2022 ජුලි 10 වන ඉරිදා

මල්ල ලිහනවා තෑගි බෙදනවා

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 70

ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ YouTube එක ඇතුලේ තියෙන තව Y Trend එකක් ගැන. YouTube එකේ තියන එක එක Trends ගැන අපි සුදාලා එක්ක කතා කරල තියෙනවා. මතක ඇතිනේ, මේකත් ඉතින් එක ජාතියක Video Category එකක්. මේ ජාතිය වීඩියෝ හඳුන්වන්නේ Giveaway Videos කියලා. සීන් එකට YouTube ප්‍රධානයි. එත් මචෝ Facebook, Instagram වගේ Social media platforms වලත් ඕනතරම් මේ ජාතිය වීඩියෝ තියෙනවා.

ඉතින් සුදාලා ගොඩදෙනෙක් දන්නවා Giveaway එකක් කියන්නේ මොකක්ද කියලා. ඒත් තවත් සරල සිංහලෙන් කියනවා නම්, මචෝ වෙළඳ ප්‍රචාරණය වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ යමක් ලබාදීම තමයි ඔය Giveaway කියලා කියන්න. ඔය Television channel වල &බැලුවොත් සල්ලි තමයි* කිය කියා සල්ලි බෙදන සීන් වගේම, කොම්පැනිකාරයෝ තෑගි බෙදන සීනුත් අයිතිවෙන්නේ මේ සීන් එකට.

තවදුරටත් සීන් එක පැහැදිලි කරනවා නම් Marketing  කියන subject එක ඇතුළෙ තමයි පැහැදිලි කරන්න වෙන්නේ. ඒකට නම් වෙලාව ‍මේ නෙවෙයි වස්තු. කොහොම වුණත් Giveaway කියන්නේ Marketing කියන ෆීල්ඩ් එක ඇතුලේ නිර්මාණය වුණු Trend එකක්, අනිත් ගොඩක් Trends වගේම. හැබැයි අපි අද මේ සීන් එක ගැන කතා කරන්නේ වෙනම තැනක ලෙවල් එකකින්. මොකද ඔය Theoretical සීන්කෝන් ෆෙන්තොලගෙ ඔළුවට දාලා Y Trend එක බෝරින් කරන්න අපිට බෑනේ.
කොහොමහරි, මේ ජාතියෙ වීඩියෝවල ප්‍රධාන වර්ග දෙකක් හඳුනගන්න පුළුවන්. ඔය ලොකු කම්පැනි මාධ්‍ය ආයතන එක එක පොරවල් කරන Videos එක ජාතියකට තමා අයිති වෙන්නේ. ඒවා ඉතිං ඇත්තටම Advertisement කියන ලෙවල් එකේම තමා යන්න වෙන්නේ. එහෙම වුණත්, Giveaway සීන් එක මේ දවස්වල ලොකුම Trend එකක්. විශේෂයෙන්ම Virtual platforms ඇතුලේ බිස්නස් කරන පොරවල් හදන Giveaway Videos සෑහෙන්න තියෙනවා.

උදාහරණයක් කියනවා නම් මචෝ, ඔන්න කවුරුහරි website එකක් හදාගන්න ටීෂර්ට් ෂෝට් විකුණනවා. වැඩේ Promote කරගන්න විදිහක් නෑ. ඉතිං පොර මේ සීන් එක Promote කරගන්න ටී ෂර්ට් දෙකක් නොමිලේ දෙනවා කියලා Giveaway එකක් දානවා. නොමිලේ දෙනවා නම් දෙමළ පත්තරය හරි ගන්නවනේ අපේ අය. ඉතින් සෙටාර් එක ඕසෙට සීන් එක පිටිපස්සේ යනවා. කොල්ලා ගොඩ.

මේ විදිහේ giveaways නිර්මාණය කරන්න වෙනම වෙබ් අඩවි පවා තියෙනවා මචෝ. සල්ලි දීලා කොලිටි එකට කරගන්නත් පුළුවන්. නැත්තං Normally free කරගන්න පුළුවන් Web එහෙමත් තියනවා. ඒ ගැන ඉතින් කාට හරි වැඩි විස්තර ඕනනම් YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා වස්තුලාට ඉගෙනගන්න. ඇත්තටම මචං Online Business එකකට Customer base එකක් නිර්මාණය කරගන්න මේකෙන් පට්ට සපෝට් එකක් හම්බ වෙනවා. ඔන්න අපි සුදාලාට හැමදාමත් කියනවා වගේ සමහරක් Trend වලින් Life එක ගොඩදාගන්න. කැමති අය කල්පනා කර බලන්න අපි ටිප් එකක් දුන්නා හරිය.

මේ සීන් එකේ දෙවැනි වර්ගයේ Giveaways වල තියෙන්නෙ ආතල්. YouTube එක ඇතුලෙ පිස්සුවක් වෙලා තියෙන්නෙ මෙන්න මේ සීන්කෝන් එක තමා. අපේ පැංචෝ පැංචියෝ දැකලා ඇති මේ ජාතියේ videos. ඒවල තියෙන කතා දෙක තුනක් කියන්නම්. නැත්තං මොනවා ගැනද මේ කියන්නේ කියලා අපේ ෆෙන්තොලාට තේරෙන්නේ නෑ. එහෙම තේරුනේ නැති වුණොත් අපි කියන මේ වැල් බයිලා වලිනුත් කිසි වැඩක් නෑ.

ඔන්න ඩයල් එකක් යනවා රෙස්ටොරන්ට් එකකට. එකපාරට සල්ලි මිටියක් අරගෙන හැමෝටම සල්ලි බෙදාගෙන බෙදාගෙන යනවා. නැත්තං ඒ අයගේ කෑමවලට ගෙවනවා. තවත් පොරක් Homeless කෙනෙක් වගේ පාරේ වාඩිවෙලා බෝඩ් කෑල්ලක් තියාගෙන ඉන්නවා. කවුරුහරි පොරට සල්ලි දුන්නොත් මෑන්ස් අනිත් පැත්තට දුන්නා වගේ දහ ගුණයක් ඒ කෙනාට දෙනවා. මේ වගේ ඒ වලට නම් මෙයාලා social experiment කියලත් කියනවා. ඉස්සරහට අපි ඒ ගැනත් වෙනම Y Trend එකක් දෙන්නම්.

තවත් වීඩියෝ එකක ඩයල් එකක් වයර් තියෙන Hand free වලින් සින්දු අහ අහ ඉන්න අය ළඟට ගිහිල්ලා හොරෙන් කතුරකින් වයර් එක කපලා දානවා. ඊටපස්සේ ඒ අය පුදුම වෙලා බලන් ඉන්නවා නැත්නම් බණිනව. එතකොට මෙන්න මේ පොර අලුත් සුපිරි AriPods එකක් අර කෙනාට දෙනවා. නැත්තං කැම්පස් එක හරි High school එක හරි Computer lab ඇතුළට ගිහිල්ලා කාගෙන් හරි අහනවා ඇයි ඔයා මේකේ ඇතුලේ ඉන්නේ, ලැප් එකක් නැද්ද කියලා. නැහැයි කිව්වොත් එකපාරටම බෑග් එකෙන් MacBook එකක් අරගෙන දෙනවා. ඉතින් මේ විදියට හතර පහක් බෙදනවා. සමහරු iPhone බෙදනවා. සමහරු සල්ලි බෙදනවා. එක එක දේවල්.

ඇත්තටම මචං මේ ජාතිය වීඩියෝස්වලට YouTube එකේ මිලියන ගානක් Views තියෙනවා. මෙහෙම වීඩියෝ එකක් කරොතින් ඉතින් ගොඩක් වෙලාවට Trend වෙනවා. මිනිස්සු ස්වභාවයෙන්ම මේ වගේ දේවල් බලන්න කැමතියි මචෝ. මේ සීන්කෝන් එකේ ඉන්න පට්ට ප්‍රසිද්ධ Youtubers ඉන්නවා. ඒ වගේම වෙන වෙන සීන් නිසා ජනප්‍රිය වුණු Youtubers ලාත් ඉඳලා හිටලා මේ ජාතියේ Giveaway Videos කරනවා.

ඇත්තටම මේක පිස්සුවක්. හිතාගන්න බැරිතරම් මුදල් තියන පිස්සු ඩයල් වගේම Teenagers ලත් මේ සීන් එකේ ඉන්නවා. සල්ලි තියෙන පිස්සු ඩයල් ඉන්නවා ඉතින් ගොන් ආතල් දෙන. පාරේ යන මනුස්සයෙක්ගේ Phone එකක් අරගෙන එකපාරට පොලේ ගහලා ඒ මනුස්සයට අලුත්ම Iphone එකක් දෙන ජාතියේ ඩයල් මෙයාලා. යූටියුබ් එකේ හෙව්වොත් මේ වගේ වීඩියෝ හොයාගන්නත් පුළුවන් ඕනෑතරම්.

මේ සීන් එක වැඩිපුරම තියෙන්නේ ඇමරිකාව ඇතුලේ. මිනිස්සුන්ට උදව් කරන දේවලුත් මේ සීන් එක හරහා ගොඩක් වෙනවා. විශේෂයෙන්ම Homeless අයට. ඇත්තටම ආදර්ශයට ගන්න පුළුවන් වැඩත් සෑහෙන්න තියනවා. American culture කියලා කියන්නේ අමුතුම සීන් කෝන් එකක්නේ. මේ ජාතියේ Giveaway එතකොට Social experiment හරියට එහෙ වෙනවා. මේ සීන්කෝන් Follow කරලා ඉන්දියාව, දකුණු කොරියාව වගේ රටවලත් දැන් වැඩේ සැරට කෙරීගෙන යනවා. හොයලා බලන්න කෝ.

ඇත්තම කියනවා නම් මේවා Follow තමයි එය අපේ ටෙලිවිෂන් චැනල්වලින් &සල්ලි තමයි* කියලා Programs කරන්නේ. ලංකාවෙ Youtubers ලත් ඉඳලා හිටලා මේවා කරනවා. ලොකුවට නෑ. පාරෙදි මගතොටේදී එක එක ප්‍රශ්න අහලා සල්ලි දෙන සීන්කෝන් තියෙනවා දැකලා ඇති. ඒත් අපේ වගේ රටක යුරෝපයේ ඇමරිකාවේ වගේ ලොකු ආතල් දෙන්න බෑනී වස්තු. එහෙම ආතල් ගන්නවත් දෙන්නවත් අපේ උන්ට එච්චර සල්ලි නෑ. සුදාලාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ දවස්වල හැමෝටම කෝඩේ ගහලා තියෙන්නේ. ඇත්තටම Giveaway එකකින් හරි පැට්රල් කාලක්, ගෑස් සිලින්ඩරයක් ලැබෙයි කියලා හිතාගෙන අපි මේවා බලනවා. 

දුකයි ඈ... ෆෙන්තො.

I නිසල්