රජ කෙනෙක් කිව්වම ඔබේ හිතට හැඟෙන්නේ අධිරජලා ගැනයි මහ රජාලා ගැනයිනේ නේද? ඒත් ඉන්දියාවේ නම් අදටත් තවත් රජවරු කොටසක් ජීවත් වෙනවා. ඔවුන් එදා ධනවත්ව හිටියට අදනම් එහෙමකට සල්ලි නැහැ. ඒත් මහ මාලිගානම් තියෙනවා. ඒ මාලිගා ඇතුළේ පැරැණි මුතු මැණික් විතරක් නෙවෙයි ගෘහභාණ්ඩ පවා වටිනා පැරැණි ඒවයි තියෙන්නේ. අද වෙනකොට මේ වගේ මාලිගා නඩත්තු කරගන්න බැරුව ඒවායේ ජීවත් වෙන මහා රාජාවරු ඒ මාලිගා සංචාරක බංගලාවල් විදිහට පාවිච්චි කරන්න ඉඩ දීලා මහා රාජාවරු වෙළඳ භාණ්ඩ බවට පත්වෙලා ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙලා තියෙන බව පේන්න තියෙන කාරණයක්. රජවරු අධි රජවරු මහා රාජාවරුන්ටත් වැඩිය අලුත් රජෙක් ඉන්නවා. ඒ රාජා අබ්‍රෝඩියා. ඔබට අලුත් වචනයක් වෙන්න ඇති සමහරවිට. හරි ඒ ගැන ඔබ හිත හිතා ලතවෙන්න ඕන නැහැ. කතාව මමම කියන්නම්කෝ.
ධනවත් ඉඩම් හිමියකුගේ පුතෙක් ඉන්නවා. නමින් ඔහු රාජා. ඔහුගේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ගමේ ජීවත් වෙන අනිත් පිරිස වගේ කාලය නාස්ති කරමින් ගමේ ජීවත් වෙනවා හැර. මේ රාජාගේ ධනවත් පියා රාජාට සැර පරුෂ කෙනෙක් වුණත් රාජාගේ අම්මා නම් රාජාට ගොඩක් ආදරේ කළා.
රාජා ගමේ ජීවත් වෙන්න අකමැති හින්දා රට යන්න තීරණය කරනවා. ඔහු ගිහිල්ලා වීසා උපදේශකයෙක්ව හම්බවෙන්න යනවා. රාජාට ඇස් අදහගන්න බැරි වෙනවා. සුන්දර රූ සපුවකින් හෙබි තරුණියක්. ඇයගේ නම ප‍්‍රීටි. ඔන්න රාජා ප‍්‍රීටිත් එක්ක බොරැවට විවාහ වුණු බව පෙන්නලා ජර්මනියට යනවා. ඊට පස්සේ රාජා බලාපොරොත්තුවෙන් ඉන්නේ සුදු ජාතික තරුණියක් දපනේ දාගෙන ජර්මනියේම නවතින්නයි. ඒත් ප‍්‍රීටිව හිතෙන් අහක් කරගන්න රාජාට පුළුවන් වෙයිද? ඒ විස්තර දැනගන්න නම් අපිට 2018 මාර්තු 18 වැනිදා තිරගත වුණු ලක්වින්දර් ශබ්ලා අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කළ රාජා අබ්‍රෝඩියා කියන හින්දි සිනමාපටය නරඹන්නට වෙනවා. අබ්‍රෝඩ් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පිට රටටනේ. ඔන්න අලුත්ම රජ කෙනෙක් ගැන මම මුලින්ම කිව්වේ. ඒ තමයි මේ රාජා අබ්‍රෝඩියා කියන රජා. ඉතින් මේ සිනමාපටය ලියලා තියෙන්නේ කවුද කියලත් ඔබ දැනගන්න කැමති ඇතිනේ. ඔව් මේ සිනමාපටය තිර රචනය කරලා තියෙන්නේ මානි මන්ජින්දර් සිං සහ ලක්වින්දර් සිං. පංජාබයෙන් හින්දි සිනමාවට දායාද වුණු සිනමාපටයක් වගේ නේද? මේ රාජාගේ චරිතයට පණ පොවන කෙනා කවුද කියලත් දැන ගන්න අපි කැමතියිනේ නේද? රාජාගේ චරිතයට පණ පොවන්නේ මුම්බායිවල ජීවත් වෙන අඩි 6ක් උසැති අවුරුදු 25ක තරුණයෙක්. ඔහු හින්දි පංජාබ් සහ හර්යාන්වි කියන ඉන්දියාවේ උත්තර්ප‍්‍රදේෂ්හි භාවිත වන භාෂා තුනක්ම දන්න කෙනෙක්. ඔහු ඒ.බී.එස්.එස් කියන නාට්‍ය කණ්ඩායමට අවුරුදු 03ක් සම්බන්ධවෙලා වීදි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ගණනාවකට තමන්ගේ දායකත්වය සපයමින් රංගනය ගැන හැදෑරුව කෙනෙක්. කුරුක්ශේත‍්‍ර විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරලා තියෙන ඔහු වෙළඳ දැන්වීම් රාශියකටම පෙනී හිටිය රොබින් සෝහි. රාජා අබ්‍රෝඩියා කියන්නේ ඔහුගේ දක්ෂතා පෙන්නන ඔහුගේ පළමු සිනමාපටයයි.
ඒ වගේම මේ සිනමාපටයහි ප‍්‍රීටිගේ චරිතයට පණ පොවන්නෙත් හින්දි සිනමාවට අලුත් කෙනෙක්. ඇය නමින් වෛශ්නාවී පට්වර්ධන්. පූනේවල ඉපදුණු වෛශ්නාවී පූනේවල ඩී. ඊ. එස් නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අතර ඇය 2015 දී මිස් අර්ත් තරගය සඳහා ඉදිරිපත් වී ප්‍රථම ස්ථානය ලබා ගෙන තියෙනවා. වින්ස්ටන් චර්චිල්ගේ ආදර්ශ පාඨයකට තමයි ඇය ගොඩාක්ම කැමති කියලත් දැනගන්න තියෙනවා. වී මේක් අ ලිවින් බයි වට් වී ගෙට්, බට් වී මේක් අ ලයිෆ් බයි වට් වී ගිව් කියන ආදර්ශ පාඨය ඇය තමන්ගේ ජීවන මාර්ගෝපදේශය කරගෙන ඉන්නේ කියලා ඉන්දියාවේ මාධ්‍යවල සටහන් කරලා තියෙනවා.
රාජා අබ්‍රෝඩියා හින්දි සිනමාපටයහි හැරී වර්මා, අභිෂේක් සිං, ඔල්ගු හොෆ්මාන්, අලන්ක‍්‍රිටා බෝරා, යෝග‍්‍රාජ් සිං කියන නළු නිළියනුත් විවිධ චරිත සඳහා පණ පොවලා තියෙනවා. මුඛ්තාර් සහෝතා තමයි මේ සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ.
මේ සිනමාපටයහි තියෙන සුන්දර ගිතයන්හි පද රචනා කරලා තියෙන්නේ ශම්මි ජලන්ධරි, යාද්වින්දර් පම්මා, සහ ජසීම් ශර්මා විසින් වන අතර ඒ ගී පදමාලාවන්ට පණ පොවන්න තමන්ගේ මිහිරි මන්මත් කරවන හඬ මුසු කරලා තියෙන්නේ සන්හිතා මජුම්දර්, ශෙරි ඛාන්, කරන් ජුනේජා, නිතින් කුමාර්, සිම්රන් කොවුර් සහ ෆෙරෝස් ඛාන් කියන් ගායක ගායිකාවන් විසින්. මේ සිනමාපටය රූගතකිරීම් සිදු කරලා තියෙන්නේ ඉන්දියාවේ පංජාබ්වල සහ ජර්මනියේදී බවත් කියන ගමන් අදට සමුගන්නම් ලබන සතියේත් නැවත් හමුවෙන බලාපොරොත්තුවෙන්.
► Translation — Chandana Waravitage