අපේ නළු නිළියන්ට පාරෙ බැහැලා යන්න බැහැනෙ, ඒ අය මිනිස්සු අතර ජනප්‍රිය නිසා. ඒ හේතුව නිසා ඒගොල්ලන්ට අවාසිදායක වෙන වෙලාවලුත් තියෙනවා.
ඒත් චිත්‍රපට නිෂ්පාදකවරු මොන තරම් ජනප්‍රිය චිත්‍රපට හැදුවත්, ඒ අයගෙ මූණු ජනප්‍රිය නැහැ.
වෙලාවකට ඒක ලොකු වාසියකුත් වෙන අවස්ථාවල් තියෙනවා.
මෑතකදී ඒ වගේ නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න ලෑස්ති කරලා තිබුණ නිසා ඔහු ඔහුගේ බිරිය සමඟ පිට පළාත්වල තියෙන සිනමා ශාලාවල තත්ත්වය ගැන හොයලා බලන්න රවුමක් ගැහුවලු.
එක්තරා නගරයක සිනමා ශාලාවක් ළඟ බැහැලා ශාලාවට ඇතුළු වෙනවත් එක්කම ඒකෙ සේවකයෙක් ඔහුගෙන් අහනවලු සර් කාමරයක්ද බලන්නෙ කියලා.
නිෂ්පාදකවරයාට තරු පෙනුණලු.
කාමරයක්?
ඔව් සර් අපේ BOX හදලා තියෙන්නෙ කාමර වගේ තමයි, කියලා කිව්වලු.
අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කාංචනා මෙන්ඩිස් දැන් පදිංචිවෙලා ඉන්නෙ එංගලන්තයෙ බව කවුරුත් දන්නවනෙ. ඒත් පහුගිය දවස්වල කවුරුත් නොදන්නා ආරංචියක් අපේ ඇන්ටනාවට අහුවුණා.
කාංචනා ඇගේ සැමියා රොෂාන් හා දරු දෙදෙනත් එක්ක ලන්ඩනයේ සතුටින් ජීවත් වෙනවා. කාංචනා අවුරුද්දකින් විතර ලංකාවට ආවෙත් නැහැ නිවාඩුවකටවත්.
ඔන්න ඊයෙ පෙරේදා කාංචනාට පුංචි පුතෙක් ලැබිලා. ඒ එයාගෙ තුන්වෙනි දරැවා. ලොක්කා පුතා, දෙවනියා දුව.
කාංචනාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ලංකාවෙ එයාගෙ නෑදෑයන්ට හා කිට්ටුම හිතවතුන්ට කියලත් නැහැ. ඒ අයට මේක ලොකු සප්රයිස් එකක්ලු.
ඉතින් මේගොල්ලො කාංචනාට කියනවලු එයාගෙ අලුත උපන් බබාට සප්රයිස් කියන නම දාන්න ඕනෙ කියලා.
පසුගියදා කටුකුරුන්ද පැත්තෙ බෝට්ටුවක් පෙරළිලා ඉතා අවාසනාවන්ත ලෙස ජීවිත ගණනාවක් මරුට බිලිවුණ පුවත හැමෝම කියෙව්වෙ ඉතාම සංවේගෙන්.
ඒ දවස්වල කළුතර අවට ප්‍රදේශයක අලුත් ටෙලිනට්‍යයක් රූපගත කරමින් තිබුණා.
කවදත් රස කතා කියන්නට රුසියෙක් වන ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඔය බෝට්ටු අනතුර සම්බන්ධ කරගෙන අපූරු කතාවක් සහෝදර ශිල්පීන්ට කිව්වලු.
“මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා එක්තරා රටක. 15ක් යන්න පුළුවන් බෝට්ටුවක ගැහැනු අය 25ක් ගිහිල්ලා විනෝද චාරිකාවක්. බර වැඩිකමට බෝට්ටුව පෙරළිලා 25 දෙනාම අනතුරට පත්වුණාලු. ඒ අයගෙ සැමියන්ට දුක දරාගන්න බැරුව අඬනවලු. කොහොම හරි දවස් දෙක තුනක් ගියාට පස්සෙ ඒ මිනිස්සු හිත හදාගෙන සුපුරුදු ජීවිතයට හුරුවුණාලු. ඒත් එක සැමියෙක් සති දෙකක් ගිහිල්ලත් ඇඬිල්ල නවත්තන්නෙම නැහැලු. කට්ටිය ඒ ගැන ඔහුගෙන් ඇහුවලු, ඔහු දීලා තියෙන්නෙ මාර උත්තරයක්.
“අනේ මගේ නෝනත් ඒ ට්‍රිප් එක යන්නමයි හිටියෙ. ඒත් බබාගෙ ඉස්කෝලෙ කොන්සට් එක නිසා යන්න බැරි වුණානෙ.
එක්තරා ආයතනයකින් පහුගිය දවසක කෙටි චිත්‍රපට තරගයක් පවත්වන්න ලෑහැස්ති කරලා ලංකාවෙ ඉන්න තරුණ සිනමාවේදීන්ගේ තිර පිටපත් බාරගන්න වැඩපිළිවෙළක් යෙදුවලු.
ඔන්න දැන් ප්‍රතිචාරය ඉහළයිලු. මොකද හොඳම තිර රචනා තුනට බරපැන දරන්නෙත් මේ ආයතනය නිසා.
තිර පිටපත් බාරදුන් අය අතර නව පරපුරේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරුත් හිටියලු.
තේරීම් කමිටුව විසින් පිටපත් ටික කියවගෙන යද්දි ජනප්‍රිය නව පරපුරේ සිනමාවේදියකුගේ පිටපතක් අහුවුණාලු. කොහොම කියෙව්වත් ඒක කාටවත් තේරෙන්නෙ නැහැල්ලු.
පස්සෙ මේ කමිටුවේ ප්‍රවීණ සාමාජිකයෙක් ඔහුට කතා කරලා කිව්වලු ඔහුගෙ පිටපතේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ කියලා.
හා... හා... ඒක තමයි මගේ නිර්මාණවල තියෙන විශේෂත්වය, කියලා ඔහු පොර ටෝක් එකක් දුන්නලු.
ටෙලිනාට්‍යය රූපගත කරන කාලය තුළ සිදුවුණ තවත් ලස්සන කතාවක් මේක.
මාස 2ක් විතර කොළඹ අවට රූපගත කළ මේ නාට්‍යයේ ගොඩාක්ම හිටියෙ තරුණ නළු නිළියො.
වැඩ පටන් අරන් පළවෙනි සතියෙම සමහර ජෝඩු සෙට් වුණාලු. ඒත් ඒ අය හිතන් ඉන්නෙ කවුරුත් ඒ ගැන දන්නෙ නැහැ කියලා.
ඒකේ තරුණ නළුවෙකුගෙ ෂූටිං සතියකින් විතර ඉවර වෙලා. ඒත් එයාට ෂූටිං නැතත් හැමදාම සෙට් එකට එනවලු.
ඔය ආදරෙයි කැස්සයි හංගන්න බැහැ කියනවනෙ. කට්ටියට තේරුණා කොල්ලා එන්නෙ පොල් පැළේ කන්න තමයි කියලා. ඒත් නොතේරෙන ගාණට හිටියලු.
දවසක් ඒකේ සහාය අධ්‍යක්ෂවරයා ඒ ගැන ඔහුගෙන් ඇහුවලු.
“මොකෝ මල්ලි ෂූටිං නැති දවස්වලත් මෙහෙට හැමදාම එන්නෙ...?
“නෑ අයියෙ මේ ළඟ තියෙන ජිම් එකට එනවනෙ... ඒක ඉවරවෙලා ඉතින් කම්මැලිකමට මෙහෙ එනවා. අපි එක පවුලක් වගේ එකට වැඩ කරපු කට්ටියනෙ. කියලා පර්ස් එක අදිනවලු.
“මොකෝ මල්ලි පර්ස් එක අදින්නෙ...
“නෑ අර ජිම් එකේ සාමාජිකත්වය ගත්තු රිසිට් එක පෙන්නන්න...
“පිස්සුද බං... උඹව අපිට අවිශ්වාස නැහැ උඹ හොඳ ජිම් කොල්ලෙක්නෙ. ළඟදිම හොඳ පෙම් කොල්ලෙක් වෙයි වගේ... සහාය අධ්‍යක්ෂකවරයා කිව්වලු.
ලංකාවෙ පසුගිය කාලෙක හදපු විදෙස් චිත්‍රපටයක පිටරට ශිල්පීන් රැසක් වැඩකරලා තියෙනවා. අපේ රටේ කාර්මික ශිල්පීන් කීපදෙනෙකුත් ඒකට සම්බන්ධවෙලා තියෙනවා.
වැඩිකල් යන්න කළින් මේ කට්ටිය අපේ අයත් එක්ක හොඳටම ෆිට්වෙලා. ඒ අතර හිටියා එක්තරා රටකින් ආපු තරුණයෙක්. ඔහු ඇවිත් ඉන්නෙ ඒ රටේ චිත්‍රපට කාර්මික අංශයකින් පුහුණුවීම් කටයුතු සඳහාලු. අපේ රටේ ඒ වගේ ආයතන නැහැනෙ.
කොහොම හරි මේ තරුණයාට පොඩි ගැටලුවක් තිබිලා තියෙනවා. ඔහු කතා කරද්දී ටී ශබ්දය එන්නේ නැහැ. ඔහු ලංකාවට ඇවිත් ඉන්නෙ ට්‍රේනිං වලට. එහෙත් ඔහු කියන්නෙ මම ලංකාවට ඇවිත් ඉන්නෙ රේනිං වලට කියලා. අපේ අයියලා ඉතින් ඒක අල්ලගෙන මෙයාව හොඳටම බයිට් කරලා. එක්කෙනෙක් එයාගෙන් ඇහුවලු ලංකාවෙ ලස්සන තැන් බලන්න ගියෙ නැද්ද කියලා. ඔහු කියලා තියෙනවා මහනුවර ගියා කියලා.
“ඔයා කොහොමද කැන්ඩි ගියේ?
“මම රේන් එකේ ගියේ..., ඔහු එහෙම කිව්වම හැමෝටම හිනාලු. ඔහු ගිහින් තියෙන්නෙ ට්‍රේන් එකේ.
“ඇයි රේන් එකට ඔයාව ගහගෙන ගියාද නුවරට? කියලා තව කෙනෙක් මෙයාව බයිට් කරලා. කොහොම හරි මේ ටී ශබ්දයේ අවුල ලිහාගන්න ඔහු ගොඩක් මහන්සි වෙනවලු.
Text – Mithra