ෂේමන් රවුෆ් (Sheymon Rauff) නම් කලා ලෝකයට එකතු වූ අලුත් තරුවක් ගැන සමාජ ජාල ඔස්සේ පසුගිය දිනවල කතාබහක් ඇතිවූයේ ඔහුගේ නිර්මාණවලටද වඩා රන් පැහැ ගැන්වූ ඔහුගේ ජීප් රිය නිසාවෙනි. නිරූපණය, ගායනය, රංගනය වැනි ක්ෂේත්‍ර ගණනාවක නියැලී සිටින ඔහුව අප හමුවූයේ ද කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වෙන Ceylon majestic pageant අතරතුරදී ය.
ෂේමන් මේ වෙද්දි සංගීතය, නිරූපණ ශිල්පය වගේ ගොඩක් පැතිවල වැඩ කරන කෙනෙක්. ඔබ කොහොමද තමන්ව හඳුන්වනවට කැමති?
ෂේමන් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට ඇතුළු වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම මම රංගනය හදාරලාත් තියෙනවා. ඒ කියන්නේ මම නාට්‍ය කලාව පැත්තෙන් උපාධියක් හදාරලා තියෙනවා. ඒ නිසා මම ඉස්සරහට රංගන ශිල්පියෙක් විදිහටත් ඉදිරියට ඒවි. අනික මම පොඩි කාලෙ ඉඳන්ම සින්දු කියන්න ආසයි. සංගීත ක්ෂේත්‍රයේ මගේ යාළුවොත් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පැත්තෙත් වැඩ කරගෙන යනවා.
ඔය අංශ සේරම අතරින් ඔයා වැඩියෙන්ම දක්ෂයි කියලා හිතන සහ වැඩිදුරක් යා යුතුයි කියලා හිතන පැත්ත මොකක්ද?
මගේ වැඩි ආසාවක් තියෙන්නේ චිත්‍රපට කර්මාන්තයට එකතු වෙලා ඉදිරි ගමනක් යන්න තමයි. ඒ අතරේදී ගායකයෙක් විදිහටත් කටයුතු කරනවා.
දැනට චිත්‍රපටවලට සම්බන්ධ වෙලා වැඩ කරනවද?
කිහිපයකටම ආරාධනා ආවා. ඒ ලැබෙන චරිතත් එක්ක බලලා ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුණම භාරගන්න තමයි මම බලන්නෙ.
ෂේමන් වෘත්තීමය කලාකරුවෙක් ද නැත්නම් ව්‍යාපාරිකයෙක් ද?
මෙහෙමයි. මගේ පවුල ව්‍යාපාරික පසුබිමක් තියෙන පවුලක්. හැබැයි මම නම් පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයට එකතු වෙලා තමයි ඉන්නෙ.
සංගීත පැත්ත ගත්තොත් ෂේමන් මොනවද දැනට කරලා තියෙන්නෙ?
මම දැනට Mash-up එකක් කරලා තියෙනවා. ඇත්තටම මට ඕන වුණේ මගේ ගායනය ගැන මිනිස්සු මොනවද හිතන්නෙ මගේ වොයිස් එකට මිනිස්සු කැමතිද කියලා දැනගන්නයි. එතැනදි මගේ මිතුරෙක් වන විරාජ් පෙරේරා මට ගොඩක් උදව් වුණා. තවත් ගොඩක් යාළුවෝ ඒකට උදව් වුණා. ඉස්සරහට අලුත් වැඩ කිහිපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා.
මොනවද ඒ අලුත් වැඩ?
අලුත් Mash-up එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ තනි නිර්මාණයකුත් එළියට දාන්න සූදානමින් ඉන්නවා.
Mash-up ගැන කතාකළාම ඒක සංගීතයේ අලුත් රුල්ලක් ද?
සමහර සින්දු තියෙනවා අපි එක පාරක් දෙපාරක් ඇහුවම ඒකෙ ආසාව නැතිවෙනවා. තව සමහර සින්දු තියෙනවා කොච්චර ඇහුවත් අපිට එපා වෙන්නෙ නෑ. තව සින්දු තියෙනවා තව පොඩි පොඩි දේවල් එකතු වුණා නම් තවත් ලස්සන කරන්න පුළුවන් ඒවා. ඉතින් Mash-up වලින් සින්දු අලුත්ම විදිහකට ඒ හැම එකකම ලස්සන තැන් මතුකරන විදිහට අහන්න රසිකයින්ට අවස්ථාව ලැබෙනවා. අනික Mash-ups කරන්නේ අලුතින්ම සංගීත ක්ෂේත්‍රයට එන අයයි. ඉතින් අලුත් අයට තමන්ගේ දක්ෂතා එළියට දාන්න ඒක හොඳ මාර්ගයක්.
Mash-ups හින්දා ප්‍රවීණයින්ගෙන් බැණුම් අහන්න එහෙම සිද්ධ වෙලා නැද්ද?
ඒක මෙහෙමයි. අපිට එයාලා කියන විදිහටම ඒ සින්දු කියන්න බැහැ. ඒ සින්දු අපිට මාර්ගයක් හදාගන්න විතරයි. එහෙම නැතුව ඒ අයට ඒ සින්දු වලින් ලැබෙන ආර්ථික වාසිවලට හානි වෙන විදිහට කටයුතු කරනවා නම් තමයි වැරදි සහ ප්‍රශ්න ඇතිවෙන්නෙත්.
අපි ජීප් එක ගැනත් කතාකරමු. ඇත්තටම ඇයි ජීප් එකට රත්තරන් පාට තෝරගත්තෙ?
මේක රේන්ජ් රෝවර් සමාගමේ ජීප් එකක්. ඕවර්ෆින්ච්. මම මේක ගත්තේ 2013 විතර. ඉතින් ඒක අරගෙන දැන් ටික කාලයක් නිසා මට හිතුණා මොකක් හරි වෙනසක් කළොත් හොඳයි කියලා. ඩුබායි, ඉන්දියාව වගේ රටවල මිනිස්සු වාහන ලස්සන කරන්න කරන දේවලුත් දැකලා තමයි ජීප් එක ගෝල්ඩ් කරන්න මට හිතුණෙ. ඇත්තටම මේක ඇත්තම රත්තරන් නෙමේ. මේකට කියන්නේ Gold Chrome Wrap කියලයි. ස්ටිකර් එකක් වගෙයි.
ජීප් එකේ පාට වෙනස් කළාට පස්සෙ දැන් වාහනේ යද්දී දැනෙන හැඟීම මොනවගේද?
ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මිනිස්සු බලනවා. හෝටලයකට ගියත් මිනිස්සු බලනවා පින්තූර ගන්නවා. කලින් තිබුණු ජීප් එකමද කියලා හිතාගන්නත් බැරිතරම් වෙනසක් තියෙනවා.
පොලීසියෙන් එහෙම කරදර වුණේ නැද්ද?
තාම නම් නැහැ. හැබැයි මම ඉක්මනින්ම වාහනේ පොත අලුත් පෙනුමට හදාගන්න ඕන. ඒකනෙ නීතිය.
♦ Text - Rajitha / Pic - Sumudu