මහනුවර ශාන්ත අන්තෝනි කන්‍යාරාමය හා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති පළමු බාලිකා මහා ක්‍රිකට් තරගය පසුගියදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී නිමාවට පත්වුණේ ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ පිලට තියුණු ජයක් අත් කර දෙමින්.
තරගයේ හොඳම ක්‍රීඩිකාව සම්මානය දිනාගනු ලැබුවේ ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ උපනායිකා සචිනි දයාරත්න. කණ්ඩායමේ නායිකාව වන සඳුනි වීරසිංහට තරගයේ දක්ෂතම පන්දු රකින්නියට හිමි සම්මානය හිමිවුණා.
මධ්‍යම පළාත් ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ මෙම තරගය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්ව සිටියේ, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධානී අප්සරා තිලකරත්න සහ ක්‍රිකට් ආයතනයේ මාණ්ඩලික සාමාජික ඉන්ද්‍රානි යන මහත්ම මහත්මීන්.
සහෝදරත්වයත්, කණ්ඩායම් හැඟීමත් ප්‍රකට කළ මේ ක්‍රිකට් තරගයේ මතක සේයාරූ වලින් තමා අද අපේ Event of the week පිටුව හැඩ වුණේ.
I Pic / Media Unit - st- Anthony's Convent / Kandy