2021 මැයි 01 වන සෙනසුරාදා

කුණු රහමැද රජ කරන web

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

පඳුරකට ගැහුවාම සූ ගාලා විසිවෙන ජාති නම් මේ රටේ ඕනේ තරම් මචෝ. ඔන්න ඒ ජාතියක් ගැන Y Trend එකක් දාන්න හිතුවා. මේ සීන් එක අන්තර්ජංජාලේට පයින් ගැහුවාම එකපාරට දහය පහළව ගානේ ඩෝන් ගාලා විසිවෙන ගොබ්බ වෙබ් සයිට් ගැන. Web හැදිල්ල වගේම Web කියැවිල්ල මේ කාලේ අපේ තරුණ පරපුරේ පට්ට Trend එකක්. ඒ නිසාමයි අපි මේ ගැන කතා කරන්න හිතුවේ.

ලෝකයේ වගේම ලංකාවේත් පරිගණක සාක්ෂරතාව බොහොම වැඩියිනේ සහෝ. ඒ නිසා වෙබ් හදනවා වගේ වැඩ දැන් ලංකාවේ එච්චර අමාරු නෑ. ඒ නිසා ලාභ ලබන්න හිතාගෙන ගොඩක් දෙනෙක් වෙබ් හදනවා. ගොඩක් වෙලාවට Gossip වෙබ් අඩවි තමා මෙයාලා හදන්නේ. මේක මේ වෙද්දී තියන පට්ට රුල්ලක්. හැබැයි මේ වෙබ් හැදුවාට මෙයාලා වැඩි ෙදනෙකුට ඒක කරගෙන යන්න තොරතුරු මූලාශ්‍ර නෑ. ඔන්න ඉතින් කාගේ හරි කුණු ගොඩක් අවුස්සනවා. නැත්නම් පත්තරේක යන ආටිකල් එකක් හෙඩිම වෙනස් කරලා අමු අමුවේ කොපි කරලා දානවා. කිසිම මහන්සියක් නෑ. මේවලට හරි විරෝධයක් නැති නිසා මෙයාලා ආයේ ආයේ මේ වැඩේම කර කර සල්ලි හොයන්න හදනවා. වැඩි දෙනෙක්ගේ වෙබ් කිරිල්ල මෙහෙම තමා.

වැඩේ කියන්නේ මේ Gossip වෙබ් සංස්කෘතියේ කිරුළ පැළඳවූ රජවරු වගේ පූර්වාදර්ශ වෙන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සිදුකරගෙන යන වෙබ් අඩවි දෙක තුනක්. මේ වෙබ් වැඩි හරිය අඩවි කරන්නේ බුකියේ පොරවල් වෙලා ඉඳලා මේ මාධ්‍ය ආයතනවලට සෙට්වුණු පොරවල්. ඉතින් මාධ්‍ය ආචාරධර්ම සදාචාරය අංශු මාත්‍රයක් මෙයාලට අදාළ නෑ. අමු ගොබ්බයි ඒත් පොරවල්. ඉතින් පොරවල් අස්සේ කොල්ලෝ කුරුට්ටෝ යන එක නෝමල්නේ මචෝ. දැන් ඔය වෙබ් හැදිල්ල පිස්සුවක් වෙලා තියෙන්නේ ඒ නිසා. මාධ්‍ය කියන්නේ තාක්ෂණික දැනුම විතරක් නෙවෙයි කියලා මෙයාලා දන්නේ නෑ. ඒකට වෙනම වටිනාකම් පද්ධතියක් තියෙනවා කියලවත් ඒක හැදෑරීමක් ඕනෑ කියලවත් මේ අය විශ්වාස කරන්නේ නෑ. මොකද මචෝ මේ Trend එක අම්බානෙට නැගලා යනවා. සිරිලංකාවේ සුපිරියට කුණු විකිණෙනවා.

මේ විකෘති Trend එක තියෙන්නේ ආසියාවේ අපේ වගේ රටවල විතරයි. ලෝකේ ප්‍රබල රටවල්වල මේවාට නීති තියෙනවා. ඕන ඕනේ විදිහට ජනතාවට තහවුරු නොකළ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න බෑ. ඒ වගේම Copy Right එහෙමත් තියෙනවා. කවුරු ලියපු කරපු දෙයක් විකෘති කරන්න බෑ. හැබැයි සුන්දරා ලංකාවට ඕවා අදාළ නෑ. සයිබර් ලෝකය ගැන තියෙන නීතිත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන අය ඒ ගැන දන්නේ. ඒ නිසා මේක වෙබ් උමතුව මෙහේ හෝ ගාලා නැගලා යනවා. මේකේ භයානක දේ පුද්ගල චරිතවලට වෙන හානිය. පෞද්ගලික අරමුණ මත චරිත විනාශ කරන්න ලංකාවේ මේ වෙනකොට වෙබ් මාධ්‍ය සෑහෙන්න පාවිච්චි කරනවා. නළු නිළින්ගේ දේශපාලනඥයන්ෙග් චරිත අමු අමුවේ විනාශ වෙනවා. කිසිම පදනමක් නැතිව සාක්ෂියක් නැතුව මහා පල් හැලී News විදිහට මේ අය web වල දානවා. ඇත්තටම මචෝ මේක බරපතළ තත්ත්වයක්.

මේක බරපතළ වෙන්නේ එහෙම දාන හින්දම නෙවෙයි. ඊට වඩා හේතු තියෙනවා සුන්දරා. දැන් මේ දේ කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා විශ්වාස කරන තරුණ කොටසක් ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ අය මේක වැරැද්දක් විදිහට දකින්න නෑ. මොකද මේ වෙද්දී මේ සීන්කෝන් එක සාමාන්‍ය වෙලානේ මචෝ. ඒ එක්කම අද වෙනකොට ලංකාවේ තාරුණ්‍ය පත්තර ටී වී බලන්නේ නෑ. ඔවුන් විශ්වාස තියලා තියෙන්නේ සයිබර් ලෝකය මත. සමාජ මාධ්‍ය ඔස්ස‌ේ‌ වුන් තොරතුරු පුවත්වලට ලංවෙන්නේ. එතකොට මේ වෙබ් අඩවි තමයි ඒ අය විශ්වාස කරන්නේ. ඉතින් අපි කිව්වානේ මේවල තත්ත්වය. ඒ නිසා අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නෑ. අපේ පරම්පරාවේ සුදාලා ඔක්කොම මිත්‍යාවේ කොටස්කාරයෝ වෙනවා ඉබේම.
මේ වෙද්දී මේ වෙබ් කෙරුවාව ලාබ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා ලංකාවේ ලොකු ලොකු චරිත මේ වෙබ් කෙරුවාට අතගහලා තියෙනවා. හැබැයි ඒ අයත් මේ කුණුම විකුණන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමන්ගේ සමාජ දේශපාලන අවශ්‍යතාවයන් ඉටුකර ගන්නත් මේ අය උත්සාහ කරනවා. මේ නිසා ජාතික ආරක්ෂාවට ජාතික සමගියට හානිවෙන දේවලුත් මේ හරහා කෙරෙනවා. ඒවගේ ප්‍රතිඵල අපි පහුගිය කාලේ දැක්කා. විශේයෙන් අන්තර්ගතය මුළුමනින්ම වෙනස් හෙඩින් දැමීම නිසා විශාල ගැටලුවක් මතුවෙලා තියෙනවා. මචංලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපේ සුදාලා ඔයාලා ලිපි කියවන්න යන්නේ නෑනී. ඒ නිසා හෙඩිම් කියවලා පිස්සු නටනවා. කතා හදනවා.

මේ Trend එක ගැන තවත් පැති ගාණකින් කතාකරන්න පුළුවන් මචෝ. හැබැයි කියන්න ඕනෑ ලංකාවේ සුපිරියට ප්‍රමිතිය පවත්වාගෙන යන වෙබ් අඩවි කිහිපයකුත් තියෙනවා. සමහර ඒවා ඔය සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා හොඳයි. ඒවා බලලා ඔය සමහර ලොකු මාධ්‍ය ආයතනත් ඒවා කොපි කරනවා. නමුත් එහෙම සුපිරියට කරගෙන යන Web ටික අතේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන්. අනිත් ඔක්කොම කසිකබල් විදිහට කරගෙන යන ඒවා තමා මචෝ. ඔන්න ඉතින් ඔන්න මේවා කියලා අපිට එයාලා සැපක් දෙයිද දන්නේ නෑ. ඒත් ඔන්න අපි ඇත්ත කිව්වා. මොකද සුදෝ මේක නොකියම බැරි කතාවක් ෆ්‍රොන්තෝ.