රජත් - ආයුබෝවන් ඔබේ උසාවියට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද ඔබෙ උසාවියට ඉදිරිපත් කරන කෙනා, ගායකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් නළුවෙක්. ඔහු දේශයේ ජනතාවට ගොඩාක් ආදරය ලබාදුන්න, ගොඩාක් ඇඬෙව්වා, ඒත් ඔහු සමහර වෙලාවට කියන කතා වලට මිනිස්සු කේන්ති ගන්නවා. ඒ වගේම භාරත් දේශයෙන් පද්ම ශ්‍රී, පද්ම භූෂන් සම්මානයෙන් පවා පිදුම් ලද උපන් ඔහු හදවත්හි ගැහෙන රාවය, සුපිරි තාරකාව ආමීර් ඛාන් තමයි අද ඔබේ උසාවියෙන් ඔබ හමුවන්නේ.
(සහභාගී වී සිටින ජනතාවගෙන් ජයඝෝෂා)
ආමීර් ඛාන් නැමති චූදිතයාගේ නඩුවෙහි සාක්ෂි මෙහෙයවීම සඳහා අද දිනයේ විනිසුරැ ලෙසින් සහභාගී වනුයේ ප‍්‍රවීණ විචාරක, ලේඛක, පුවත්පත් කලාවේදී ඩොක්ටර් වේද් ප‍්‍රතාප් වේදික්. අද චෝදනා ගොනු කිරීම ආරම්භ කිරීම සඳහා ඩොක්ටර් වේද් ප‍්‍රතාප් වේදික් මහතාගේ අවසරය ලැබිය යුතුයි.
විනිසුරු - අවසරය ලබාදෙනවා අධිකරණයේ කටයුතු ආරම්භ කිරීමට.
රජත් - සුපර්ස්ටාර් ආමීර් ක්යාමත් සේ ක්යාමත් තක් ෆිල්ම් එකේ ඉඳන් දංගල් කියන ඔබේ අලුත්ම ෆිල්ම් එක වෙනක්ම් කරපු සෑම ෆිල්ම් එකක්ම හිට් ඒවා වුණා. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් ඔබට ගොඩාක් ආදරය කරනවා. ඔබ යනවා කියලා කිව්වට ඔබ හිතනවද පේ‍්‍රක්ෂකයින් මේ රට අමතක කරලා යන්න ඉඩ දේවි කියලා.
ආමීර් - නැහැ... නැහැ... රජත් සර් ඒක ඉතාම වැරදි අදහසක්. ඇත්තම කතාවනම් මම මේ දේශයේ ඉපදුනා. මම මෙහෙම මැරෙනවා. ඒක මට ඔබතුමාට දිවුරලා කියන්න පුළුවන්. ඇත්තම කතාවනම් මට මගේ රටින් ගිහින් වෙන රටක සති දෙකක්වත් ගත කරන්න ඉතාම අපහසුයි.
රජත් - ඔබ කිව්ව කතාවක් මිසක් මම කිව්ව දෙයක් නෙවෙයිනේ මම කිව්වේ. බලන්න ඔබ මේ පුවත්පතට කියලා තියෙන දේ. මේ පත්තරේ හෙඩ් ලයින් එකේම තියෙනවා කිරන් රාඕ ඉන්දියාවෙන් බැහැරව යෑමට ආමීර්ගෙන් විමසයි. කිරන් යමු කිව්වම ඔයා හරි යමු කියලා කිව්වද?
ආමීර් - නැහැ... නැහැ... ඕක බොරුවක්. අපි ගෙදර කතාබහ කරනවනේ. අපි ගොඩාක් දේවල් කතා කළාට ඒ හැමදෙයකම 100%ක්ම කරන්නේ නැහැනේ නේද? අපේ ඒ වගේ බලාපොරොත්තුවක් තිබුණා. කිරන් හැඟීම්බරව මට කිව්වා. ඒක දැකලා මම බයවුණා. මම දන්නවා එයාට මේ රටේම ඉන්න ඕන. කිරන්ජීත් මෙහෙමෙ ඉපදුනා. මෙහෙම මැරේවී. අපි දෙන්නම මේ භාරත් දේශයට ගොඩාක් ආදරෙයි. අපි අපේ රට අත්හැරලා කොහේවත් යන්නේ නැහැ කියන එක මට ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්.
රජත් - ඔය කතාව පත්තරවල ගිය ගමන් ෆිල්ම් ඉන්ඩස්ටි‍්‍ර එකේ ගොඩාක් ජනප‍්‍රිය ඒ වගේම ප‍්‍රවීණයෝ පව ඒ ගැන තමන්ගේ අදහස් දක්වලා තිබුණා. අනූපම් ඛේර් වගේ අය ප‍්‍රකාශ කරලා තිබුණා කිරන්ජී මේ රටින් යනවා කියලා තියෙන කතාවට ඔබට කියන්න තිබුණා මේ රට ඔබට කොච්චර ආදරයක්, ගෞරවයක් දීලා තියෙනවද කියලා. මේ රටයි ඔබව ආමීර් ඛාන් කළේ කියලා.
ආමීර් - ඇත්තටම අනූපම්ජී හිතලා තියෙන්නේ එතුමගේ වයිෆ් කිරන් ගැන කතාවෙනවා කියලයි. මම විහිළුවට එහෙම කිව්වෙ. ඒදේ ගැන කියලා තිබුණු හැමෝම. මම දන්නවා අනූපම් ඛේර්ජී සමහර දේ කියලා තිබුණා. ගොඩාක් අය හැඟිම්බරවෙලා ආමීර් මෙහෙම කිව්වේ කොහොමද කියලා කියලා තිබුණා. ඒත් මම එහෙම කිව්වෙවත් නැහැ.
රජත් - ඒත් මේ රටේ ආරක්ෂාව ගැන මට බයක් තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව ගැනත් බයක් තියෙනවා කියලා ඔබ කියලා තියෙනවා. ඒ නිසා මේ රට අත්හැරලා යනවා කියලත් ඔබ කියලා තියෙනවා.
ආමීර් - නැහැ. මම එහෙම කිව්වේ නැහැ. කිරන් හැඟිම්බරවෙලා මෙහේ මොනවා වෙයිද කියලානම් කිව්වා. මගේ රංග දේ බසන්ති ෆිල්ම් එකෙ කිසිම රටක් පරිපූර්ණ නැහැ. අපි එය හැදිය යුතුයි කියලා දෙබසක් තියෙනවා. ඇත්තම කතාවනම් රටේ හැමෝම එකමුතුවෙලා රට ඉතා උසස් තැනකට ගෙනියන්න වගේම හොඳ ශක්තිමත් රටක් කිරීම වෙනුවෙන් උත්සාහ කරන්න ඕන. ප‍්‍රවෘත්ති කියන නාමය භාවිත කරලා හැමෝම තමන්ගේ නාලිකාවේ රේටින්ග්ස් වැඩි කරගන්නනේ හදන්නේ. ඔබතුමා එහෙම කිව්වට සමාවෙන්න ඕන ඒත් ඒක තමයි ඇත්ත. හැමෝටම කලින් තමන් ඉදිරියෙන් ඉන්නවා කියලා අසත්‍ය ප‍්‍රචාර හරි පතුරවනවා. 99%ක් දෙනා මගේ ඉන්ටර්වීව් එක දැකලත් නැහැ. ඒත් ඔවුන්ටත් කියනවා ආමීර් ඛාන් රට අත්හරින්න හදනවා කියලා. හැම සමාජයකම ධනාත්මක සහ සෘනාත්මක මිනිස්සු දෙකොටසම ඉන්නවා. ගොඩාක් අය ධනාත්මක අයයි ඉන්නේ. මම විශ්වාස කරනවිදියට සාමාන්‍ය ජනතාව ගොඩක් ධනාත්මකව හිතන අයයි ඉන්නේ. තමන්ට කොතරම් ප‍්‍රශ්න ඇතිවුණත්, ඒ ගොල්ලෝ ධනාත්මකව ඉන්න හදනවා. අවාසනාවට හැම සමාජයකම් සෘනාත්මකව හිතන් පිරිසකුත් ඉන්නවා. ඒ ගොල්ලෝ තමයි විෂ පතුරැවන්නේ. අපේ මේ සුවිසල් රට දිහා බැලුවම මේ රටේ සිය ගාණක් භාෂා කතා කරන අය ඉන්නවා. ප‍්‍රානතයෙන් ප‍්‍රාන්තයට රාජ්‍යන් වෙනස්. හැම ප‍්‍රාන්තයකටම අදාළව තමන්ගෙම භාෂාවක්. ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙනවා. මෙතරම් සුන්දරත්වයක් තියෙන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින්ම තියෙන මගේ රටේ තියෙන ශක්තිය කවුරැන් හෝ නැති කරන්න හදුන්වා නම් ඕනම කෙනෙකුට ඒකෙන් දුකක් ඇතිවෙන්න පුළුවන්. රට ගැන හිතන ඕනම කෙනෙක්ට ඒ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඒ වේදනාව මටත් තියෙනවා. මම වැරදි දෙයක් නෙවෙයි නම් කියන්නේ අපේ රටේ අගමැතිතුමත් කියන්නේ මේ කතාවමයි.
( නඩුව ඊළඟ සතියට කල් තැබේ )