2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

අපේ ගෙදර සත්තුවත්තක්.... - නෙත්මි රොෂෙල්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 399

කොවිඩ් කාලෙදි වැඩිපුම හිත ගියේ?

කොවිඩ් කාලෙදි වැඩිපුරම හිත ගියේ ව්‍යායාම් කරන්නයි, මගේ සුරතල් සතුන් එක්ක කාලය ගත කරන්නයි. මට බල්ලො හත් දෙනයි පූසො හතර දෙනයි ඉන්නවා. එයාලගේ වැඩත් එක්ක ඒ කාලය ගෙවෙනවා තේරුණේ නෑ.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න කැමති ගීතය?

කාලෙන් කාලෙට අහන්න ආසා කරන ගීත වෙනස් වෙනවා. මේ දවස්වල මම ප්‍රියාත් රාජපක්ෂ ගායනා කරන %දවසක් ඒවි^ ගීතයට වගේම භාචි දේවේන්ග ගායනා කරන %විරාමයක්^ ගීතයටත් ගොඩක් කැමතියි.

යාළුවන් මුණගැහුණම වැඩිපුරම කතා කරන්නෙ?

මගේ යාළුවො මුණගැහුණාම අපිට කතා කරන්න එක මාතෘකාවක් නැහැ. සමහර වෙලාවට යාළුවො මාව පැයකට එළියට යමු කියලා ගෙදරින් එක්කගෙන යනවා. හැබැයි ගියාම එන්න හිතෙන්නෙ නැහැ. අපි පැය ගණන් එකදිගට කතා කරනවා. හිනා වෙනවා. අපිට කතා කරන්න මෘතෘකාවක් නැහැ. අපි මළ ගෙදරක මුණගැහුණත් කියවන එක තමයි කරන්නෙ. ඉස්කෝලෙ යාළුවෝ තමයි තවමත් මගේ හොඳම යාළුවන් වෙන්නෙ. මට හොඳම හොඳ යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. තව හොඳම යාළුවො හත් දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මගේ කැම්පස් එකෙත් මට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා.

පුංචි කාලෙට යන්න ඇත්නම් යන්න ආසා කරන්නෙ?

මම තාමත් මගේ මොන්ටිසෝරි වයසේ ඉඳන් පහ වසර පන්තිය දක්වා ඉගෙන ගත්තු කාලයට හරි ආසයි. ඒ කාලේ හරි ෂෝක්. මම ගත කරපු හැම කාලෙදිම මම දිනාගන්න ඕනෙ හැමදේම දිනාගත්තා. ගෙවිච්ච කාලය පුරාවට වෙනස් කරන්න කියලා කාලයක් මට නැහැ. හැබැයි මොන්ටිසෝරි කාලෙදි හැමෝගෙම අවධානය අපිට ලැබුණා. කිසිම වගකීමක් නැහැ. මම කොහොමත් පවුලේ කට්ටියගේ අවධානය වැඩියෙන් ගන්න කැමති කෙනෙක්. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටයි තේරුණේ. අපේ ආච්චිලාගේ ගෙදර තියෙන්නෙත් ඒ විශ්වවිද්‍යාලය ළඟමයි. ඉතින් මම ආච්චිලාගේ ගෙදර නතරවෙලයි කැම්පස් ගියේ. මම එහේ හිටියේ සති දෙකයි. හැමදාම උදේට තාත්තා මාව බලන්න ආවා. ඔය අතරේ අම්මලා මම නැතිව ෂොපින් ගියා කියලා ආරංචි වුණු හැටියේ මම බඩු ටිකත් ඔක්කොම තියලා රෑ ගෙදර ආවා. මට ගෙදර අයගේ ආදරය, අවධානය හැමවෙලේම ඕන වුණා.

ආසා කරන සෙල්ලම?

ඉස්සර ඉඳන්ම මම බට්ටා පනින සෙල්ලමට හරි ආසයි. සෙල්ලම් කරන කට්ටිය වැඩිනම් අපි එකතුවෙලා ටින් කඩන සෙල්ලම කලා. අදටත් මම නංගිත් එක්ක එකතුවෙලා බට්ටා පනිනවා.

ආසා කරන වාහනය?

මොන වාහනය තිබුණත් මම තාමත් බයික් එකට හරි ආසයි. මෝටර් බයිසිකලේ පිටිපස්සේ වාඩිවෙලා යනකොට හුළඟට කොණ්ඩේ යමින් බයිසිකලේ යන්න මම හරි ආසයි.

කැමතිම පර්ෆියුම් එක?

Victoria’s secret පර්ෆියුම් එකට මම ගොඩක් කැමතියි. ඒකෙ සුවඳ මාරයි.

ලංකාවේ ආයෙ ආයෙත් යන්න ආසා කරන තැන?

මම නුවරඑළියට යන්න මාරම ආසයි. සීතලට හරි ආසයි. නුවරඑළියට ගිහින් මට ෆොටෝ එකක් ගන්නවත් වෙලාවක් නැහැ. ඒ ලස්සන විඳින්න හරි ආසයි. මම ෆෝන් එක වාහනයේ තියලා ඇවිදින්න යන්න, ඒ පරිසරය විඳින්න හරි ආසයි. පුළුවන් නම් නුවරඑළියේ නතර වෙන්න වුණත් ආසයි.

කෙනෙකුට තෑග්ගක් තෝරද්දි හිත වැඩිපුරම යන්නෙ?

මම එයාගේ පින්තූරයක් දෙන්න ආසයි. කන බොන, අඳින දෙයක් දෙනවාට වඩා ඒ කෙනාගේ ලස්සන පින්තූරයක් තෑගි දෙන්න මම ආසයි. මම හැමවෙලේම මිනිසුන් අතරේ මතක සටහන් ඉතිරි කරන්න හරි ආසයි.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා නම් ආසා කරන්නෙ?

මම සුරතල් සතුන් තෑගි ලැබෙනවා නම් ආසයි. ඒ වගේ තෑගි මට ලැබිලත් තියෙනවා.

කොච්චර කෑවත් එපාවෙන්නෙ නැති කෑම?

පොල් රොටියි ලුණුමිරිස් වගේම කිරිබත් සහ ලුණුමිරිස් ඕන වෙලාවක, ඕන රුයක, ඕන තැනක කන්න ආසයි.

ජීවත් වෙන්න කැමති

මම අඬන්න ආසා නැහැ. මගේ ජීවිතේ මුල්තැන තියෙන්නෙ මගේ පවුලේ අයත් එක්කයි. කාටවත් නපුරු වැඩ නොකර සරල විදිහට ජීවත් වෙන්නයි කැමතියි.

  දිශානි