2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

හතරෙ පන්තියට යන්න මම හරි ආසයි - නඳුනි කරුණාතිලක

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 184

කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ?

කොවිඩ් කාලයේදි අපි හැමෝටම ගෙදරටම වෙලා ඉන්න සිදු වුණානේ. ඉතින් මම ගෙදර ඉඳන් Youtube චැනල් එකක් පටන් ගත්තා. ඒකට වීඩියෝ දැම්මා. ඊට අමතරව මම වත්තේ පොඩි වගාවකුත් කළා.

ජීවිතේ ආයෙ ආයෙත් අහන්න කැමැති ගීතය?

මම ආසකරන කවදාවත් එපා වෙන්නේ නැති ගීත බොහෝමයක් තියෙනවා. ඒ නිසා ඒ අතරින් ගීතයක නමක් නම් කියන්න හරි අමාරුයි.

යහළුවන් මුණගැහුණම වැඩිපුරම කතා කරන්නේ?

යහළුවන් මුණගැහුණම නම් කතාකරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරින් අපි වැඩිපුරම විලාසිතා ගැන, අපේ පෞද්ගලික ජීවිත ගැන හොඳම යාළුවෝ එක්ක කතා කරනවා. මේ දවස්වල බැරි වුණත් අපි ට්‍රිප් යන්න වුණත් ප්ලෑන් කරන්නේ ඔය යාළුවන් මුණගැහුණම තමයි. දුක සැප, හැමදේම බෙදාගන්නේ හොඳම යාළුවෝ එක්කයි.

පුංචි කාලයට යන්න ඇත්නම් යන්න ආස කරන්නේ?

පුංචි කාලේට යන්න තියෙනවා නම් මම හතර වසරේ ඉගෙන ගත්ත කාලයට යන්න ආසයි. ඒ කාලේදී අපේ තාත්තාට මින්නේරියට මාරුවීමක් ලැබිලා මාව හිඟුරක්ගොඩ ආනන්ද බාලිකාවට ඇතුළත් කළා. මාස දහයක් විතර මම එහේ හිටියා. අපි පුදුම විදිහට සෙල්ලම් කළා. ඇළදොළවල නාන්න ගියා. අදටත් ඒ කාලයට මම හරිම ආසයි. මගේ උපන්ගම නුවර. නුවර ගතකරපු කාලයටත් මම හරි ආසයි.

ආස කරන සෙල්ලම?

මම ගොල්ෆ් සෙල්ලම් කරන්න හරි ආසයි.

කැමැතිම වාහනය?

 ආස කරන වාහන කිහිපයක්ම තියෙනවා. මම බෙන්ස් එකට BMW වාහනයට වගේම Range Rover වාහනයටත් හරි කැමැතියි.

කැමැති පර්ෆියුම් එක?

 මම පර්ෆියුම්වලට හරිම කැමැතියි. ඒ අතරින් CK, Kalon, Good Girl, Versace වගේ පර්ෆියුම්වලට හරි කැමැතියි.

ලංකාවේ ආයෙ ආයෙත් යන්න ආසකරන තැන?

 ලංකාවේ මම සීගිරිය, දඹුල්ල පැතිවලට ආසයි. යාල මම ගිහින් නැහැ. ඒ නිසා යාලටත් යන්න ආසයි. හැබැයි වැඩිපුරම මම මගේ උපන් ගමට යන්න ආසයි. නුවර තරම් කැමැත්තක් වෙන කොහේවත් මට නැහැ.

කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දී හිත වැඩිපුරම යන්නේ?

 තෑග්ගක් දෙන්න තෝරද්දී ඒ දෙන කෙනාට අනුව වෙනස් වෙනවා. එයා ආස කරන, කැමැති දේවල් ගැන දන්නවා නම් ඒ වගේ දෙයක් තෑග්ගක් විදිහට දෙන්න කැමැතියි.

කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා නම් ආස කරන්නේ?

අනිත් අය වගේම මටත් තෑගි ලැබෙනවා නම් ගොඩාක් කැමැතියි. ඒ නිසා මම ආස කරන දේවල් නම් ගොඩාක් තිබෙනවා. ඇඳුම්, සපත්තු, පර්ෆියුම්, හෑන්ඩ් බෑග් වගේ තෑගිවලට මම හරි කැමැතියි.

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑම?

මම ආසම පළතුර මිදි. මට මිදි ඕනතරම් කන්න පුළුවන්.

ජීවත් වෙන්න කැමැති?

ලොකු පිරිසක් ඉන්න තැනට වැඩිය නොගිහින්, මම ආදරය කරන ගෙදර කට්ටිය එක්ක, කාටවත් කරදයක් නොවී, කාගේවත් හිත් නොරිද්දා සතුටින් ජීවත් වෙන්න කැමැතියි.

 දිශානි