2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

දැහැන

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 03:58 157

මේ දවස්වල උදේට හරිම සීතලයි. නත්තල් සීතල තුඩ තුඩ කටු ඇන්න මතකය තාමත් එහෙමමයි. සීතල කියන්නෙ ඇඟ ගල් ගැහුණට හිත ගල් නොගසන වින්දනීය අත්දැකීමක්. අපි දුරුත්ත පිළිගන්නේ දෙසැම්බරයට දායාද වෙච්ච සොබා දහමේ ඒ හැඟුම් සමුදායත් එක්ක.

ඉතින් ජනේරුව අැවිත්!

ඒත් 2017 එළිපත්තේ ඉඳගෙන මම ඔයාට සුබ අලුත් අවුරැද්දක් කියන්ෙන ෙකාෙහාමද? 
හෘද සාියට එකඟව කතා කරමු 
ෙප්නතෙක් මානයක සුබ සිහිනයක ළකුණක්වත් නැති තරම්
ගෙවිච්ච දවස් තුන්සිය ගණනක් අතීතයට අයිතිවෙලා...
අපේ ජීවිතවල හුඟක්ම තියෙන්නෙ යන එන දේවල්...
ඔයාට ඔයාගෙ ජීවිතේ මුණගැසුණු අපූරැ නීතිවේදියා කවුද?
ආශ්චර්යාත්මකම දේශකයා කවුද?
ඔයාට අලුත් ගුරැගීතයක් කියා දුන් ගුරැවරයා කවුද?
මටනම් ඔය හැම ප්‍රශ්නෙකටම තියෙන්නෙ එකම එක උත්තරයක් 
ඔයාට?
මගේ උත්තරේ මොකක්ද දන්නවද?
ස්වභාව ධර්මය...
තාරැකා සහ මහපොළව අතර ඔයාගෙත් මගෙත් ඉරණම ලියන දෙවියන් ඒ ස්වභාව ධර්මය. 

ඔව් ඒ මැවුම්කාර දෙවියන් තරම් කලාකාරයෙක් ඔයාට කොහෙදිද මුණගැහිලා තියෙන්නෙ. රන්වන් පාට ඉර එළිය, දිලිසෙන තාරැකා, සීතල ෙසෟම්‍ය සඳ එළිය, ගිරි ශිඛර, හිම, පැහැසර පුෂ්පයන්, සිඳු දිය, නීල තුරැ වනස්පති, දීප්තිමත් හැන්දෑවන්, වැස්ස සුළඟ මේ අහස පොළව අතර සියල්ලක්. 

ඒ දෙවියන්ගේ විස්මිත නිමැවුම් 
ඉතින් ජීවිතයෙන් සුන්දරත්වය ගිලිහෙන මොහොතක වුණත් 
මේ සොබාදහම සුන්දරයි 
එයාට ආදරය කළොත් එයත් අපිට ආදරෙයි 
එයාට නපුරැ වුණොත් එයත් නපුරැයි 
ඒ දෙවියන් සමඟ ආදරෙන් ජීවත් වෙන්න 
සෙනෙහසින් ගනුදෙනු කරන්න 
ඔයාට නිසැකයෙන්ම 
ස්නේහයේ අනුහසින් පිරි නිම්නයකදී 
දෙවියන්ගේ ආමන්ත්‍රණය සවන් පුරා ඇසේවි 
එෙහම දවසක අපි අාදරය කරමු 
සුබ අලුත් අවුරුද්දක් ෙකසේෙවතත්  සුබ ෙමාෙහාතක් කියලා කියමු
දවස් හතකින් ඇවිත් යන්නම්. 
 

♦ Sanju