2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

33 වසරක් නර්තනයට කළ මෙහෙවර වෙනුවෙන් දයානි පතිරණ හේමදාස නර්තනවේදිනියට ගෞරව ප්‍රණාම සම්මානයක්!

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 100

පසුගිය 8 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ International dance festival හිදී ප්‍රවීණ නර්තන ශිල්පිනී දයානි පතිරණ හේමදාස කලාවේදිනියට මැලේසියාව සහ ශ්‍රී ලංකාවේ නර්තන කලාව වෙනුවෙන් කරනු ලැබූ සේවය විශේෂයෙන්ම පුරා වසර 33 ක විදේශීය රටක නොමිලේ සිදු කළ සේවය අගයමින් ගෞරව ප්‍රණාම සම්මානය පුද කළහ. කලා ක්ෂේත්‍රයේ දැවැන්ත ශිල්පීන් රැසක් සහ විද්වතුන් ඉදිරියේ ඇය එම සම්මානයෙන් පිදුම් ලැබීය.

එම අවස්ථාව ලබාදුන් ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ ශූරීන් සහ දායක වූ සැමටත්, විශේෂ ආරාධිත අමුත්තන්ටත්, සහභාගි වූ සැමටත්, මේ තාක් දුර ඈ ආ ගමන් මඟේ උදව් කළ සැමටත් තම ගෞරව පූර්ව ස්තූතිය පුද කළ ඇය අනාගතයේදීත් නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන්නීය.