සුදාලා සමාජ මාධ්‍ය පැත්තේ කරක් ගහනවා නම් දැනටමත් Threads ගැන අහලා ඇති. නැත්නම් දැකලා ඇති. විශේෂයෙන්ම Instagram පැත්තේ සැරිසරන අය දැනටමත් මේ ගැන දන්නවා. ඇත්තටම මචෝ Threads තවත් සමාජ මාධ්‍යයක්. ලංකාවේ අයත් දැන් මේ සීන් එක ඇතුළේ ඉන්නවා.
මචෝ, මේ Threads කියන එක තමයි දැන් Digital ලෝකයේ Social Media වල සුපිරිම Y Trend එක! සරලවම මේ මොකක්ද කියලා කියනවනම් Meta සමාගම නැත්නම් Facebook එක නිර්මාණය කරපු අලුත් Social Media Platform එක තමා මේක. මෙච්චර කාලයක් Meta එකට අල්ලගන්න බැරිවුණු පිරිසක් අල්ලගන්න තමා මේ අලුත්ම සමාජ මාධ්‍ය නිර්මාණය කරලා තියෙන්නෙ. වැඩේ ටික කාලයක් ඇතුළත බොහොම සාර්ථක වුණා.
මේ සීන් කෝන් එක පටන් ගත්තේ 2023 ජූලි 5 වැනි දින දේශීය වශයෙන්. Threads භාවිත කරන්න Instagram ගිණුමක් අවශ්‍ය වෙනවා. ඇත්තටම කිව්වොත් මේ සීන් එක ක්‍රියාත්මක වෙන්නේ එය Instagram සමඟ එකට මචෝ.
ආරම්භයේදී, Threads යෙදුම ඉතා වේගයෙන් ජනප්‍රියතාවයට පත්වුණා. ආරම්භයේ මුල් දින පහ තුළම පරිශීලකයන් මිලියන 100 ක් ලබා ගැනීමට සමත් වුණේ වාර්තා පිට වාර්තා තියලා. ChatGPT විසින් මීට පෙර තියලා තිබුණු වාර්තාවක් බිඳ හෙලමින් ඉතා වේගයෙන් වර්ධනය වූ පාරිභෝගික මෘදුකාංග යෙදුම බවට අවසානයේ Threads පත්වුණා. 2025 ජනවාරි වන විට, Threads හි මාසික සක්‍රිය පරිශීලකයන් මිලියන 300 ඉක්මවා ඇතැයි සමාගම වාර්තා කරනවා. මචෝ මේක වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය Trend එක කියලා අපි කිව්වේ ඒකයි සුදෝ.
ඇත්තටම කියනවනම් මේක Twitter එකට විකල්පයක් විදියට හදපු යෙදුමක්. Threads කියන්නේ Twitter (දැන් X) එකේ විකල්පයක් වශයෙන් Meta සමාගම හඳුන්වා දුන් සමාජ ජාල යෙදුමක් කියන එක ලෝකයට රහසක් නෙවෙයි. Threads හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වුණේ Twitter එකට විකල්පයක් ලබාදීම. Meta සමාගම මේකට තීරණය ගත්තේ හරිම සුවිශේෂී මොහොතක. ඒ Twitter සමාජ ජාලය X ලෙස වෙනස් වුණු වෙලාවේ. එලොන් මක්ස් තමා ඒ වැඩේ කළේ. කොහොම වුණත් ඒ වෙනස්වීම් නිසා පරිශීලකයන්ට ඇතිවූ අභියෝග හමුවේ Meta එක ටක් ගාලා විකල්පයක් දුන්නා. ඒ තමා මචෝ Threads එක.
Threads එකේ තියෙන විශේෂාංග මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. සුදාලාට කියන්න Twitter (X) වගේම, මෙතනත් කෙටි සටහන්, ඡායාරූප, වීඩියෝ වගේ දේවල් පළ කරන්න පුළුවන්. පරිශීලකයන්ට තමන් කැමති Feed හදන්න පුළුවන්, ගැටලුවක් නෑ. ඒ වගේම ප්‍රතිචාර සීමා කිරීමට හෝ තෝරාගත් පරිශීලකයන්ට පමණක් ප්‍රතිචාර දැක්විය හැකි වෙන්න විකල්ප මේ සීන් එක ඇතුළේ ලබා දීලා තියෙනවා.
Threads එක ඉස්සර Twitter එකේ සම්පූර්ණ විකල්පයක් විදිහට එළියට ආවත්, දැන් මචෝ විශේෂාංග වැඩි කරමින්, වෙනත් සමාජ මාධ්‍ය ජාලවලට හොඳම තරගකරුවෙක් වෙමින් මේ සීන් එක එළියට එමින් ඉන්නවා.
කොහොමද මේ වැඩ කරන්නේ? අනිත් එව්වට වඩා මේ සීන් එක වෙනස්ද? ඇත්තටම මචෝ කියන තරම් ලොකු වෙනසක් නෑ. සාමාන්‍යයෙන් Post එකක Text එකට අකුරු 500 ක් දාන්න මේකේ හැකියාව තියෙනවා. රූප, වීඩියෝ ඔක්කොම එක්ක දාන්නත් පුළුවන්. අවශ්‍ය නම් පිළිතුරු සීමා කළ හැකිවීම කියලා කියන්නේ මේකේ තියෙන විශේෂත්වයක්. Twitter වගේ නෙවෙයි තේරුමක් නැති විවාද හෝ අසභ්‍ය සටහන්වලට විරුද්ධව වැඩ කරන්න මේකේ අවස්ථා ගොඩක් තියෙනවා.
ඒ නිසා මචෝ සමාජ මාධ්‍ය ගැන ප්‍රවීණයන් විදිහට ගොඩක් වෙලාවට අඩු ප්‍රචණ්ඩත්වයක් පවත්වාගෙන තරමක් සාමකාමී සමාජ ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වීමට Threads උත්සාහ කරනවා. ඒකම තමයි මේ සමාජ මාධ්‍ය අනිත් සමාජ මාධ්‍යවලින් වෙනස් වෙන්න ලොකුම හේතුව බවට පත්වෙන්නෙ. මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් මේකේ ඇතුළේ තියෙන බව දැනට පේන්න තියෙනවා. ඒ වගේම කලාකාමී නිර්මාණාත්මක ගතියකුත් මේකේ ඇතුළේ දැකගන්න පුළුවන්.
Content Creates ලා වගේම Celebrities ලා Politicians ලා මේ සමාජ මාධ්‍යයට එක්වෙමින් ඉන්නවා. Threads සමාජ මාධ්‍ය පරිශීලකයෝ අතර මෙච්චර ජනප්‍රිය වෙන්න ඒකත් ලොකු හේතුවක්. පහසු communication වගේම Meta සමාගමේ trustworthy platform සහ නවීන tech solutions මේ අලුත්ම සමාජ ජාලයත් එක්ක බැඳිලා තිබීම මේකෙ Modern look එක වැඩි කරනවා සුදෝ. ඒ වගේම මේ සීන් එකේ Interpace එකත් ටිකක් දැක්කම ආකර්ෂණය හිතෙන විදිහේ එකක්.
Instagram එක්ක direct link වෙලා තියෙන එක ඇත්තටම ටිකක් අමුතු වගේම ආතල් වැඩක් විදිහට දකින්න පුළුවන්. Threads එක Instagram එක්ක එකට ඈඳන්න හේතු වෙච්ච කාරණා කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන් මචෝ. පරිශීලක පදනම පුළුල් කිරීම කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. Instagram හි විශාල පරිශීලක පදනම Threads වෙත ආකර්ෂණය කිරීමෙන් නව යෙදුම වේගවත්ව වර්ධනය වෙයි කියලා මේක හදපු අය බලාපොරොත්තු වුණා මචෝ. ඒ වගේම ඒක ඒ විදිහටම සිද්ධ වුණා.
පරිශීලක අත්දැකීම වැඩිදියුණු කිරීමත් තමන්ගේ බලාපොරොත්තුවක් කියලා Meta එක කියලා තියෙනවා. ඒ කියන්නේ සුදෝ Instagram සහThreads අතර සම්බන්ධතාවය නිසා, පරිශීලකයන්ට දෙවැනි යෙදුමක් භාවිත කරන්න සහ තවත් අමතර සේවා භාවිත කරන්න එකම පසුබිමක් ඇතුළේ අවස්ථාව උදා කරලා දෙන එකට.
ඔයා තවමත් මේ සීන් කෝන් එක අත්හදා බලලා නැත්නම් Instagram ඉන්නවනම් මේ ටික දැනගන්නම ඕනෑ. Threads සහ Instagram අතර සම්බන්ධය ටිකක් ලොකු සීන් කෝන් එකක්. මේ සමාජ මාධ්‍ය වේදිකා දෙකේම ගිණුම් සම්බන්ධතාවයේ ලොකු සමානකමක් තියෙනවා. අපි කලිනුත් කිව්වා වගේ පළවෙනිම දේ තමා Threads ගිණුමක් සෑදීම සඳහා Instagram ගිණුමක් අවශ්‍ය වෙන එක. ඊළඟට පරිශීලකයන්ට ඔවුන්ගේ Instagram පරිශීලක Name එක, Profile, Covers සහ අනෙකුත් තොරතුරු Threads වෙත Auto Upload වෙන්න සලස්වන්න පුළුවන්. ඒ කියන්නෙ අමුතු මහන්සියක් නැතුව ගිණුමක් හදාගන්න පුළුවන්.
අනිත් සීන් කෝන් එක තමයි Instagram හි Fallow කරන පරිශීලකයන් Threads එකෙත් Fallow කරන්න පුළුවන් වෙන එක. ඒ නිසාම ලොකු මහන්සියක් නැතුව අලුත් සම්බන්ධතා ජාලයක් ගොඩනගාගෙන යහළු මිත්‍රයන් ගොඩක් එකතු කරගන්න මේකෙදි පුළුවන්. දැන් දැනගන්න ලැබෙන විදිහට මචෝ Instagram හි අදහස් (comments) Threads වෙත බෙදාගැනීමේ හැකියාවක් ඉදිරියේදී ලබා දෙන්න මේ සීන් එකේ නිර්මාතෘවරු බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ සැලකිය යුතු පිරිසකුත් දැන් මේ සීන් එකට එකතු වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට තමන්ගේ අදහස් පළ කිරීම සහ නිර්මාණ ඉදිරිපත් කිරීම තමා මේ සීන් එක ඇතුළේ සිද්ධ වෙන්නෙ. ගොඩක් දෙනෙක් සිංහල භාෂාවෙන්ම තමන්ගේ අදහස් පළ කරනවා දැකගන්න පුළුවන්. ඒ වගේම ලෝක මට්ටමෙන් දේශපාලන අදහස් උදහස් පළ කරන්නත් මේකම භාවිත වන අවස්ථා දැන් දැන් දැකගන්න පුළුවන්. කොහොම වුණත් සීන් කෝන් එක පටන් අරගෙන තාමත් ගොඩ කාලයක් නැති හින්දා, ඇත්තටම මේක මොනවගේ පාරක ගමන් කරයිද කියන කාරණාව හරියටම කියන්න අපිට බැහැ.
ඒ කොහොම වුණත් Threads තමයි දැන් digital communication එකේ නව trend එක. මේක තමුන්ගේ ideas, experiences සහ thoughts share කරන්න පුළුවන් අලුත්ම තැනක්. කාලය නාස්ති කරගන්නේ නැතුව Experience කරලා බලන්න කැමති අයට මේ සීන් එක වරදක් නැහැ. ඉදිරි කාලේ මේක තවත් දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා! අනිවාර්‌යෙන්ම කෘත්‍රිම බුද්ධිය වගේම තවත් පහසුකම් ගොඩක් එක්ක මේ සීන් එක ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත අපේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ව ආක්‍රමණය කරාවි. හොඳම ආතල් එක තමයි මේ සීන් කෝන් එක පිටිපස්සේ යටි අරමුණක් තියෙන බවත් ඒක තාමත් එළියට පේන්නෙ නැති බවත් සීන් එක හොයලා බලන අයට පැහැදිලි වීම.
• චමිඳු නිසල්