2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කුකුල් මස් - බාේතල් ලව් - ඉලව්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78
පංජාබ් කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද?
හිසට තලප්පාවක් බැඳගත්ත මුහුණ පුරා රැවුල වවා ගත්ත හැඩි දැඩි සිරුරු තියෙන පිරිමි වගේම සුන්දර රූ සපු වලින් සැරසුණු සුන්දර ලලනාවන් ඔබට මතක් වෙනවා ඇති. ඒ වගෙම තමයි මේ පංජාබ්වල කට්ටිය ආහාර බොහොම ගොඩාක් අනුභව කරන්න උපන් හපන්නු වගේම සිරුරේ කායික ශක්තිය ගැනත්  ගොඩාක් හිතනවා.
 
 ආහාර ගනිද්දී ඔවුන්ගේ කෑමවේලට කුකුල් මස් නම් වරදින් නැති බව හින්දි සිනමාපටවලින් ඔබ දැක නොතිබෙන්න විදියක් නෑ. අද අපි ඔයාට කියන්න යන්නේ මෙන්න මේ පංජාබ් ප‍්‍රදේශයේ පුද්ගලයෙක් සහ ඉන්දියාවේ පාලකයා විදියට කටයුතු කරන අගමැති උපන් පළාත වන ගුජ‍රාත් ප‍්‍රාන්තයේ පුද්ගලයෙක්ට තම දුවා දරුවන් විවාහ කරදීමට ගොස් සිදුවන අපූරු කතාවක්. මේ සිනමාපටය විකට සිනාමාපටයක් ලෙසින් තමයි තිරගත වෙන්නේ. පටේල් කී පන්ජාබ් ශාදී නමින් තිරගත වන මේ සිනමාපටය ඔබ ප‍්‍රිය කරන ඔබ ආදරය කරන ප‍්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකුගේ රංගනයන්ගෙන් හැඩ ගැන්විලා තියෙනවා.
 
1952 සැප්තැම්බර් 04 වැනිදා උපන් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද රිශී කපූර් මේ සිනමාපටයෙහි ගුග්ගී තන්ඩන් ලෙසින් චරිත නිරූපණය කරනවා. ජනප‍්‍රිය නිළියක් වූ නිතු සිං සමඟින් විවාහ වෙලා ඉන්න රිශී කපූර් ජනප‍්‍රිය සිනමා නළුවෙකු වන රන්බීර් කපූර්ගේ පියා ද වෙනවා. රිශී කපූර්ට කැමති ඔබට මෙන්න මෙ සිනමාපටයනුත් අමතක වෙන්න නම් විදියක් නැහැ.
 
1973-2000, Bobby,  Laila Majnu,  Rafoo Chakkar,  Sargam,  Karz,  Prem Rog,  Nagina,  Honeymoon,  Banjaran,  Heena,  Bol Radha Bol, Khel Khel Mein, Kabhi Kabhie, Hum Kisise Kum Naheen, Badalte Rishtey, Aap Ke Deewane,  Saagar,  1989 Ajooba, Chandni,  Deewana (1992),  Damini - Lightning (1993),  Gurudev (1994), Daraar (1996), Karobaar (2000). Naseeb, Katilon Ke Kaatil, Coolie, Duniya, Sitamgar, Zamana, and Ghar Parivaar.Yeh Hai Jalwa (2002), Hum Tum (2004), Fanaa (2006), Namastey London (2007), Love Aaj Kal (2009),  Patiala House (2010). (2012)  Agneepath
 
ඊළඟට අපි කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිතයක් නිරූපණය කරන තවත් විශිෂ්ට රංගවේදියෙක් ගැනයි. 1950 මැයි 30 වැනිදා ඉපදිලා තියෙන මොහු නළුවෙකු විතරක් නෙවෙයි මේ වනවිට ඉන්දියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෙකුත් වෙනවා. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන රාශියක් දිනා ඇති මොහු නමින් පරේශ් රාවල්. මෙන්න මේ සිනමාපටවල ඔහු කළ රංගනය ඔබට අමතක වෙන්න නම් විදියක් නැහැ. මේ සිනමාපට බලා තියෙනවා නම්....
 
 
Kshana Kshanam (1991), Money (1993), Money Money  (1995), Govinda Govinda (1994),  Rikshavodu (1995),  Bavagaru Bagunnara (1998), Shankar Dada M.B.B.S. (2004), Teen Maar (2011). Naam (1986), Shiva (1990), Mohra (1994), Tamanna (1996), Aitraaz (2004), Table No. 21 (2013) and Zilla Ghaziabad (2013). 
Andaz Apna Apna  (1994),  Chachi 420  (1997), Hera Pheri  (2000),  Nayak  (2001),  Aankhen  (2002),  Awara Paagal Deewana  (2002),  Hungama  (2003),  Hulchul  (2004),  Deewane Huye Paagal  (2005),  Garam Masala (2005),  Phir Hera Pheri  (2006), Golmaal: Fun Unlimited (2006),  Bhagam Bhag (2006),  Bhool Bhulaiyaa  (2007),  Welcome (2007),  Oye Lucky! Lucky Oye!  (2008), Atithi Tum Kab Jaoge? (2010), OMG - Oh My God! (2012)  Welcome Back (2015).
 
 
හස්මුක් පටෙල් (පරේශ් රාවල්) ගුජරාටි පවුලක් වන අතර ඔවුන් බොහෝ සාමකාමී පවුලක් ලෙසින් ජීවත්වෙයි. මස් මාංශ අනුභව නොකරන ආගමට දහමට ළැදිව ඔවුන් ජීවත්වෙයි. ඔහු තමන් වටා ගුජරාතින් පමණක් ජීවත් වෙනවාට කැමැත්තක් දක්වයි. ඔහුගේ වැඩිමල් දියණිය (ජිනාල් බෙලනි) ගුජරාත්වල අයෙක් සමඟින් විවාහ වී සිටින අතර ඔහුගේ බාල දියණිය (පායල් ඝොෂ්)ද ගුජරාත්වල කෙනෙක් සමඟින් විවාහ වෙනවා දැකීමට හස්මුක් කැමැත්තෙන් සිටියි. මේ අතරතුර පංජාබ් ජාතිකයෙක් වන ගුගී තන්ඩන් (රිශී කපූර්) හස්මුක් ගේ නිවස ඉදිරිපිට නිවස මිලදී ගෙන පදිංචියට පැමිණෙන අතර එදා සිට හස්මුක් සහ ගුගී අතර ප‍්‍රශ්න ඇතිවීමට පටන් ගන්නවා.  ගුගී කියන්නේ මත්පැන් බොන මස් මාංශ අනුභව කරන කෙනෙක්. ගුගී ගේ පුතා මොන්ටි (වීර් දාස්) සහ පයල් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. හස්මුක් මොන්ටිගෙන තම දියණිය ඈත් කර තැබීමට උත්සාහ කරන අතර රස පිරුණු සුමිහිරි කොටස් වලින් මේ සිනමාපටය රසවත් වෙලා. ප්ටෙල් කි පංජාබී ශාදී හින්දි සිනමාපටය රසවත් අයුරින්  රසවත් බව වැඩි කරමින් අධ්‍යක්ෂණය කොට ඇත්තේ සංජය චේල් විසින් වන අතර මේ සඳහා නිෂ්පාදනයෙන් දායකත්වය දී ඇත්තේ භාරත් පටෙල් සහ කලපි නග්දා විසින්. සංජය චේල් විසින්ම මේ සිනමාපටයෙහි කතාව ලියා ඇති අතර ලලිත් පණ්ඩිත් සහ උත්තනක් වෝරා ගේ සප්ත ස්වරයන්ගෙන් මෙහි සංගීතය රසවත් කර තියෙනවා. මේ සිනමාපටය අති සාර්ථක ලෙසින් මේ වනවිටත් තිරගත වෙන අතර 2017 සැප්තැම්බර් 15 වැනිදා ලොව පුරා සමගාමීව ප‍්‍රදර්ශනය ඇරඹුවා. මේ සිනමාපටයෙහි ගීතයන්ට පණපොවා ඇත්තේ නේහා කක්කර, ශාන්, පෘත්වි ගෝෂී, ඇතුළු ගායක ගායිකාවන්. 
රිශී කපූර් සහ පරේශ් රාවල  දෙදෙනා එකම සිනමාපටයක චරිත නිරූපණය කරන්නේ වසර 20කට පසුවයි.
 
► Translation — Chandana waravitage