2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ගිම් නිවන්නට නුඹේ උරහිස 
ඉසිඹුවක් යදිනා 
පාදපරිචාරිකා මම වෙමි 
ජීවිතේ යදිනා 

නේක සළු මුතු කුමට හිමි සඳ 
ඉසුර නුඹ බැවිනා 
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය 
ඉරණමේ සරදමකි ප්‍රේමය 
පාදපරිචාරිකා මම වෙමි 
ජීවිතේ යදිනා 

සිනා අහුලන සංසාර මඟ 
කඳුළු නුඹ ඉසිනා 
නෙතට බර නැත 
හදවතට මිස 
මේ කඳුළු ගංගා 

I saara