2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

ඇහැරනොවෙන්නට නින්දක්
ඉල්ලන මගෙ ඇස් පාමුල
හීන අරන් හෙමින් ඇවිත්
ඔබ සැතපෙන්න
රෑ තුන් යම මගෙ ළඟ ඉන්න....

ආදරයේ මල් පොහොට්ටු
හෙමින් හෙමින් දෑස් හරින
හිරුට අයිති උදෑසනක
ඔබ පැමිණෙන්න
සුළඟ ලෙසින් ගත දැවටෙන්න

නිල් තරු කැට දෑස් වසන
සීතල රෑ අඳුරු අහසේ 
පාළු වලාවක් තුරුලේ
ගිමන් හරින්න
වැස්ස වෙසින් ඇහේ කඳුළු බිමට හෙලන්න

අහස සිඹින ගිරි මුදුනත
සඟවා දෙහදක සෙනෙහස
මගේම වූ හෙට දවසට
නෑවිත් ඉන්න
මට හිමි නැති නුඹේ මතක අරගෙන යන්න

 

Saara