2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ඒකට අපි නම තිබ්බේ නීල කොබෙයියෝ කියලයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

මේ දවස්වල අහන්න ආසම ගීතය මොකක්ද?
මම කරපු මියුසික් වීඩියෝවල ගීතවලට මම කැමතියි. මම ඒ ගීත නිතරම අහනවා. ඒ අතරින් මේ දවස්වල &මටත් ගස්සලා* කියන ගීතයට මම ගොඩාක් කැමතියි. ඒ ගීතය ගායනා කරන්නේ ෂෙත්‍ර කල්පයි. පදරචනා කරලා තියෙන්නේ රොෂාන් සමරවික්‍රම සංගීතවත් කළේ අමිල මුතුගල. මේ වනවිට මම ගීත දහයක පමණ රෑප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා.

යහළුවන් එක්ක කතාකරන්න ආසම මාතෘකාව මොකක්ද?
අපි මුණගැහුණම  කෑම ගැන කතා කරනවා. අලුතින් දාලා තියෙන රෙස්ටුරන්ට් ගැන කතා කරනවා. මම සාමාන්‍ය විදියට Fashion කරනවා. ඉතින් යාළුවෝ මුණගැහුණාටත් අපි ඔය Fashion ගැනත් කතා කරනවා.

• සංජනා පුංචි කාලේට යන්න ලැබුණොත්, යන්න ආසම කරන්නේ කොයි කාලේටද?
මම මගේ මොන්ටිසෝරියට ගියපු කාලයට යන්න හරි ආසයි. ඒ කාලේ හරි ෂෝක්. මගේ අම්මයි, තාත්තායි, දෙන්නම වැඩකළේ ගුවන් හමුදාවේ. ඒ නිසා මම ඉගෙන ගත්තේ ගුවන් හමුදාවෙන් පාලනය වුණා මොන්ටිසෝරියකටයි. ඒ කාලේ මට හරි සුන්දර යාළුවෝ ටිකත් මුණගැහුණා. අද ඒ යාළුවන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නේ පිටරටයි. ලංකාවේ තව යාළුවෝ දෙන්නෙක් විතර ඉන්නවා. ඉතින් අපි කතාබහ කරනවා.

• පුංචි කාලේ කරපු සෙල්ලම්වලින් අදටත් ආස කරන සෙල්ලම මොකක්ද?
ඉස්සර අපේ පවුලේ හිටපු ඥාති සහෝදර සහෝදරියන් එකතුවෙලා කරපු සෙල්ලමට මම අදටත් ආසයි. ඒකට අපි නම තිබ්බේ &නීල කොබෙයියෝ* කියලයි. ඒක හැංගිමුත්තන් වගේ සෙල්ලමක්. අපි එකම කාමරයකට වෙලා දොරවල් වහගෙන ලයිට් ඕෆ් කරලා කළුවරේ කාමරේ ඇතුළෙම හැංගෙනවා. එක්කෙනෙක්ට හොයන්න කියලා. ඒක මාර ෂෝක්.

• කැමැතිම අඳුම?
මම ඩෙනිමටයි ටී ෂර්ට් එකටයි ගොඩක් කැමතියි.

• සංජානාගේ වාහන තේරීම මොකක්ද?
මම කැමති වාහන ගොඩක් තියෙනවා. ඒ වුණාට මම මේ දවස්වල කැමති මගේ Vezel කාර් එකටයි.

• ලංකාවේ යන්න ආසා කරන තැනක් තියෙනවාද?
මම නුවරඑළියට යන්න හරි ආසයි. ඒ දේශගුණයට, ඒ පරිසරයට මම ගොඩාක් කැමතියි.

• පිටරට ඇවිදින්න ලැබුණොත් සංජනාගේ තේරීම මොකක්ද?
මම නවසීලන්තයට යන්න ආසයි. ඒක හරිම ලස්සන රටක්. මගේ බාප්පලාත් ඉන්නේ ඒ රටෙයි. මම ඒ රටට ගිහින් තියෙනවා. ලස්සන තැන් බොහෝමයක් තියෙන සුන්දර රටක්.

• කෙනෙකුට තෑග්ගක් දෙන්න ලැබුණොත් සංජානා දෙන්න කැමති?
ඒක ඒ තෑග්ග දෙන අනුව වෙනස් වෙනවා. ඒ කෙනා කැමති තෑග්ගක් තිබෙනවා නම් මම ඒක අරගෙන දෙනවා. එහෙම නැත්නම් ඒ දෙන කෙනාටත් වටින මටත් මතක් වෙන සිහිවටනයක් තෑගි කරනවා.

• සංජනාට කාගෙන් හෝ තෑග්ගක් ලැබෙනවා නම් ඒ ආසා කරන තෑග්ග මොකක්ද?
මම එහෙම ලොකුවට ආසා කරන්නේ නැහැ. කවුරුන් හෝ සතුටින් දෙන ඕනම දෙයක් සතුටින් බාර ගන්නවා.

• සංජනා ජීවත් වෙන්න කැමති..?
මම පොළොවේ පය ගහලා සරලව සාධාරණව ජීවත් වෙන්න කැමතියි.

• නිළියක් නොවුණා නම් සංජනාගේ තේරීම...?
නිළියක් නොවුණා නම් බොහෝවිට මම විදෙස් ගත වේවි.

  දිශානි