා  තමන්ගෙ වීඩියෝ එක මුල ඉඳන් අගට බලන්න සරසන්න මෙයාලා දක්ෂයි. විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් එකතුවෙලා කිසිම තේරුමක් නැති අමුතු වැඩක් කරන වීඩියෝ මේ දවස්වල ප්‍රසිද්ධයි. ඒ වගේම Surprise සම්බන්ධ වීඩියෝ ගොඩක් ප්‍රසිද්ධයි. ඇත්තම කතාව මචෝ මේ ගොඩක් වීඩියෝවලදී එතන සිද්ධ වෙන්නේ බොරුවක් කියලා බලන් ඉන්න අයට තේරෙනවා.

ඇත්තටම මෙයාලා බොරුවට රඟපානවා කියලත් තේරෙනවා. ඒත් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා හැමෝම ඔහේ බලාගෙන ඉන්නවා. මේ වගේ මෝඩ පහේ Videos සුදු ජාතිකයෝ අතර වගේම වගේම තායිලන්තය වියට්නාමය පිලිපීනය වගේ රටවලත් ගොඩක් ප්‍රසිද්ධයි. කිසිම තේරුමක් නැති මෝඩ මැජික්. එදිනෙදා ජීවිතයේ බිරිඳ සහ සැමියා අතර සිදුවෙන ගැටුම් ගැන හදපු මෝඩ වීඩියෝ. කිසිම අර්ථයක් නැති දේවල් නිර්මාණය කිරීමට යාම් වගේ ගොඩක් විකාරරෑපී දේවල් තමයි මචෝ මේ වීඩියෝවල තියෙන්නේ.

සුදාලාට ඇත්තටම මේවා ෆේස්බුක් එකේ කරක් ගහද්දි දකින්න ලැබිලත් ඇති. සමහරක් විට අපේ සුදාලා මාන්දම හැදිලා වගේ ඕවා දිහා බලාගෙන ඉඳලත් ඇති. හැබැයි ඉතින් මෙහෙම සීන් කෝනයකුත් තියෙනවා. ඇත්තටම අර්ථයක් තියෙන බලන් ඉන්න ආසා හිතෙන දේවලුත් මේ වීඩියෝ අතරම නැතුවා නෙවෙයි මචෝ. ඕනම දෙයක පැති තුන හතරක් තියෙනවානේ වස්තු.

පරණ බඩු අලුත්වැඩියා කිරීම්, නව නිර්මාණ කිරීම්, ජීවිතයට පණිවුඩයක් ලබා දෙන කෙටි ඉදිරිපත් කිරීම් ඇත්තටම මේ අතර තියෙනවා. ඊට අමතරව ඔය කෑම බීම ජාති හදන ඒවා ඉතාම කෙටියෙන් කපලා කොටලා edit කරලා ගොඩක් දෙනෙක් බුකී ගත කරලා තියෙනවා. කොක්ටේල් මොක්ටේල් වගේ හදන වීඩියෝ සෑහෙන්න ජනප්‍රියයි. තව හොඳ දේවල් සෑහෙන්න තියෙනවා. ඔයා ඒ දේවල් බලන්න පටන් ගත්තොත්. ඔයාලට ඒ දේවල්ම දිගින් දිගටම පෙන්නයි මචෝ. ඒක තමයි ඇල්ගොරිදම් එක.

ලංකාවේ මේ සීන් එක තාම ගොඩක් දෙනෙක් හරියට තේරුම් අරගෙන නෑ මචෝ. තමන් කරන Tik Tok එහෙම අපේ අය Facebook එකට දානවා. ඒ වගේම සමහරු තමන්ගේ යූටියුබ් චැනල්වල තියෙන Videos දානවා. මේ දවස්වල දකින්න ලැබෙන ලොකුම සීන් දෙකක් තමයි රූපවාහිනී නාලිකාවලට, ටෙලිනාට්‍යවලට සම්බන්ධ පූර්ව ප්‍රචාරක පට. එතකොට ටෙලිනාට්‍යවල පොඩි කෑලි දානවා. ලංකාව පැත්තේ මේ වගේ සීන් කෝන් තමයි ඉතින් තියෙන්නෙ. ඇත්තටම මචෝ මේ වගේ සීන්වලින් copy writes නිසා සල්ලි හොයන්න නම් අමාරුයි.

කොහොම වුණත් මේක පට්ට Trend එකක්. සුදාලාට බලලා කරලා ආතල් එකක් අරගෙන පැත්තකට වෙලා ඉන්නත් පුළුවන්. අමාරු වුණත් හිමිහිට Try එකක් දීලා බලන්න වුණත් පුළුවන්. එදිනෙදා ජීවිතයේ ඕගොල්ලො කරන කියන දේවල්වලින් ඕනෑ තරම් විනාඩි තුන හතර Videos හදන්න බැරි නෑ. රටට ඩොලර් නැති වෙලාවේ කරන්න පුළුවන් නම් ඔන්න හොඳ වැඩක් මචෝ මේකත්. හැබැයි ඉතින් කරන දෙයක් අර්ථවත්ව කරමු.

I නිසල්