අවසාන හැන්දෑව
අතීතයෙ පිටු අතර
ජීවිතේ පාට පිටු
සුදුමැලිව ඉකිබිඳින
අද දවසෙ ද්වාරය
පාමුලෙහි මම තනිව
රිදීවන් වලාකුළු
කෝමලව තරු එක්ක
කසු කුසුව
මන්දාරම
මගේම ආදරණීය
මේ තරම් හඬන්නට
කඳුළු දුන්නේ කවුද
අතහැරුණු මඟහැරුණු
ආදරේ මතක මිස
එකෝමත් එකදාක
දුක්බරම සැදෑවක
ජීවිතෙන් ඈතටම
නොකියාම පලාගිය
SAARA