2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

කෙල්ලෙක් දා ගන්නෙ කොහොමද? ශාරුක්ගෙන් ටිකක් සැරට අමුතු උත්තරයක්

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

බොලිවුඩයේ කිංග් ඛාන් විරුදාවලියෙන් හඳුන්වන ශාරුක් ඛාන් රංගනයට විතරක් නොව ඔහුටම ආවේණික ශෛලියකටද උරුමකම් කියන්නෙක් බව අප‍්‍රසිද්ධ රහසකි. එමෙන්ම ශාරුක් ඛාන් තමාගේ රසිකයින් සමඟ මනා සබඳතාවයක් පවත්වා ගෙන යන්නෙක් ලෙසද බොලිවුඩ් සිනමා කර්මාන්තයේ සිටින කවුරුත්ම පාහේ දන්නා කරුණක් වේ. ඔහු චරිතයකට පණපෙවූ සිනමාපටයක් බොහෝ කලකින් තමන්ට ආදරය කරන ප්‍රේක්ෂක ජනයා වෙනුවෙන් නිකුත් නොකළද ශාරුක් ඛාන් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා තම රසික රසිකාවියන් හා සම්බන්ධකම් පවත්වාගෙන යති.

ශාරුක් ඛාන්ගෙන් තම රසිකයින් විමසන ප‍්‍රශ්නවලට ඔහු විසින් පිළිතුරු ලබාදීම පුරුද්දක් වශයෙන් සිදුකරනු ලබන්නකි. පසුගිය දවසක ශාරුක් සජීවීව ප‍්‍රශ්න අසන තම රසික රසිකාවියන්ට පිළිතුරු ලබාදෙන සැසියක් පැවැත් වූ අතර ඔහු තම රසිකයින් අසන ප‍්‍රශ්නවලට විනෝදජනක උත්තර ලබාදී ඇත. එහිදී ඔහු තම රසිකයෙකුට ලබාදුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍යන්හි වෛරසයක් මෙන් පැතිරේ.

ශාරුක්ගේ රසිකයෙක් කෙල්ලෙක් දාගන්නේ කොහොමද කියලා ශාරුක්ගෙන් අහනවා. ඒ ප‍්‍රශ්නය ඇහුව විදිය ගැන ශාරුක් එච්චර කැමැත්තක් දැක්වූයේ නෑ. ඒත් ශාරුක් ඒ ප‍්‍රශ්නයට ප‍්‍රශංසනාත්මක උත්තරයක් දෙනවා. 
&මුලින්ම කෙල්ලෙක් දා ගන්නවා කියන වචන ටික පාවිච්චි කරන එක නවත්තන්න. කාන්තාවන්ට තව ටිකක් ගෞරවයක් දිය හැකි ආකාරයට හැසිරෙන්න මුලින්ම උත්සාහ කරන්න.*
ශාරුක් ඒ ආකාරයේ උත්තරයක් තමයි දෙන්නේ. ඒ උත්තරය දකින බොහෝ දෙනෙක් ඔහු පිළිතුරු දුන්නු විදිය ගැන අගය කරමින් සමාජ මාධ්‍යයේ සටහන් තබා තියෙනවා. ශාරුක් දුන්නු ඒ උත්තරය වෛරසයක් බවට පත්වෙන අතර සෑම පාර්ශවයක්ම පාහේ ශාරුක්ට ප‍්‍රශංසා කරලා තියෙනවා. ඒ අතර ඔහු තවත් බොහෝ දෙනෙක්ට විහිළු සහගත උත්තර ලබාදී තිබෙනවා.

මෙම ප‍්‍රශ්න කිරීම අතරතුර &සර්, ඔබගේ නොපෙනෙන ඇඳුම්වල වර්ණය මොකක්ද?* කියලා ශාරුක්ගේ රසිකයෙක් ඔහුගෙන් විමසනවා. ශාරුක් එයටත් බොහොම විහිළු සහගත උත්තරයක් සපයා තිබුණා මෙන්න මේ විදියට. &මම මේ වැඩසටහන කරන්නේ ඔබ වැනි උගත් සහ අධ්‍යාපනයක් තිබෙන පුද්ගලයන් වෙනුවෙන් පමණකි.* ඒක තමයි  ශාරුක් දීලා තිබුණු උත්තරය.

&ශාරුක් ඛාන්ගේ මීළඟ සිනමාපටය වන පටාන් හින්දි සිනමාපටය රසිකයන්ට දැක ගැනීමට හැකිවෙන්නේ කවද්ද?* කියලා තවත් රසිකයෙක් ශාරුක්ගෙන් විමසනවා. එයට පිළිතුරු දෙමින් මගේ අවස්ථාව තවම ඇවිල්ලා නෑ, ඒ සිනමා පට එන්න කලින් තවත් සිනමාපට බොහොමයක් තිරගත වෙන්න තියෙනවා. ඒවා සිනමාහල්වලට මුදා හැරීමෙන් අනතුරුව අපගේ සිනමාපටය ප‍්‍රදර්ශනය කිරීමට හැකිවේවි* කියලා ශාරුක් ඛාන් කියනවා.
&ඔබ වැඩිපුර කාලයක් නාන කාමරයේ ගත කරන්නේ ඇයි? එච්චරවෙලා ඔබ නාන කාමරයේ මොකක්ද කරන්නේ?* කියලා තවත් රසිකයෙක් ශාරුක් ගෙන් විමසනවා. &මම ඔබට වීඩියෝ එකක් එවන්නම්, ඔබට ඉගෙනීමට ඇති ආසාව සහ කුතුහලය ගැන මගෙ හදවතේ ලොකු සතුටක් ඇති කළා* කියලා ශාරුක් ඔහුගේ ප‍්‍රශ්නයත් හාස්‍යයට ලක්කරමින් පිළිතුරක් දීලා තියෙනවා.

තවත් කෙනෙක් කේ.කේ.ආර්. කුසලානය දිනන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද?* කියලා ප‍්‍රශ්නයක් ශාරුක්ගෙන් අහනවා. ශාරුක් එයටත් ඉතාම විහිළු සහගත ප‍්‍රතිචාරයක් දක්වලා තියෙනවා.
ශාරුක් හාස්‍ය ඉපදෙන පිළිතුරු ලබාදෙමින් ප‍්‍රශ්න අසන අයව බොහොම අපූරුවට හසුරුවා ඇති අතර මේ වනවිට ශාරුක් ඛාන්ගේ නවතම සිනමාපටය වන පටාන් තිරගත වීමට නියමිතව ඇති අතර එහි ශාරුක් ඛාන් සමඟ ප‍්‍රධාන චරිතයට පණ පොවනුයේ දීපිකා පදුකෝනුයි. එසේම මෙම සිනමා පටයෙහි දුෂ්ටයාගේ චරිතයට පණ පොවන්නේ ජෝන් ඒබ‍්‍රහම්