2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

පිත්ත අරන් එන්න අනේ මාළු බාන්න

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

අද අපි කතා කරන්න යන්නේ හොඳදැයි නරකදැයි කියලා හරියට කියන්න බැරි Y Trend එකක් ගැන. ඒ නිසා කවුරුත් අමනාපය වෙන්න ඔට්ටු නෑ හරිය. ''Fishing'' එහෙම කිව්වම ඒක මොන ජාතියේ Trend එකක්ද කියලා සුදාලා හිතයි. නෑ ඒක එහෙම නෙවෙයි. Fishing කියන්නේ වෘත්තියක් විතරක් කියලා ඔයාලට හිතෙන්නේ අපේ Culture එක නිසා මචෝ. ලෝකේ තත්ත්වය ඊට වඩා වෙනස් Fishing කියලා කියන්නේ Hobby එකක්. ඒ වගේම ලොකු Trend එකක්.

කොහොම වුණත් මචෝ විනෝදය සඳහා මාළු බෑම කියන අදට අදක ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි. ඒ නිසා කතාව මුල ඉඳලම හිමිහිට ගලපමු. Fishing අවම වශයෙන් අවුරුදු 40,000ක් විතර පැරණි ප්‍රාග් ඓතිහාසික පුරුද්දක්. ඒකට සාක්ෂි තියෙනවා පැංචෝ. කොහොම හරි 16 වැනි ශතවර්ෂයේ විතර තමයි මුහුදේ මසුන් ඇල්ලීම ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි මේක ආරම්භයේදී ජීවන උපායක් වුණා. සුදාලට කියන්න අපේ රටේත් ඉස්සර ඉඳන්ම මාළු ඇල්ලීම කියන පුරුද්ද තිබ්බා.

ඒත් ආගමික සංස්කෘතික කාරණා නිසා ඒක සිද්ධවුණේ අඩුවෙන්. ඔය රොබට් නොක්ස් වගේ ලංකාවට ආපු සුද්දෝ කියලා තියෙනවා ලංකාවේ ඇළ දොළවල මාළු ඇල්ලීම හරිම අඩුවෙන් වුණේ කියලා. ඉතින් ඒ කාලේ සෑහෙන්න ප්‍රමාණයක් මාළු රට අභ්‍යන්තරයේ ජලාශවල හිටියා කියලා පතපොතේ ලියවිලා තියෙනවා. ඒ වුණත් සමකාලීනව බටහිර ලෝකේ තත්ත්වය සහමුලින්ම වෙනස් මචෝ. කර්මාන්තයක් විදිහට වගේම විනෝදාස්වාදය සඳහා මේ කාලේ වෙනකොට බටහිර ජාතීන් Fishing කළා.

සීන් එක (බෝරින්) වගේද? එහෙනම් අපි ඉතිහාස කතාව පොඩ්ඩක් පැත්තකට කරලා මෑතකාලීනව Fishing Y Trend හැදිච්ච හැටි බලමු. මීට අවුරුදු විස්සකට තිහකට ඉස්සෙල්ලා Fishing කියන්නේ මහලු අයගේ අලස විනෝදාංශයක්. නූතන Digital යුගය ආරම්භ වීමත් සමඟ තමයි Fishing ලෝකෙ පුරා තරුණයන් අතර Y Trend එකක් බවට පත්වෙන්නේ. මේ වෙද්දී YouTube, Face Book ඇතුළු සමාජ මාධ්‍ය අවකාශයන් තුළ මේ Hobby එක පිළිබඳව හොයලා බැලුවොත් සුදාලා පුදුම වෙයි. ඉස්සර කැලෑවලට වැදිලා තමන්ගේ ශක්තිය වීරත්වය පෙන්නන්න තාරුණ්‍ය දඩයමේ ගියා වගේ දැන් Fishing කරනවා.

ඔන්න මචං අතර මැද්දෙන් දැන්වීමක් දානවා. මේ T Trend එක ගැන කතා කිරීමෙන් සංස්කෘතික ආගමික පදනම මත කවුරු හරි අපහසුතාවයට පත්වෙනවා නම් ඒකට සමාවෙන්න. දැන් කියන්න යන්නේ ටිකක් සංකීර්ණ කාරණයක්. ඇයි අද වෙද්දී තාරුණ්‍යය Fishing Hobby එකක් විදිහට තෝරගන්න මෙච්චර පෙළඹිලා තියෙන්නේ. අපි කරුණු ටිකක් කිව්වා. මෙයා නම් ඒකට කියන හේතු ටිකක් තියෙනවා. වර්තමානයේ තියෙන පීඩාකාරී සමාජ වටපිටාවෙන් මොහොතකට මිදෙන්න මේ විනෝදාංශය හරහා එයාලට අවස්ථාවක් උදාවෙනවාලු.

තමන්ගෙ ආතතියට විසඳුමක් (Stress Relief) විදිහට වගේම සොබා දහමේ ස්වභාදහමේ කොටසක් බවට පරිවර්තනය වීමේ ආශාව සහිතව Fishing කරනවා කියලා තමා බහුතරයක් තරුණයො කියලා තියෙන්නේ. මේ විනෝදාංශය තියෙන ත්‍රාසජනක බව සහ අභියෝග අභියෝගාත්මක (The Thrill and Challenge) බව නිසාත් Fishing කරනවා කියලාත් සමහරු කියනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි වළකට ඇළකට දොළකට බිලී පිත්තක් දලා මාළු අල්ලනවාට වඩා අභියෝගාත්මක විදිහට එකෙන්ම තමා වාර්තාමය Fishing Trend එක ක්‍රියාත්මක වෙන්නේ. කොහොම වුණත් මේ විනෝදාංශ සම්බන්ධ සැලකිය යුතු තරම් විවේනය තියෙනවා මචෝ.

Fishing දැන් Hobby එකක් ඒක Y Trend එකක් කියලාත් සුදාලට පැහැදිලි ඇති. ඉතින් මේක කොච්චර ලොකු Trend එකක්ද කියලා කියන්නේ මචෝ, මේ වැඩේ වෙනුවෙන් විවිධ ආයතන ලක්ෂ ගාණක් ලෝකය පුරා තියෙනවා. ඒ වගේම මේක සංචාරක ආකර්ෂණය කරගන්නා ක්‍රමවේදයක් වෙලා තියෙනවා. කිමිදී මසුන් මැරීම වගේ දේවල් ලෝකයේ ප්‍රශ්නකාරී විනෝදාංශ. ලංකාවේ නම් ඒ වැඩේ මේ වෙනකොට තහනම්. ඒත් සංචාරකයන් ඉලක්ක කරගෙන හොරාට ක්‍රියාත්මක වෙනවා. ඒත් ටිකක් ලොකුවට කතා කරන්න ඕනෑ Topic එකක් මචෝ.

Fishing Challenge කියලා කියන්නේත් ලෝකය පුරා මේ වෙනකොට ඉතාම ප්‍රසිද්ධ වැඩක්. විවිධ Competitions මේ හා සම්බන්ධ සිද්ධ වෙනවා. එතැනදී Fishing විනෝදාංශයකට වඩා Sport එකක් විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ. සුදාලාට කියන්න Fishing සම්බන්ධ Shows විශාල ප්‍රමාණයක් ලෝකය පුරා තියෙනවා. ඒ වගේම YouTube Chanel නම් දහස් ගාණක් ඇති. ඒ නිසා බොහොම පැහැදිලියි මචෝ මේක ජනප්‍රිය සංස්කෘතියේ කොටසක්. ඒ වගේම මේක ඇතුළේ වෙන වෙනම උප සංස්කෘතීන් එහෙමත් නිර්මාණය වෙලා තියෙනවා මචෝ.

සුදාලට තේරෙනවා ඇති  මේක ලොකු ව්‍යාපාර අවස්ථා සහිත Y Trend එකක්. මේ ඔස්සේ විවිධ විදිහට මිනිස්සු සල්ලි හොයනවා. බිලී පිති ඇතුළු උපකරණ අලෙවිය. Fishing Boat Towers සංවිධානය කියන්නේ එයින් කිහිපයක් විතරයි. දැන් පොඩ්ඩක් ලංකාව පැත්තට හැරෙමුකෝ. සංචාරක කර්මාන්ත ආශ්‍රිතව මේ වැඩේ ලංකාවේ සිද්ධ වෙනවා. ඒ වගේම ඉහළ පෙළේ දේශීය සංචාරකයන් අතරත් මේ විනෝදාංශ තියෙනවා. ඒත් වැඩේ එච්චර ප්‍රසිද්ධ නෑ. ඊට අමතරව ආතල් එකට මාළු බාන කොල්ලෝ එහෙමත් ඉන්නවා අපේ රටේ ගොඩක් පළාත්වල.

කොහොම වුණත් ලෝකයට සාපේක්ෂව අපි ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. ඒක හොඳයි කියලා කෙනෙක්ට ඕනෑ නම් කියන්න පුළුවන්. ඒත් වැඩේ ලංකාවෙත් Up වෙන ගමන් තියෙන්නේ. එහෙම කියන්නේ අපේ නිරීක්ෂණයට අනුව වස්තු, සිරාවට සුදාලට කියන්න පෞද්ගලික මේ සම්බන්ධ මගෙත් මනාපයක් නෑ. ඒත් මචෝ අපි කිව්වේ ලෝකය හැටි. Fishing කියන Hobby එක Sport එක Trend එකක අපිට මඟහැරලා යන්න බෑ. හොඳ නරක තීරණය සුදාලට බාරයි.

I නිසල්