2022 මාර්තු 06 වන ඉරිදා

රට වටේට ඇවිදින්නෝ!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 73

මේ දවස්වල Travel  කරන YouTubers ලා කිහිප දෙනෙක්ම ලංකාවට ඇවිල්ලා ඉන්නවා මචෝ. ඒ වගේම ලංකාවේ Traveling YouTube channels කරගෙන යන කිහිප දෙනෙක්ම ලෝක සංචාර ආරම්භ කරලා. ඉතින් ඒ නිසා  අපි හිතුවා Traveling YouTubers ලා ගැන අද Y Trend වලින් කතා කරන්න. අවුලක් නෑනී සුදෝ. අපි සීන් එකට Enter වෙමු. මේක ආරම්භයක් විතරයි. මේ Trend එක ගැන තව කතා ගොඩක් එනවා. ඒවා තාම මඟ පැංචෝ. 

Traveling කියන්නේ ලෝකය පුරා තියෙන අංක එකේ විනෝදාංශයක් කියලා සුදාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට තේරෙනවා මිනිස්සුන්ට සංචාරය කරන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඒක ඉතින් පැංචෝ ඉතිහාසගත ආසාවක්. මානවයා ශිෂ්ටාචාරගත වෙන්නත් බලපාපු ලොකුම හේතුවක් තමයි සංචාරයට සම්බන්ධ මනුෂ්‍ය වර්ගයා තුළ තිබුණු කැමැත්ත. ඔය ආර්යන්ගේ සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුදාලා අපි ඔක්කොම මේ විදිහට ඉන්නේ. හෝ හෝ... ඒ කතා ඕනේ නෑ, අපි ආයේ සීන් එකට Enter වෙමු.

බ්‍රෝලා සිස්ලා කාලයක ඉඳලා අහලා තියෙනවා Tourist ලා ගැන. ඒ වගේම Tourism ගැන. ඒත් Travelers ලා ගැන. Traveling ගැන. සුදාලා ලොකුවට කතා කරන්න, අහන්න ගත්තේ මෑතකාලීනව නේද? හැබැයි Traveling කියන්නේ මෑතකාලීනව පටන් ගත්ත දෙයක් නෙවෙයි. අපි මුළුමනින් කිව්වා ඒ ගැන. කොහොම වුණත් YouTube කියන Social Media Platform එකයි, Video Camera Technology එකයි හින්දා තමා අද අපි කතා කරන ජනප්‍රිය Traveling කියන Y Trend එක නිර්මාණය වුණේ. හෝ හෝ... දැන් සීන් එක පොඩ්ඩක් අවුල්වෙලා. Tourism සහ Traveling කියන දෙක පැටලිලා. Sorry වෙලා ෆ්‍රොන්තො.

Tourism සහ Traveling කියන්නේ එකක් නෙවෙයි දෙකක්. එහෙම කියන්නෙ අපි නෙවෙයි මචෝ. නූතන ලෝකය මේ දෙක අතර තියෙන වෙනස පැහැදිලි කරනවා. ඒකට නම් වෙනම Article එකක් ලියන්න වෙනවා වස්තු. ඒත් සරල උදාහරණ දෙකක් කියන්නම්. 

1. A TOURIST EATS COMFORT FOOD; A TRAVELER TRIES OUT THE LOCAL CUISINES (TOURIST කෙනෙක් තමන්ට සුවපහසු ආහාර අනුභව කරනවා. TRAVELER කෙනෙක් දේශීය කෑම වර්ග අත්හදා බලනවා.)
2. TOURISTS STICK TO THEIR NATIVE TONGUE; TRAVELERS MAKE AN ATTEMPT TO LEARN THE LOCAL LANGUAGE (TOURISTS ලා ඔවුන්ගේ මව් භාෂාවට ඇලිලා ඉන්නවා. TRAVELERS ලා දේශීය භාෂාව ඉගෙන ගැනීමට උත්සාහයක් දරනවා.)

සුදාලා කලබල වෙන්න එපා. මේ වගේ දිග ලැයිස්තුවක් තියෙනවා. අපි ඒ ඔක්කොම කියන්න යන්නේ නෑ. වැඩිදුර තොරතුරු කැමති අයට Google දෙයියන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්න YouTube Travelers ලා ගැන  පොඩ්ඩක් බලමුකෝ. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙයාලගේ  පැමිණීම ලොකු උදව්වක්. කොවිඩ්වලින් පස්සේ මේ පිරිස වෙන වෙනම ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඒත් එකපාර පස් හය දෙනෙක් YouTube එකට ලංකාව ගැන Traveling Videos Upload කරන එක වෙනම ආතල් එකක්. ලස්සනම දේ තමයි මේ අයගෙන් බහුතරය නිතරම ලංකාව ගැන Positive විදිහට කතා කරන එක.

බ්‍රෝලාට කියන්න මේ Traveling Video බලන එක එක්තරා විදිහක ඇබ්බැහියක් මචෝ. ඒකේ වෙනම ලල් එකක් තියෙනවා. අපිට එහෙම ආතල් එකක් තියෙනවා නම් මේ විදිහට Travel කරන කස්ටියට කොහොම ආතල් එකක් ඇද්ද? ඇත්තටම මේ වීඩියෝ ඔස්සේ අපිට අපේ නොවන අපේම අත්දැකීමක් විඳගන්න අවස්ථාව උදා වෙනවා. ඒකම තමා ලෝකයේ Traveling Videos වලට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ Travelers ලා YouTube හරහා ආදායම් ලබනවා. ඒක නිසා සමහරු මේක වෘත්තියක් විදිහට කරන්න Try කරනවා. ඒත් ඒක සාර්ථක නෑ කියලයි සමහර Travelers ලා කියන්නේ. කොහොම වුණත් එහෙම සීන් එකකුත් තියෙනවා කියලා මතක තියාගන්නකෝ.

මේ දවස්වල ලංකාවට ඇවිල්ලා Videos Upload කරන විදේශීය YouTube ලා ගැන පොඩ්ඩක් බලමු. මෙයාලා ඉතින් ලංකාව වටේම සංචාරය කරනවා. විවිධ මිනිස්සු හඳුනාගන්නවා. දේශීය කෑම ජාති Try කරනවා. හිටපු ගමන් අපේ විදිහට ඇඳුම් අඳිනවා. අපේ චූටි චූටි Saloon වලින් කොණ්ඩේ කපනවා. මේ ඔක්කොම කරන අතරේ තමන්ට වියදම් වෙන විදිහට අපේ අයට අමෙරිකන් ඩොලර්වලින් නරඹන්න කියනවා. ඉතින් මචෝ එක එක විදිහේ ආතල් ගන්නවා මේ Travelers ලා. ආ අමතක වුණා එයාලා අපේ භාෂාවත් Try කරනවා. මේ දවස්වල ලංකාවේ ඉන්න Travelers ලාගේ YouTube නම් කිහිපයක් කියන්නම ඕනේ නම්. Harry Jaggard, World Nomac, Davud Akhundzada, Oskar and Dan, Growing Up Without Borders. සුදාලා කැමති නම් YouTube එකේ Search පාරක් දාලා බලන්න. තව අය හම්බවෙයි.

Traveling කරන ශ්‍රී ලංකික පිරිස් ලෝකය පුරා ඉන්නවා. එයාලා ලස්සන YouTube Channels එහෙමත් කරනවා. ඒ වගේ නම් දෙක තුනක් මතක් කරන්නම්. Binario 12, එතකොට Lokewate Sudantha වගේ ගොඩක් තියෙනවා. එකපාරට මතක් වෙන්නේ නෑ සුදෝ. ඒ වගේම ලංකාවේ ඉන්න ගමන් විවිධ රටවල්වලට Travel කරන You tubers ලා කිහිප දෙනෙකුත් ඉන්නවා. අපි අද කතාව පටන් ගනිද්දි කිව්වා වගේ මේ දවස්වල ඒ Sri Lankan You tubers ලා විවිධ රටවල ඉඳන් Videos Upload කරනවා. ඒකත් අපේ නරඹන්නන්ට සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ Travel With Wife. ඒ වගේම Ashen Senarathna අලුත් වැඩ කිහිපයක් කරගෙන යනවා. 

ඉතින් මචෝ Traveling කියන Trend එකේ තවත් පැති තියෙනවා. අද අපි කිව්වේ ලංකාවේ මේ මොහොතේ තියෙන තත්ත්වේ ගැන. රට ඇතුළේ සංචාරය කරන අපේම Travelers ලා ගොඩක් ඉන්නවා. එයාලා ගැන කතා නොකර බෑ. ඉතින් අපි ලබන සතියේ Y Trend එකෙන් එයාලා ගැන කතා කරමු. අදට මේ ඇති. අපි කිව්වා නම් ගම් විස්තර ගැන පොඩි සෙවීමක් කරන්න කියලා. අවසානෙදි ආරාධනා කරනවා මචෝ. එහෙනම් ටටා බායි... ලබන සතියේ හම්බවෙමු.

I නිසල්