ගයනි.. මේ දිනවල නිරතවෙලා ඉන්න නිර්මාණ මොනවාද...?
මේ දිනවල “හදවතේ කතාවක් ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ “වරමද්දල ටෙලිනාට්‍ය රෑගත කිරීම්වලටත් සහභාගී වුණා. “හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ගයනි ප්‍රධාන චරිතයකින් මුණගැහෙන “උලලේනී* චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.. ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
උලලේනි තිරගතවෙලා තවත් සති කිහිපයයි. මේ සති කිහිපය ඇතුලත හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. උලලේනි අධ්‍යක්ෂක හේමන්ත ප්‍රසාද්ව මම බොහෝ කාලයක සිට හඳුනන මගේ මිත්‍රයෙක්. ඔහුව මට මුලින්ම මුණගැහුණේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහටයි. මම ප්‍රධාන භුමිකාවක් කළ චිත්‍රපටයක් නිසා මෙම චිත්‍රපටය මට ගොඩාක් වටිනවා. මීට පෙර මම ලෙස්ටර් පීරිස්, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරැන්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේක වෙනස් විදිහක අත්දැකීමක්.
රංගන ශිල්පිනියක් වුණු ගයනි රචිකාවියක් වුණේ කොයි කාලේදී ද..?
මම මට දැනෙන දේ ලියමින් තිබුණා. ටික කාලයක් කෙටි චිත්‍රපට කිහිපයක් මම ලිව්වා. ඒකත් දිගටම කෙරුණේ නැහැ.
නමුත් මට දැනෙන දේ ප්‍රකාශ කරන්න ලේසිම දේ වුණේ කවියයි. ගෘහණියක්, මවක් මේ හැම භූමිකාවක් එක්කම ගෙවන ජීවිතේදී මගේ හිතට දැනෙන දේ මම කවියක් බවට පත්කළා. කාලයක් තිස්සේ මම කවි ලිව්වා. ඔහොම ලියද්දී බොහෝ කවි එකතු වුණාට පස්සේ මොකක්ද කරන්නේ කියලා හිතුණා. සමහර ලියපු කවි මම විසි කළා. එහේ මෙහේ දැම්මා. නමුත් අවසානයේදී ඉතිරිවුණ කවි මම ප්‍රවීණ කිහිපදෙනකුට පෙන්නුවා. ඔවුන් ඒ දේවල් කියෙව්වා. අවසානයේදී රංගන ශිල්පිනියක් විදිහට මාව හඳුනාගෙන සිටිය අයට කවි පොතක් දෙන්න මම තීරණය කළා. මගේ අත්දැකීම් ටික ඔවුන් එක්ක බෙදා හදාගන්න මට ඕන වුණා.
“අමුත්තාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මම හිතුවාටත් වඩා “අමුත්තාට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් ලැබෙමින් පවතිනවා. අමුත්තා එළිදැක්වූයේ සැප්තැම්බර් මාසයෙදීයි. රංගන ශිල්පිනියක් විදිහට රංගනය සම්බන්ධව තමයි මම ප්‍රතිචාර බලාපොරොත්තු වුණේ. මේක මගේ පළමු කවි පොත නිසා මේ තරම් හොඳ ප්‍රතිචාරයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. ලියපු කවි “මේක මටද ලිව්වේ කියලා මගෙන් අහපු අය හිටියා. ඒ තරමටම ඒ කවි ඔවුන්ගේ ජීවිතවලට සමීප වුණා.. මම ලොකු කවිකාරියක් නොවෙයි. මේක මගේ පටන් ගැනීමක් විතරයි.
මේ හැබෑ වෙලා තියෙන්නේ කුඩා කලදී දැකපු හීනයක් ද?
ඔව්.. පුංචි කාලේ ඕනෑම ළමයෙක් එහෙම හැසිරෙනවා ඇති කියලා මට හිතෙනවා. අපිට හොඳ, ලස්සන ළමා කාලයක් තිබුණා. අද නම් වැඩිහිටියෝ වගේම දරුවොත් ඉන්නේ ෆෝන්වල. එහෙම නැත්නම් අන්තර්ජාලයේ. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ අපිට එහෙම නොතිබුණු නිසාම අපි වැඩිපුර කාලය ගතකළේ යාළුවෝ, අනිත් මිනිස්සු සහ පරිසරය එක්කයි. අපි සෙල්ලම් ගෙවල් දැම්මා. අධ්‍යක්ෂකවරැ නැතිවුණාට ඒ කාලේ අපි ඕනෑ තරම් චරිත රඟපාලා තියෙනවා. මම ඉගෙනගත්තේ රත්නපුර ජේසු බිලින්ඳා කන්‍යාරාමයේ. මට තාම මතකයි එක දවසක් ටීචර් කෙනෙක් “ලොකු වුණාම කැමති කවුරු වෙන්නද? කියලා අහද්දී පන්තියේ හිටිය ළමයි එක එක දේවල් කිව්වා.
මගෙන් අහද්දී “මම නිළියක් වෙනවා කියලා මුළු පන්තියටම ඇහෙන්න කිව්වා. මගේ එහෙම අදහසක් නොතිබුණු කාලයක මම එහෙම කිව්වේ ඇයි ද කියලා අදටත් මම දන්නේ නැහැ. මගේ මව්පියෝ කවුරුවත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. අපිට හොස්ටල් එකේ ටෙලිනාට්‍යයක්වත් බලන්න දුන්නේ නැහැ. දැඩි නීතිරීතී යටතේ හැදුණේ. ඒ කාලේදී රගංන ශිල්පිනියක් වෙන්න මම හීනයක් දැක්කා. මට තාම මතකයි එදා මට මුළු පන්තියම හිනා වුණා. ඇත්තටම ඒ කාලේ හැටියට එහෙම වෙන්න පුළුවන් කියලා හිතුවෙවත් නැහැ. පහුකාලයේදී මම උසස්පෙළට කලා විෂයක් හැදෑරුවා. සංගීතය පැත්තෙන් ඉදිරියට ඉගෙන ගත්තා. ඒ හැමදේම රංගනයෙන් ඉදිරියට එන්න ලොකු හයියක් වුණා.
ඔය ගමනේදී තරුපතිව මුණගැහුණේ කොහොමද?
තරුව මුණගැහෙන්නේත් “අරුන්දතී වේදිකා නාට්‍ය හරහායි. “අරුන්දතී තුමිඳු දොඩම්තැන්නගේ අධ්‍යක්ෂණයක්. තරෑ ඒ වේදිකා නාට්‍යයේ සංගීතය කළා. මම අරුන්දතී නාට්‍යයේ ප්‍රධාන භූමිකාව කළා. පහුකාලයේදී තරූට මම ගැන අදහසක් ඇතිවෙලා මට යෝජනාවක් ගෙනාවා. අපි දෙන්නා ගැලපෙනවා කියලා මටත් හිතුණා. 2002 වසරේදී අපි විවාහ වුණා.
ගයනී සහ තරුපති කාලයක්ම හිටියේ විදෙස් ගත වෙලයි...?
ඔව්.. තරෑගේ අධ්‍යාපන කටයුතු නිසා අපි ඕස්ට්‍රේලියාවේ තමයි කාලයක්ම හිටියේ. ඒ කාලේදී මම නිර්මාණ බොහෝමයකටම සම්බන්ධ වෙලයි හිටියේ. විදෙස් ගතවුණ නිසා ඒ හැමදේම නතර කරන්න මට සිදුවුණා. නමුත් මට පුතාලා දෙන්නාව ලැබුණේ ඕස්ට්‍රේලියාවේදීයි. බොහෝ දේ කැපකරලා ඕස්ට්‍රේලියාවේ ගියත් ඊට වඩා වටිනා සම්පත් දෙකක් මට ලැබුණා. ලංකාවට නැවතත් ආවට පස්සෙත් ඒ නැවතුණු තැනින් ආයෙමත් වැඩ පටන්ගන්න මට අවස්ථාව ලැබුණා. තරු අද වෙද්දී කැලණි විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා.
දරුවන් ගැනත් කතා කළොත්?
අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ මයොන් සහ මිතුන්. ලොකු පුතා පහේ ශ්‍රේණියේ. පොඩි පුතා දෙවන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. ඒ දෙන්නා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබනවා. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු හීන නැහැ. මේ ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි.
යකඩ ගොඩක්
හූ හඬක්
කෙළවරක් නැති
ජීවිතයක්
රේල් පීලි අතර
උඩට නැමුණ
කහ මලක්
කීව කතාවක්
ඇසුවොත් නුඹත්
පටන් ගනී
ජීවිතයක්...
► Text - Dishani / Pic - Sumudu