රැයක් තරම්ම
දුරද ආදරය
කඳුළක් තරම්ම
සීතලද ඒ වැස්ස
සඳ සමුගන්න පෙර
මට කියන්න
හීන යායක ඉගිල්ලෙන්නේ
කොහොමද මම
ජීවිතේ මහ කන්ද
තව දුරයි
නුඹ කියන ආදරේ
විඳගන්නෙ මම කොහොම
තාරුකා ඉකිබිඳින
අහස යට මම ලියන
මගෙ කවියෙ සොඳුරුතම
අවසාන කවි පදය
නුඹම මිස කවුරුන්ද?
saara