2021 මැයි 08 වන සෙනසුරාදා

සයිබර් ආකාෙස් ආතල් කතන්දර

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

කතන්දරයක් ගැන Y Trend එකක් කරන්න යනවා කිව්වොත් ටිකක් අවුල්නේ. ඒත් මේක කතන්දර ගැන කතාවක් තමා. නිකන් කතන්දර නෙවෙයි සමාජ මාධ්‍යයේ කතන්දර ගැන. Social Media Story ගැන. මේක මෑතකාලීනව Social Media වලට ආපු අංගයක්. හැබැයි මේක පට්ට trend එකක්. සයිබර් ලෝකේ ඉන්න සුදාලට Facebook, Instagram, WhatsApp වල Story දැමිල්ල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ වුණාට අපිට ඒ ගැන කතා කරන්නම වෙනවා මොකද ඒක දැන් උමතුවක්නේ.

මේ Story වල සිද්ධවෙන්නේ ඔයාලගේ Mobile එකේ සිරස් අතට Full Screen ඒකේ පැය 24ක් කාලයකට යමක් පාලකරන්න ලැබෙන එක. මේක කෙටි වීඩියෝ ආකෘතියක් වෙනුවෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමා Story යක් එක වතාවක් පෙන්නුවාම ආයේ අපිට පෙන්නනවද දන්නේ නෑ. සරලවම කිව්වොත් මචෝ Social Media Story කියන්නේ කාලීන වටිනාකමක් තියෙන වැඩක්. දෛනික ජීවිතයේ දේවල් තමා මේ ඔස්සේ පළකරන්න තියෙන්නේ. හැබැයි එක එක සමාජ ජාලවලදී මේවගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් Concepts එක ගොඩක් වෙලාවට සමානයි.

කොහොම හරි මේ සීන් එක වටේ ගොඩාක් අය එකතුවෙලා. Social Media Post වලට වඩා මේකට ගොඩක් අය කැමතියි. ඒකට හේතු කිහිපයක් තියනවා. පළවෙනි එක Story බලන අය ප්‍රමාණය වැඩිවීම. අනිත් ඒක ඒවගේ තියෙන කෙටි බව. ක්ෂණිකව ලැබෙන ප්‍රතිචාර. Story යේ තිරයේ ප්‍රමාණය, නරඹන අයට තෝරගන්න තියනවා අවස්ථාව වගේ දේවල්. ඊට අමතරව තව හේතු තියෙනවා අපි ඒවා පස්සේ බලමු සුදෝ. මුලින්ම මේ සීන් එක Technically කියවගන්න ඕනා හරිය. මොකද Trend එකක හොඳ නරක හොයන්න ඉස්සෙල්ලා අපි ඒ ගැන දැනගෙන ඉන්න එපැයි.

අපි හොයලා බලපු විදිහට Facebook, Massager, WhatsApp, Instagram කියන Social Media හතරේ විතරක් දවසකට බිලියනකට අධික Story ප්‍රමාණයක් වැටෙනවා. ඒකෙනුත් මිලියන 500ක් විතර Instagram එකේ මචෝ. හිතපන්කෝ මේක කොයි වගේ Trend එකක් ද කියලා. ඉතින් ඕනෑම Trend එකක පොඩියට හරි වානිජ සීන් එකක් තියෙනවා. මේ Story සෙල්ලමෙත් එහෙමයි. සුදාලා ඔය Facebook එකේ නැත්නම් Massager එකේ හරි දැක ඇති Story විදිහට වැටන Advertisement. ඒක ලෝකේම මේ වෙද්දී අලුතින් භාවිතා කරන Marketing උපක්‍රමයක් මචෝ. තාම නම් ලංකාවේ මේක තියෙන්නේ ලාවට. හෙට අනිද්දාට සීන් එක අපේ ව්‍යාපාරික ලෝකේ බුවලා අල්ලා ගන්නවා එකෙන්ම. ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගන්න පැංචෝ.

මේ Social Media Story සීන් කෝන් එක මුල්වතාවට එළියට දැම්මේ 2013 දී Snapchat එකෙක්. Chat එකේ Photo එකක් Video එකක් යවනවා වෙනුවට යාළුවෝ හැමෝට නිශ්චිත වාරණයක් පැය 24 ක් තුළ ප්‍රදර්ශනය වෙන්න ඉඩදෙන්න තමා මේ සීන් එක පටන් ගත්තේ. Snapchat ගැන අපේ අය ගොඩක් දන්නේ නෑ ඒ නිසා දවසක Y Trend එකක් දෙන්නම්. මේ සීන් එක නම් මචෝ Snapchat එකේ පිස්සුවක් වුණා. Snapchat එකේ අය තමන් එදිනද කරන කියන දේවල් ගැන යාළුවන්ට කියන මේක පාවිච්චි කරන්න පටන් ගත්තා. මේක නැගලා යනකොට Instagram එක වැඩේට Enter වුණා 2016 දී. ඊටපස්සේ Social Media Story සීන් එකේ King වුණේ Instagram එක තමා සුදෝ. තාමත් එහෙමයිනේ ඉතින්. ඒ වුණාට දැන් නම් කිරුළට අභියෝග කරන තව Social Media තියනවා. WhatsApp එහෙම ඒ අතරින් ප්‍රධානයි. Facebook එකත් ඉන්නවා. Facebook එක Story සීන් එකට වෙනම හැඩක් දීලා තියෙන්නේ. එතකොට TikTok මේ Story සීන් එක වෙනම තලයකට අරගෙන ගියා සුන්දරා.

ඔන්න දැන් අපි එනවා මචෝ ලංකාව පැත්තටම. ලෝකේ වගේම ලංකාවේත් අපේ කෙල්ලෝ කොල්ලෝ අතර මේ සීන් එක පිස්සුවක්. මේ ඉතින් අපි හැමදාම කියන ප්‍රදර්ශනය කාමය කියන සීන් එක යටතට තමයි මේකත් වැටෙන්නේ. වැඩිපුර අපේ කට්ටියට ඕනෑ තමන්ගේ පොෂ් ලයිෆ් එක ප්‍රදර්ශන කරන්න. සීන් එකේ වැඩි ඉන්නේ ගෑනු ළමෝ තමයි. පිරිමි ළමයි නැත්තේ නෑ ඉතින්. වැසිකිළියට යන එක හැරෙන අනික් හැම දෙයක්ම දැනට අපේ අය Story දාන්න පටන් අරගෙන. ඉස්සරහට තව මොනවා මොනවා දායිද දන්නේ නෑ ඒයි. පිස්සු හොඳේ... පිස්සුවේ හොඳ එක. සිරාවට කියන්නේ අපේ වැඩිහිටි පරම්පරාවට නම් මේක එච්චර ටච් වෙන්නේ නෑ. ඒ වුණත් සීන් එක තරුණ පරම්පාවේ සුදාලා දන්නවා.

ලංකාවේ Instagram Story තියෙනේ වෙනම සමාජ පංතියක් ඇතුළේ කිව්වොත් හරි. ඒක තමන් පොෂ් යුනික් කියලා හිතාගෙන ඉන්න සමාජ පංතියක්. ලොකු සීන් දෙනවා කියලා තමා සමහරු ඕකට කියන්නේ. අපි මෙහෙමයි ජීවත් වෙන්නේ. අපි මාර ආතල් එකේ ඉන්නේ කියලා පෙන්නන්න දඟලන සීන් එකක් මේක ඇතුළේ තියෙනවා. Facebook story ගත්තම ඉස්සෙල්ලා කියපු දේත් තියෙනවා. හැබැයි ඒකේ හැමෝම Story දානවා. සමහරු Story වල වැලපෙනවා Love කරනවා බැන ගන්නවා. සිරාවට ඒක වෙනම ආතල් එකක් මංචෝ. හැබැයි ගොඩක් පොෂ් අයට Facebook Story දිරවන්නේ නෑ. මොකද එයාලගේ තත්ත්වෙට ඒක හරි නෑ මචෝ.

එතකොට WhatsApp Story කියන්නේ අමුතුම සීන් එකක්. එක Family වලට අය අතරේ වගේම Close Friends ලා අතරේ තියෙන දෙයක්. ඒ වගේම සාමාන්‍ය දෛනික ජීවිතේට සම්බන්ධව දෙයක්. හැබැයි මේ දවස්වල නැගලාම යන සීන් එක ඒක. විශේෂන්ම කුඩා කණ්ඩායම් අතර තමා මේක නැගලා යන්නේ. ඊළඟට TikTok සීන් එක ගත්තම ඒක තමා ලංකාවේ හැම Social Media එකක් හරහාම ගියපු සීන් එකක් එක. ඒ ගැන නම් වෙනම කතාකරන ඕනෑ. YouTube Story එහෙම සම්පූර්ණ අරක් අරගෙන ඉන්නේ TikTok සීන් එක තමයි. ඒක එහෙමපිටින්ම පිස්සුවක් වෙලා තියෙන්නේ. සිරාවට මේක මචෝ ලංකාවේ Social Media අනුව වෙනමම කියව ගන්න පුළුවන් සීන් එකක්.

ඉතින් මචෝ මේක තමා ලෝකේ අංක එකේ Y Trend ගැන සරල විස්තරේ. ඇත්තටම මේක අහිංසක සතුටක් ගන්න කරන පිස්සු වැඩක්. ඒ වුණාට ලොකු රුල්ලක්. වෙලාවකට වදයක්. තව වෙලාවකට ආතල් එකක්. ඇත්තටම ටිකක් විතර මෝඩ වැඩක්. ඒ වුණාට අපි කවුරුත් සීන් එකේ ඉන්නේ.