ඔන්න මචෝ ඔයාලට ආතල් සුපිරි එකක් අරගෙන ආවා. මේ දවස්වල ලංකාවේ අංක එකේ Y Trend එක තමයි Beauty Pageant Trend එක. මේ දවස්වල අලුත්ම Global Trend එකක් විදිහටත් Beauty Pageant හඳුන්වන්න පුළුවන්.
ශ්‍රී ලංකාව තුළ මේ සීන් එක නැගලා යන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. සුදාලා දැනටමත් දන්නවා. Miss World Sri Lanka ලෙස තේරී පත්වුණු Anudi Gunasekara ඔන්න පහුගිය දවස්වල 72nd Miss World තරගයට සහභාගි වුණා. ඉන්දියාවේ Hyderabad පැවැත්වුණු මේ තරගාවලියේදී අපේ අනුදිට ලොකු අවධානයක් ලැබුණා. ඒ නිසා මේ ගැන කතාබහ ගොඩක් වැඩි වුණා. මෑත අවුරුදු පහක වගේ ඉඳලා මේ සීන් කෝන් එක ගැන රටේ කතාබහ නිර්මාණය කරන සිදුවීම් ගොඩක් සිද්ධ වුණා. අනං මනං ආතල් කෝටියක් විතර තිබුණා.
ගෝලීය වශයෙන් මේ සීන් එක ගැන කතා කළොත් ඒක වෙනම කතාවක්. Beauty pageants සාම්ප්‍රදායික සුන්දරත්වය අගයන තරගවල ඉඳලා විකාශනය වුණු ආතල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් මචෝ. යුගයේ අවශ්‍යතාවලට අනුගතව වෙනස් වෙමින් රජ කාලෙ ඉඳලා ආපු මේ සීන් එක මේ වෙනකොට වෙනම පිස්සු ආතල් එකක් බවට පත් කරලා තියෙනවා. මේ වෙනකොට Miss Universe වගේ ආයතන සංවිධාන, මව්වරුන්ට සහ Trans කාන්තාවන්ට සහභාගි වීමට ඉඩ ලබා දීලා වෙනම pageants සංස්කෘතියක් නිර්මාණය කරලා.
Beauty pageants වල ප්‍රධාන අවධානය මේ වෙනකොට personality, talent සහ social impact කරා යොමුවීම වෙලා තියෙනවා කියලා තමයි කියැවෙන්නෙ. ඒක සුදූ ජාත්‍යන්තර මට්ටමින් සිදුවෙමින් පවතින ප්‍රගතිශීලී වෙනස්කමක් විදිහට ගොඩක් දෙනෙක් හඳුන්වනවා.
මොකක්ද මේ Beauty Pageant කියන්නෙ? ඇත්තටම කොච්චර කතාබහ කළත් මේක ගැන එච්චර පැහැදිලි දහසක් ලංකාවේ ගොඩක් දෙනෙක්ට තාමත් නෑ. හැබැයි Complicated වෙන්න දෙයක් නෑ මචෝ. මේක හරිම සරලයි. Beauty Pageant කියන්නෙ සුන්දරත්වය, බුද්ධිය, Talent සහ Social Work එකට එකතු කරගෙන කරන තරගයක්. සරල වචනවලින් කිව්වොත්, එක විදිහක මිනිසුන්ගේ සර්වාංගීය ගුණාත්මකභාවය පරීක්ෂා කරන වේදිකාවක්. Miss Universe, Miss World, Miss International, Miss Earth කියලා "Big Four" තියෙනවා. මේවා Global Level ඒවා.
Universe වගේ ප්‍රධාන Pageants වල Outdated Rules වෙනස් කිරීම අද ලෝකයේ ප්‍රධාන Trend එක වෙලා තියෙනවා මචෝ. අම්මලා, කසාද බැඳපු අය සහ LGBTQ+ Community ගේ සාමාජිකයන්ට සහභාගි වෙන්න පුළුවන් අවස්ථා සලසා දීම ඔස්සේ තමා තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඊට වසර ගණනාවකට කලින් Mrs World වගේ තරගාවලි ආරම්භ වෙලා තිබුණා. අපේ ලංකාව නියෝජනය කරමින් රෝසි සේනානායක වගේ අය ඒ තරග ජයග්‍රහණය කරලත් තිබුණා. ඒ කියන්නේ මචෝ අපිත් මේ සීන් කෝන් එකේ සැලකිය යුතු ඉතිහාසයක් තියෙන රටක්.
සුදාලා දන්නවා අපි දැන් ඉන්නෙ Digital Platform Era එකක. Social Media සහ Digital Presence අද Beauty Pageants වල තීරණාත්මක Part එකක්. Multimedia Challenges හරහා Contestants ගේ Reach, Influence සහ Online Engagement පරීක්ෂා කරනවා. අපේ අනුදිත් මේ සීන් එකේදි මේ පාර වැඩ පෙන්නුවා සුදාලා දකින්න ඇති. ඒ කියන්නේ දැන් Tik Tok, Instagram, Facebook ක්‍රියාකාරකම් මේ තරගාවලිය සඳහා විශාල විදිහට බලපෑම් එල්ල කරනවා. ඇත්තටම ලංකාවේ මේ සීන් එක පහුගිය කාලේ ජනප්‍රිය වෙන්න හේතුව උඩින්ම ඒ තත්ත්වයම තමයි.
ලස්සනම කෙනා අවුරුදු කුමරියට තෝරනවා වගේ සරල වැඩක් නෙවෙයි මචෝ දැන් මේක. අද Beauty Queen කෙනෙක් වෙන්න සුන්දර වීම විතරක් නෙවෙයි, සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි නායිකාවක් වීම, Environmental Issues, Education, Women's Rights වගේ Topics ගැන කතා කිරීම සහ තවත් හැකියා ප්‍රදර්ශනය කිරීම අතිශය වැදගත්. සුදාලට ලස්සනට හැඩට හිටපු පලියට ඔටුනු ඔළුවට දාන වැඩක් නෙවෙයි තවදුරටත් මේ සීන් කෝන් එක.
මේ දවස්වල අපේ විෂයක් බවට මේ සීන් එක පත්වෙලා තියෙන නිසා ලංකාවේ Beauty Pageant History එක මඟහැරලා Topic එක කතා කරන්න අමාරුයි. ලංකාවේ Beauty Pageant ඉතිහාසය 1953 වසරේ ආරම්භ වෙනවා. ප්‍රථම සහභාගි වුණේ Miss Ceylon Miss World තරගයට. 1955 වසරේ Maureen Neliya Hingert කොළඹ නගරයෙන් Miss Universe තරගයට සහභාගි වුණු පළමු ශ්‍රී ලාංකිකයා. ඒ කාලේ ඉඳන්ම ලංකාවේ අය මේ සීන් එකට අමුතු කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මචෝ සාම්ප්‍රදායික අදහස් එක්ක ලංකාවේ ගැහැනිය යටපත් වෙලා තිබුණා කිව්වට, ඉතිහාසයේ ඉඳලම රැජනියෝ හිටපු රටක් තමා මේක.
දැන් බලන්න තාමත් අපිට අමතක කරන්න බැරි ලොකුම සංසිද්ධියක් තමයි, Rosy Senanayake 1985 Mrs. World ජයග්‍රහණය කිරීම. අවසානයේ ඇය නතර වුණේ කොළඹ නගරාධිපති වෙලා. ඒ වගේම ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන Jacqueline Fernandez වගේ බොලිවුඩයේ ප්‍රකට චරිත නිර්මාණය වෙන්නෙත් මේ සීන් එක නිසා.
ඕනෑම දේක හොඳ නරක දෙපැත්තක් කතා කරන්න පුළුවන්. මේ සීන් එකේ වැදගත්කම වටිනාකම පැහැදිලි කරගන්න එක මේ වෙලාවේ අපිට වැදගත් වෙනවා. කාන්තා සවිබල ගැන්වීම මේ ඔස්සේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මචෝ මේ මොහොතේ ලෝකය තුළ Beauty Pageants කාන්තාවන්ට ජාත්‍යන්තර වේදිකාවක් ලබා දෙනවා. සමාජ ගැටලු සම්බන්ධව කතා කිරීමට අවස්ථාව ලබා දෙනවා. මේ ඔස්සේ ගොඩක් කාන්තාවන් Powerful Voices බවට පත්වෙනවා දැකගන්න පුළුවන්. දැන් ඔයාලට මතක් වෙන්න ඕනෑ අපේ අනුදි කරපු කතාව.
ලෝකය පුරා කාන්තාවන්ගේ Leadership සංවර්ධනය මෙතැන ඉතාම වැදගත්. ලෝකයේ වැඩිපුරම නායකත්වයට පත් කරගෙන ඉන්නේ පිරිමි. ඒ නිසාම ලෝකය සමබර තැනක් බවට පත් කරන්න මේ අවශ්‍යතාව ඇත්තටම මතුවෙලා තියෙනවා. Public Speaking, Confidence Building සහ Social Work වගේ Areas ප්‍රගතිය ලබාගන්න Beauty Pageants හොඳ Platform එකක්. මේ Skills Life Long ගත වෙන්න පුළුවන්.
ඊළඟට මචෝ විවිධ රටවල්, සංස්කෘතීන් සහ ජන වර්ගවල සාමාජිකයන් එකට එකතු කරලා ගෝලීය වශයෙන් Cultural Understanding වැඩි කරන්නත් මේ තරග ලොකු දායකත්වයක් සපයනවා. ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි මේ වෙනකොට ලෝකය පුරා ගොඩක් Pageants වලින් Education Scholarships සහ Career Opportunities ලබා දෙනවා. ඉතින් කතා නොකරම බැරි දේ තමයි මූල්‍ය වාසි සහ මේක වටේ නිර්මාණය වෙලා තියෙන ආර්ථිකය. ඒක හරිම ලොකු එකක්. Brand Collaborations, Sponsorships වගේ Income Sources ගොඩක් මේ සීන් එක පිටිපස්සේ තියෙනවා. එහෙම නැතුව මේවා පවත්වන්නත් බෑ. එහෙම නැතුව මේ වගේ දේවල් මෙච්චර අවධානයක් සහිතව පවතින්නෙත් නෑ.
හැබැයි මචෝ ඕනෑම දෙයක් ගැන හොඳ වගේම විවේචනත් ලෝකය පුරා තියෙනවා. මේ සීන් එක ගැනත් එහෙමයි. Objectification කියන්නේ මෙහි බරපතළ ගැටලුවක්. Beauty Pageants කාන්තාවන් සඳහා Harmful Beauty Standards නිර්මාණය කිරීම තමා ඒ ඔස්සේ නිර්මාණය වන ප්‍රධානතම විවේචනය මචෝ. කාන්තාවන් Objects ලෙස සැලකීමේ අවදානමක් සමහර Pageants නිසා සිද්ධ වෙනවා. ලංකාවෙත් මේවාට නම් දරාගෙන චරිත විදියට රඟ දක්වන සමහර අය නිසා එහෙම දේවල් සිද්ධවෙන බවට හැඟීමක් ගොඩක් දෙනෙක්ට තියෙනවා.
මේ වෙනකොට ලෝකයේ තියෙන තවත් බරපතළම කතාවක් තමා Unrealistic Beauty Standards. සමාජයේ Unrealistic Beauty Expectations ප්‍රවර්ධනය කිරීම Young Generation කෙරෙහි negative Psychological Impact ඇති කරන බවට මතයක් තියෙනවා මචෝ. Body Shaming, Eating Disorders වගේ Problems ලෝකය පුරා නිර්මාණය වෙන්නත් මේ තරගාවලිය බලපාලා තියෙනවා. සුදාලා පිළිගත්තත් නැතත් ඒක විශ්වාස කරන්න පුළුවන් සත්‍යයක්.
Commercial Exploitation කියන්නෙත් තවත් බරපතළ කතාවක්. Miss USA සහ Miss Teen USA ඇතුළේ මෑත කාලීනව Resignation Controversy වගේ සිදුවීම් Pageant Industry වල Commercial Exploitation පැත්ත හෙළිදරව් කිරීම් සිද්ධ වුණා. මේ සම්බන්ධවත් ලෝකය පුරා ලොකු විවේචනයක් තියෙනවා.
Pageant Preparation සඳහා ගොඩක් මුදල් වැය වෙනවා කියන එක හංගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා ඇත්තටම මේවා සාමාන්‍ය මිනිසුන්ගේ තරග විදිහට හඳුන්වන්න ටිකක් අමාරුයි. මේවා එක්තරා පන්තියක එක්තරා කණ්ඩායමක විනෝදයක් විදිහට සමහරු හඳුන්වන්නෙ ඒ නිසා. අනිත් පැත්තෙන් Competition Stress සහ Public Scrutiny Contestants වල Mental Health කෙරෙහි Negative Impact ඇති කරනවා කියන අදහසක් මේ වෙනකොට සමාජ ගතවෙලා තියෙනවා.
Beauty Pageants ගැන Simple හරි වැරදි Judgment එකක් දීම අමාරුයි මචෝ. ඒවා Complex Social Phenomena. ධනාත්මක වෙනස්කම් සිදුවෙමින් තිබුණත්, Fundamental ගැටලු තවමත් පවතිනවා. හොඳයි කියන දේවල්වල නරක පැත්තත් නරකයි කියන දේවල්වල හොඳ පැත්තත් මේ ඔස්සේ පේන්න තියෙනවා.
ලංකාවේ Beauty Pageant උනන්දුව වැඩිවීම Positive Development එකක් විදිහට අපිට අරගන්න පුළුවන්. නමුත් සුදෝ ඒ සමඟම Realistic Expectations සහ Balanced Approach අපිට අවශ්‍යයි. එහෙම වුණොත් තමයි මේ වැඩේ ඇත්තටම ලස්සන දෙයක් බවට පත් වෙන්නෙ.
• චමිඳු නිසල් ද සිල්වා