2022 ජුනි 19 වන ඉරිදා

කැරම් ලෝකයක් තවත් පිස්සුවක්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 233

සමහර Trend තියෙනවා මචෝ අපිට එච්චර Touch වෙන්නේ නැති. ඒත් ඒ Trend හරිම වේගෙන් පැතිරෙනවා. අපි දන්නෙත් නෑ. ඔන්න සුදෝ අද ගලපන්න යන්නේ ඒ වගේ Y Trend එකක්. මේක කැරම් ගැන Y Trend එකක් මචෝ. හා හා කලබල වෙන්න එපා Carrom ඔයාලා දන්නවා කියලා අපි දන්නවා. මේ කියන්නේ Mobile Game එකක් ගැන කතාවක් මචෝ.

අපි දන්නවා PUBG Mobile , CoD Mobile වගේ Mobile ගේම් තමා මේ වෙනකොට ලෝකයෙ ජනප්‍රියම. ලංකාවේත් ඒක එහෙමයි. ඒත් මම සුදාලට මෙහෙම කිව්වොත්, ඔය Game තරමටම Carrom Game එකක් ලංකාවේ ජනප්‍රිය වෙලා. සුදාලා පිළිගන්නවද? මේක සිරා සිද්ධියක්. අවුරුදු 14, 15 වයස්වල ඉඳන් අවුරුදු 30 දක්වා අපේ රටේ විශාල පිරිසක් මේ Game එක පිස්සුවෙන් වගේ ගහනවා.

සිරා Y Trend එකක්. ඒත් මේක සමහරුන්ට ඇත්තටම අතහැරගන්න බැරි පුරුද්දක් වෙලා තියෙන්නේ බ්‍රෝ. PUBG, CoD තරමට මෙක පිස්සුවක් වෙලා පැය ගාණක් මේ Game එක ඇතුළට වෙලා මෙයාලා හිරවෙලා ඉන්නවා.

කැරම් ගැන නොදන්න පැංචෙක් පැංචියෙක් අපේ සිරිලංකාවේ නෑ. ඉතින් අපේ දානේ ගෙදරක මළගෙදරක කැරම් බෝඩ් එකක් කියන්නේ අනිවාර්ය අංගයක්. ඒ වගේම සමහර ගෙවල්වල පවුලේ ක්‍රීඩාවක් විදිහටත් කැරම් භාවිත කරනවා. ඊට අමතරව කොල්ලෝ සෙට්වෙන, පොට්වෙන ගොඩක් වෙලාවට කැරමක් ගහන්න %ලයින්^ එකක් හදාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම වාහන නැවතුම්පොළවල, වැඩපොළවල්වල Rest room වලත් ගොඩක් වෙලාවට අපේ සෙටාර් එකක් කැරමක් ගහනවා. ඒක සිරාවටම වෙනම ආතල් එකක් මචෝ.

රණ්ඩු කර කර ආතල් එකට කැරමක් ගහනවා වගේම තමයි, වස්තු Sport එකක් විදිහට Carrom කියන්නේ සුපිරි සීන් එකක්. ලංකාවේ ක්‍රීඩා සමාජ පවා තියෙනවා. තරගාවලි සංවිධානය වෙනවා. වෙන එකක් තියා ගොඩක් පැංචෝ පැංචියො නොදන්නවට Cricket වලින් පස්සේ අපි ලෝක ශූරතාවක් දිනලා තියෙන්නේ Carrom වලින්. සිරාවට අපේ රටේ සෑහෙන්න කැරම් වැඩ්ඩෝ ඉන්නවා. කොහොම වුණත් සාමාන්‍ය මිනිස්සු කාලය ගත කරගන්න කරන සෙල්ලමක් තමා කැරම්. ඒ නිසාම කැරම් කියන්නේ කාලය සම්බන්ධව නම් එච්චර හොඳ සෙල්ලමක් නෙවෙයි.

කැරම් සෙල්ලමත් එහෙමයි. ඒකට හේතු ගොඩාක් තියෙනවා. කැරම් සෙල්ලම් අතරින් ප්‍රධාන සෙල්ලමේ සම්පූර්ණ නම මුලින්ම කියන්නම්. Carrom Pool: Board Game. මේකට තමා අපේ අය ඇබ්බැහි වෙලා ඉන්නේ. වස්තුලාට කියන්න මිලියන සීයක විතර පිරිසක් Google Play Store එක ඇතුළේ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. Review ම මිලියන හතරක් විතර තියෙනවා. හිතාගන්න පුළුවන්ද මචෝ මේ වගේ පොඩි %ගේම්^ එකට මේ තරම් සෙට් එකක් කැමතියි කියලා. මේ ගේම් එක නිසා ලංකාව, ඉන්දියාව පකිස්ථානය, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, ලාඕස් වගේ සෑහෙන රටවල පිරිස් මේ Carrom සීන් කෝන් එකේ ඉන්නවා.

මේකට කට්ටිය පිස්සු වැටුණු හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි මේක Multiplayer ගේම් එකක් වීම. Facebook හරහා මේ ගේම් එකට සෙට් වුණාට පස්සේ ඔයාට ඔයාගේ යාළුවො එක්ක මේ ගේම් එක ගහන්න පුළුවන්. ඒ වගේම Ranking කියලා කියන්නෙත් කට්ටියව පිස්සු වට්ටන තවත් හේතුවක්. සුදාලාට කියන්න ලෝක මට්ටමෙන් වගේම ලංකාවෙත් වෙන වෙනම Ranking කරනවා. ඒ නිසාම මචෝ ඔයාගේ යාළුවො අතරත් Ranking වලට තරගයක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනවා. තව විස්තර කිව්වත් මේ ගේම් එකේදී වෙනත් රටවල players ලත් එක්කත් ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්.

මේකේ ඇතුළේ කැරම් සම්බන්ධ එක එක ක්‍රීඩා ක්‍රම තියෙනවා මචෝ. ඒ වගේම තරගාවලිය විදියට සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒ වලටත් වෙනම Ranking තියනවා. Reward එහෙමත් සමහර වෙලාවට free ලැබෙනවා. ඒත් මේ පිස්සු උපරිමයෙන් තියෙන අයගෙන් ගාණක් කපාගන්නත් Game developers ල අමතක කරලා නෑ. අනිත් හැම Mobile game එකකම වගේ මේ ගේම් එකෙත් Gift ගන්න දෙන්න පුළුවන්. ඒ වගේම සල්ලිවලට ඩයමන්ඩ් ගන්න, එතකොට එක එක පහසු Shot සල්ලිවලට ගන්න. හොඳ ඩිස් එක්ක ගන්න, මේ වගේ වැඩ කෑලි ගොඩක් තියෙනවා.

අපි ආයෙ මචෝ අපේ රටේ මේ සම්බන්ධ තියෙන Trend  එක ගැන බලමු. ඔය අවුරුදු 14, 15, 16, 17 නව යෞවනයේ ඉන්න හැම දරුවෙක් අතේම දැන් තියෙනවා Smart Phone එකක්. ඒකට වරදක් කියන්න බෑ මචෝ, මොකද Online අධ්‍යාපනයට ඒක අතිශය වැදගත්. හැබැයි මේ Mobile එකෙන් දරුවෝ විවිධ දේවල්වලට පුරුදු හදාගෙන ඉවරයි දෙන කොටත්. ගොඩක් අපේ පුංචි කොලු පැටව් මේ ගේම එකටත් පුරුදු වෙලා. ගෙදර හිටියත් යාළුවන්ට Challenge කර කර ගේම් එක ගහනවා. ගහන්නේ Carrom නිසා අම්මා තාත්තලා දාන බරබරේ දානවත් සාපේක්ෂව අඩුයි.

හැබැයි ඉතින් මේ සෙට් එක සීන් එකට කොච්චර ඇබ්බැහි වෙලාද කියන්නේ. පාරෙදි මඟතොටේදී, පන්සලේදී, පන්තියේදී, මළගෙදරක, දාන ගෙදරක හම්බවුණත් මෙයාලා ටක්ගාලා Carrom ගේම් එකට සෙට් වෙනවා. සමහරක් වෙලාවට එක ළඟ පුටුවල වාඩිවෙලා Phone එක දිහා බලාගෙන මේ අය එකිනෙකාට අභියෝග කරකර මේ Game එකේ ඉන්නවා. සුදාලට කියන්න සීන් එක ගැන නොදැන ඔයාලා ඒ වගේ තැනකට ගියොත්, මොකක්ද මේ පිස්සුව කියලා හිතෙනවා. ඇත්තටම ලෝකය ගැන මෙයාලට වගේ වගක් නෑ මචෝ.

පොඩ්ඩෝ විතරක් නෙවෙයි අවුරු 20 ගණන්වල තරුණ සෙට් එකත් මේ පිස්සුවට සෙට් වෙලා ඉන්නේ. සමහර ත්‍රීවීල් නැවතුම්පොළවල ඒ ගේම් එක ගහන කොල්ලො දකින්න පුළුවන්. ඒ වගේම වැඩට යන එන ගමන් බස් එකේදී දුම්රියේදී මේ සීන් එකේ ඉන්න අය සුදාලා සමහරක් විට දැකලත් ඇති. කොහොම වුණත් එක දෙයක් කියන්න ඕනෑ. මේ ගේම් එක ඇතුළේ කොච්චර වැඩ්ඩෙක් වුණත් වැඩක් නෑ. ඇත්තම කැරම් බෝඩ් එකක් ඉස්සරහ වාඩි වුණාම. මේ ගේම් එකේ Ranking වල ඉන්න පට්ට වැඩ්ඩෝ පවා රොඩ්ඩෝ වෙලා යනවා. මොකද සයිබර් ලෝකය කියලා කියන්න එකක් ප්‍රායෝගික ලෝකය කියලා කියන්නෙ වෙනම එකක්.

කොහොම වුණත් මෙතැනදී අවසාන වශයෙන් කියන්න ඕන කාරණා දෙකක් තියෙනවා මචෝ. Carrom වගේ අපේ ආසියාතික රටවල් වලට අනන්‍ය වුණු ක්‍රීඩාවක් Mobile game එකක් විදියට මෙච්චර ප්‍රසිද්ධ වෙච්ච එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒත් මචෝ මේකට පුරුදුවෙලා කාලය සෑහෙන්න විනාශ කරගන්න අපේ ලංකාවේ හිරිමල් යෞවනය ගැන නම් අපිට සතුටු වෙන්න බෑ.  ඒක කාටවත් නොපෙනෙන විශාල ඛේදවාචකයක් යාළු.

සුදාලාට  නංගි මල්ලිලා ඉන්නවා නම් දරුවො ඉන්නවා නම් එයාලා Mobile game වලට වැයකරන කාලය පිළිබඳව පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න. හැබැයි වස්තුව එකපාර හැමදේකටම විරුද්ධ වෙන්න යන්න එපා. තේරුමක් නෑ. මොකද අපි මේ ජීවත් වෙන්නේ වේගෙන් වෙනස්වුණු ඩිජිටල් යුගයක. ඒ නිසා යම් වෙනසක් කරන්න ඔයාලට ඕන්නං හොඳට හිතලා ඒ වැඩේ කරන්න ඕනෑ.

I නිසල්