2017 මාර්තු 11 වන සෙනසුරාදා

MOBILE එකට පැන්න රූප පෙට්ටිය

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

 

වර්තමානයේ අධිවේගී ජීවන රටාවකට මැදි වී සිටින අප කාටත් යම් අස්වැසිල්ලක් ලබාදෙමින් සුසිල මොබයිල් ටීවී නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම දුරකතන සඳහාම නිර්මාණය වූ රූපවාහිනී නාලිකාව මේ වනවිට ජනගත වී හමාරය.

www.susilamobiletv.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි විස්තර ලබාගත හැකි අතර සුසිල මොබයිල් ටීවී ඇප් එක ඔබේ ජංගම දුරකථනයට අදම ඩවුන්ලෝඩ් කරගත හැක.

ශ්‍රී ලාංකික රූපවාහිනී ක්ෂේත්‍රයට විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙම සුසිල ජංගම දුරකතන නාලිකාව ඔබ වෙත ගෙන එන්නේ වසර 35ක් පුරා දූ දරුවෝ, යශෝරාවය, නෑදෑයෝ හා වත්මනෙහි සල් සපු නා වැනි අපූරු නිර්මාණ හරහා ප්‍රේක්ෂක හද බැඳගත් සුසිල නිෂ්පාදන ආයතනයයි.

සුසිල මොබයිල් ටීවී ප්‍රධානී සන්ධ්‍යා මෙන්ඩිස් පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම රූපවාහිනියට අන්තර්ගත සියලුම වැඩසටහන් ජංගම දුරකතන තිරයට සරිලන ලෙස නිර්මාණය වූ ඉතාම උසස් තාක්ෂණයෙන් යුත් නැවුම් නිර්මාණ බවය.

ජංගම දුරකතන තිරයට අදාළව නිර්මාණ සඳහා ඊට ආවේණික සුවිශේෂී තාක්ෂණයක් තිබෙනවා. මෙය ලංකාවේ ජංගම දුරකතන පරිශීලකයන්ට නැවුම් අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැහැ. තාක්ෂණයේ පරිණාමයත් සමඟ අපි අලුත් වෙනසකට මුහුණදිය යුතු වෙනවා. එදා සිනමා යුගයෙන් පස්සෙ ආවෙ රූපවාහිනී යුගය. දැන් රූපවාහිනියෙන් ජංගම දුරකතන යුගයට පැමිණ තිබෙනවා. සුසිල මොබයිල් ටීවී නාලිකාවේ අන්තර්ගත වැඩසටහන් සියල්ලම පාහේ අලුතින්ම ජංගම දුරකතන සඳහාම නිර්මාණය වූ ඒවා. ඒ වැඩසටහන් අතර අලුත්ම ටෙලිනාට්‍ය, කෙටි චිත්‍රපට, හාසේ‍යා්ත්පාදන වැඩසටහන්, මෝස්තර නිරෑපණය, ගෘහ පාලනය, දවසේ සිතුවිලි, චිත්‍රපට, රියැලිටි ඇතුළු රසවින්දනාත්මක රැසක් අඩංගු වෙනවා. එම වැඩසටහන් සඳහා උපසිරැසි තෝරාගැනීමේ පහසුවද පරිශීලකයාට හිමිවෙනවා. ඔබ කැමති වැඩසටහන් ඔබ කැමති ස්ථානයක, කැමති වෙලාවක ඔබේ අභිමතය පරිදි නැරඹීමේ අවකාශය සුසිල මොබයිල් ටීවී ලබාදෙනවා. ඒ වගේම ඔබ කැමති ඕනෑම සුසිල මොබයිල් ටීවී වැඩසටහනක් ඔබේ අභිමතය පරිදි ඕනෑම සමාජ වෙබ් අඩවි ජාලයක් සමඟ හුවමාරු කරගත හැක. වසර 35ක අත්දැකීම් තුළින් හඳුනාගත් ශ්‍රී ලාංකික ජනතාවගේ හද ගැහෙන රාවය මෙන්ම මේ රටේ ව්‍යාපාර ප්‍රජාවට ඔවුන්ගේ පණිවිඩ නිසි ලෙස ජනතාව අතරට ගෙන යෑමේ යාන්ත්‍රණයක් හා පහසුකම් සලසන්නෙක් ලෙස සුසිල නාමය විශ්වසනීය නාමයක් දිනාගෙන තිබීම සුවිශේෂී සාධකයක්. සුසිල මොබයිල් ටීවී ජනතාව අතරට එන්නේද ඒ ගෞරවය, විශ්වාසය හා අභිමතයත් පෙරදැරි කොටගෙනය. මේ ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගැනීමෙන් ඔබේ කාර්යබහුල ජීවිතයට ඔබ ළඟින්ම හිඳින්නට විශ්වාසවන්ත රසවතකුගේ ඇසුර ලබාගත හැකිවන අතර, ඒ සඳහා මසකට වැය වන්නේ රු. 100/- මුදලකි. ඩයලොග් ඇතුළු ඕනෑම දුරකතන ජාලයක දුරකතනයකට මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගත හැක. 

උසස් මෘදුකාංග යොදා ඉහළම තත්ත්ව සහතිකයට යටත්ව නිර්මාණය වූ සුසිල මොබයිල් ටීවී ඔබව අලුත්ම රසවින්දනාත්මක ලොවකට කැඳවා යනු නොඅනුමානය, ඇය කීවාය.