රජත් - ඔබතුමා සන්‍යාසී ජීවිතයක් ගැන කතා කළාට මට දැනගන්න ලැබුණා. ඔබතුමා ගුජරාත්වලට ගියාම තරුණ ගැහැනු ළමයි එයාලගේ කම්මුලේ අත්සන් කර ගන්නවලු ඔබට කියලා. මෝදි- ඒ දරුවෝ මගේ ජීවිතය ගැන දන්නේ නැහැ. අවස්ථාවක් ආව ගමන් ඒගොල්ලෝ ඇවිත් අත්සන් ඉල්ලනවා. ඒ ගොල්ලෝ හිතනවා කම්මුලේ මෝදිජිගේ අතසන තිබුණම ලෝකයේ හැමෝටම ඒක පේනවා කියලා. ලෝකයාට පෙන්වීම සඳහා කම්මුලේ කොණ්ඩයේ අත්සන් කරවා ගන්නවා.
රජත් - තනිවම හුදෙකලාවේ ඉඳන් වැරැද්දක් කරන්නේ කියලා හිතෙන්නේ නැද්ද?
මෝදී - සමහරවිට ඒක වෙන්න ඇති ඒකට අවස්ථාව ලැබිලා තියෙන්නෙ.
රජත් - ඔබේ කුඩා කාලය දුම්රියට ගොඩාක් සමීපයි නේද?
මෝදී - ඔව්. මගේ පියා දුම්රිය ස්ථානවල වේදිකාවෙ කිරි තේ විකිණුවා. අවුරුදු 14දී මමත් මගේ සහෝදරයා එක්ක කිරි තේ විකිණුවා.
රජත් - මට හොයා ගන්න ලැබුණා ඔබ කුඩා කාලයේදී පතපොත ඉගෙනගන්න ඒ තරම්ම දක්ෂතා දැක්වූයේ නැහැ කියලා.
මෝදී - ඔව් ඒක ඇත්ත. ඒත් වාද විවාදවලදී මම කැපිලා පේන චතුර බවක් පෙන්නුම් කළා. මම වේදිකා නාට්‍යවලටත් කැමැත්තක් තිබුණා
රජත් - ඉගෙන ගන්න අවධානයක් යොමු කෙරුවේ නැති වුණාට ඔබ දේශපාලනයට ඒ කාලේ ඉඳන් යොමු වුණා කියලා මම හොයා ගත්තා.
මෝදී - ඔව් ඒක ඇත්ත. මම මගේ යොවුන් කාලයේදී මගේ සමවයසේ අය කරන දේවල්වලට යොමු නොවී රාෂ්ඨිය ස්වයං සේවක් සංග් සංවිධානයේ යොවුන් බලකායේ සාමාජිකයෙක් වුණා.
රජත් - ඔබට චෝදනාවක් තියෙනවා. ඒ යොවුන් කාලයේ ඔබ ගුප්ත චිත්‍රයක් කියලා.
මෝදී - ඔබ එහෙම කියනවා ඇත්තේ මම අවුරුදු 17 ඉඳන් ආගම දහමට ළැදිවුණ නිසා වෙන්න ඇති. මම ඒ කාලයේ රාම ක‍්‍රිෂ්ණා ආශ‍්‍රමවලත්, ස්වාමි විවේකානන්ද් ආශ‍්‍රම වලිනුත් ආධ්‍යාත්මික ශික්ෂණයක් ලබාගත්තා. ඒ වගේම තව දෙයක් කියන්නම් ඕන රජත්. කිරි තේ විකුණන ගමන් මම ආගමික කටයුතුවලත් නිරත වෙමින් දේශපාලන කටයුතුත් කරන ගමන් අධ්‍යාපන කටයුතුත් කළා.
රජත් - ඔබ 2001 වර්ෂයේදී ගුජරාත් ප‍්‍රාන්තයේ මහඇමැති බවට පත්වෙන්න හේතු වුණු ප‍්‍රධානම දේ සිද්ධවුණේ 1970දියි කියලා මට දැනගන්න ලැබුණා.
මෝදී - 1970දී මම රාෂ්ඨිය ස්වයං සේවක් සංග් සංවිධානයේ පූර්ව කාලීන ප‍්‍රචාරක නිළධාරියෙක් වුණු නිසා වෙන්න ඇති ඔබ එහෙම කියන්න ඇත්තේ. එතනින් ආරම්භ කළ ගමනින් තමයි ටිකෙන් ටික ඇවිත් අවුරුදු 51දී ගුජරාත් ප‍්‍රාන්තයේ මහ ඇමැති වෙනකම් ආවේ.
රජත් - ඔබතුමා තවමත් හූදෙකලාව දිවි ගෙවන නිසා ගොඩාක් අය කල්පනා කරනවා ඔබ කවදා මේ හුදකලාව නැති කර ගිනියිද කියලා. පවුලක් කවදා ගොඩනගා ගනියිද කියලා ඔවුන් කල්පනා කරනවා.
මෝදී - ඇමැතිවරයෙක් වුණාම රජයෙන් තමන් කැමති ප‍්‍රදේශයකින් ඉඩමක් ගන්න පුළුවන්. මම ඉඩමක් ගත්තා. ඒකේ ගොඩනැගිල්ලක් හදයිද නැද්ද කියලා මම දන්නේත් නැහැ. ඊට පස්සෙනේ ඒක නිවෙසක් වෙන්නෙ නේද?
රජත් - නරේන්ද්‍ර මෝදී දේශපාලන නායකයෙක්ටත් වඩා බ‍්‍රෑණ්ඩ් එකක් (වෙළඳ සන්නාමයක්) වෙලා. ඔබ අඳින ජාතියේ කුර්තා ලන්ඩන්වල නිව් ජර්සිවලදී මම දැක්කා මෝදී කුර්තා කියලා අලෙවි කරනවා.
මෝදී - මටත් ඒක දැනගන්න ලැබුණා. ආ මගේ මිත‍්‍රයෙක් ඔය කියන කුර්තා එකක් අමෙරිකාවෙන් අරන් ඇවිත් තිබුණා. මම පුදුම වුණා. අමෙරිකාවෙත් මෝදීකුර්තා විකුනණවා කියලා ඔහු මට කිව්වා. තව කෙනෙක් කෑමකටත් ඒ නම දාලා මටත් එවලා තිබුණා. මගේ නම් ව්‍යාපාරවලට යොදා ගත්තම ඒකෙන් හොඳක් වෙනවානම් මොකද නේද?
රජත් - ඇහැමදාබාද්වල මෝදිගේ නමින් (රික්ෂෝ) කුලී රථ ව්‍යාපාරයක් තියෙනවා.
ඒ (ඔටො රික්ෂෝවල) කුලී රථවල ගියාම ඔබට කන්න චොක්ලට් දෙනවා. පානය කිරීම සඳහා ජලය ලබාදෙනවා. දුරකතන පහසුකම් ලබාදෙනවා. ඔබේ ජංගම දුරකතනය චාර්ජ් කරගන්න පුළුවන්. ගුවන් යානයකදී ලැබෙන තරමේ පහසුකම් ඒ කුලී රථවලින් ලබාදෙනවා.
මෝදි - ඒ කුලීරථ ව්‍යාපාරයට මෝදී කුලීරථ කියලා නම දාලා තිබුණට මම මොනවා කරන්නද?
අනික කියන්නම ඕන ගුජරාත් ප‍්‍රාන්තයේ මේ විස්මය උපදවන ප‍්‍රගතිය අපි අත් කර ගත්තේ ව්‍යාපාර සඳහා අවස්ථාව ලබාදී ආව නිසයි. ඒ නිසා තමයි අපේ ප‍්‍රාන්තයට විදේශ ආයෝජන බොහොමයක් ගලාගෙන ආවේ. ගුජරාත් ප‍්‍රාන්තයේ සංවර්ධන වේගය මධ්‍යම රජයත් පසු කරගෙන ගිහින් තියෙන්නේ ව්‍යාපාර කිරීමෙ නිදහස ගැන මම දරන ප‍්‍රතිපත්තිය නිසා වෙන්න ඇති.
රජත් - මම ගුජරාත්වල පුවත්පතක දැක්කා. කාන්තාවක් තමන්ගේ දරුවට කියලා තියෙනවා මේ කෙනා දෙවියෙක් කියලා.
මෝදී - මමත් ඒක පුවත්පතක තිබිලා කියෙව්වා. සමහරවිට මේක මාධ්‍යවල පුදුමයක් වෙන්නත් පුළුවන්. මාධ්‍ය මගින් මාව විවිධාකාර රූප වලින් මහජනතාවට ඉදිරිපත් කරවලා තියෙනවනේ. මිනිස්සු දෙවිවරුන් ලෙස පිළිගන්න හොඳ නැහැ කියන එකයි මගේ නම් මතය. වැඳුම් පිදුම් අවශ්‍ය නැහැ.
රජත් - රාජ්පුත්වල ඔබ වෙනුවෙන් දෙවොලක් පවා හදලා තියෙනවා.
මෝදී - මේ මිනිස්සු ඉතාම අවංක මිනිස්සු. ඔවුන් කිසිම අරමුණක් නැතුව ඉන්නවා. මම නීති ගෙනාවා දරුවන්ට උගන්වන්න කියලා. ඔවුන් මගේ ළඟට ඇවිත් කිව්වා අපිට ඉන්න ගෙවල්වත් නැහැ. අපි කොහොමද කොහේ ඉඳලද උගන්වන්නේ කියලා ඔවුන් මගේන් ඇහැව්වා. මම ඔවුන්ට ගෙවල් 250ක් පමණ හදවලා දුන්නා. මම ඔවුන්ට දැම්ම එකම නීතිය දරුවන්ට උගන්වන්න ඕන කියන එක විතරයි. මේ වෙනකොට ඔවුන්ගේ ළමයි කම්පියුටර් වලින් වැඩ කරනවා. ඒක දැක්ලා ඔවුන්ගේ හිත්වලට ආව අරමුණක් නිසා එහෙම මන්දිරයක් හදන්න ඇති. එතන මගේ ඡායාරෑපයක් තියලා ඒ දරුවෝ එතනින් යන ගමන් ආචාර කරලා යනවා ඇති. මාධ්‍ය ඒකට ලොකු ප‍්‍රචාරයක් දුන්නා. ඒ නිසා අර කළ හොඳ වැඩේ යට ගිහින් දේව මන්දිරයේ කතාව උඩට ආවා. මම ඒ ගැන ගොඩාක් කනගාටුවෙනවා.
රජත් - ඒත් මාධ්‍යවල ඔබ ගැන හොඳක් ලිව්වත් ප‍්‍රචාරය කළත් ඔබ ඒ ගැන කැමැත්තක් දක්වන්නේ නැහැ නේද?
මෝදී - මම ඒක හරි කියලා පිළිගන්නේ නැහැ. ඒඅවයින් රටට ඵලදායි දෙයක් වෙන්නේ නැහැනේ. මනුස්සයෙක් මගේ ඡායාරූප තියාගෙන දේවාලයක් හදාගෙන වඳිනවා. තව කෙනෙක්ක් ඡායාරෑපයක් අරගෙන ඇවිදිනවා. ඒක මගේ හඳුනාගැනීම නෙවෙයිනේ.
(නඩුව ඊළඟ සතියට කල් තැෙබ්)
Translation — Chandana waravitage